
Richardson Holdings සමූහයට අයත් Richardson Projects සමාගම, Axalta පව්ඩර් ආවරණ (Powder Coating) අමුද්රව්ය සඳහා නිල දේශීය නියෝජිතයා සහ බෙදාහරින්නා බවට පත්ව තිබේ. Axalta යනු, ලොව පුරා රටවල් 140 කට අධික සංඛ්යාවක පාරිභෝගිකයන් 100,000 කට අධික පිරිසකට පව්ඩර් ආවරණ තාක්ෂණය සපයන ලොව ප්රමුඛයා වේ. කොළඹ ITC Ratnadipa හෝටලයේ පසුගියදා පැවති විශේෂ උත්සවයකදී මෙම හවුල්කාරිත්වය ප්රකාශයට පත් කරන ලදී.
Richardson Projects සමාගම, ශ්රී ලංකාවේ වාස්තුවිද්යා සහ කාර්මික අංශ සඳහා ඉහළ ප්රමිතියෙන් යුතු, තාක්ෂණික වශයෙන් සහතික ලත් පව්ඩර් ආවරණ විසඳුම් සැපයීමේ විශ්වසනීය නාමයකි. මෙම හවුල්කාරිත්වය, විශ්වාසය සහ අත්දැකීම් සම්භාරය මත ශ්රී ලංකාවේ ආවරණ ආලේප ක්ෂේත්රයේ දශක දෙකකට අධික කාලයක් එම සමාගම ආ ගමන්මගේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරයි.
නිෂ්පාදකයන් විශාල පිරිසක් දේශීය වෙළෙඳපොළට පිවිසීමත් සමග මෙරට පව්ඩර් ආවරණ වෙළෙඳපොළේ තරගකාරිත්වය ඉහළ යමින් පවතින මොහොතක මෙම හවුල්කාරිත්වයට එළඹීම විශේෂත්වයකි. දේශීය පව්ඩර් ආවරණ හවුල්කරු ලෙසAxalta සන්නාමය තෝරා ගැනීමට ගත් තීරණයෙන්, මිල හෝ නිෂ්පාදනය මත පමණක් තරගයට මුහුණ දීමෙන් බැහැරව පාරිභෝගිකයන් සමග දිගුකාලීන සබඳතා ගොඩනගා ගැනීම සඳහා Richardson Projects සමාගම සතු දැක්ම මනාව නිරූපණය කෙරේ.
‘ශක්තිමත් ගෝලීය සන්නාමයකට දොරගුළු විවර කළ හැකියි. කෙසේ වෙතත් දේශීයව පාරිභෝගික විශ්වාසය ගොඩ නැගෙන්නේ, කැපවුණු සහයෝගය සහ විශ්වසනීය සේවා පිරිනැමීම මගිනුයි. බෙදාහරින්නකුගේ සැබෑ හැකියාව මැනිය හැක්කේ නිෂ්පාදනය ළඟා වූ පසුව ඔවුන් ලබා දෙන සේවාව, රැකවරණය සහ මෙහෙයුම් විශිෂ්ටත්වය මතයි. ගෝලීය ආවරණ ආලේප සම්බන්ධවAxalta සමාගම සතු වසර 150 කට අධික විශේෂඥ දැනුම සහ දේශීය සබඳතා සහ තාක්ෂණික අංශය පිළිබඳ Richardson සමාගම සතු දශක දෙකකට අධික අත්දැකීම් ඒකාබද්ධ කිරීමෙන් පාරිභෝගිකයාට ඉහළම ප්රමිතියෙන් යුතු සේවාවක් සැලසීම අපගේ අරමුණයි,” යනුවෙන් Richardson Holdings සමූහයේ කළමනාකාර අධ්යක්ෂ නස්රී නිසාර් මහතා සඳහන් කළේය.
ගෝලීය ප්රමිති දේශීය දැනුම සමග මුසු කරමින් Richardson Projects සමාගමAxalta සන්නාමයේ විශ්වසනීය දේශීය පව්ඩර් ආවරණ හවුල්කරු ලෙස කටයුතු කරනු ඇත.
Axalta Coating Systems (ME) LLC සමාගමේ කාර්මික මැදපෙරදිග සහ අප්රිකානු අංශයේ බටහිර සහ මධ්යම ආසියානු කලාපයේ ව්යාපාරික අධ්යක්ෂ ෆ්රෑන්ක් ඩ හ්වාන් මහතා ද මෙම හවුල්කාරිත්වය පිළිබඳ අදහස් පළ කළේය. Axalta යනු, පව්ඩර් ආවරණ ක්ෂේත්රයේ පමණක් දශක හයකට අධික අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියන සමාගමක්. එමෙන්ම අප දශක ගණනක පටන් තාක්ෂණික සහ ආයෝජන සිදුකර තිබෙනවා.
Richardson සමාගම ශ්රී ලංකාව තුළ හිමිකර ගෙන තිබෙන කීර්ති නාමය මෙන්ම එය සතු තාක්ෂණික හැකියාව සහ ඉදිකිරීම් හා කාර්මික ක්ෂේත්ර පිළිබඳ ඇති අවබෝධය හේතුවෙන් ශ්රී ලාංකේය වෙළෙඳපොළේ එම සමාගම අපට ශක්තියක්වනු ඇති බව අපට පෙනී ගියා. Axalta තාක්ෂණය, විශේෂඥ දැනුම සහ ගෝලීය ප්රමිතිය රට පුරා වෙසෙන පාරිභෝගිකයන් අතරට ගෙන යාම සඳහා Richardson සමූහය සමග සමීපව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වනවා.”
සම්ප්රදායික සන්නාම පරිවර්තනයකින් ඔබ්බට යමින් මෙම පත්කිරීම, ශ්රී ලංකාවේ යළි පණ ලබා ඇති කර්මාන්ත ක්රියාකාරකම් හමුවේ ඉදිකිරීම් සහ දේපොළ සංවර්ධන අංශය තුළ පවතින ව්යාපෘති ප්රමාණයට සහ ප්රමිතියෙන් ඉහළ අමුද්රව්ය සඳහා ඇති ඉල්ලුමට මුහුණ දීමේ ක්රමෝපායික පියවරක් ලෙස හැඳින්විය හැකිය. දිගුකාලීන වාස්තුවිද්යාත්මක ව්යාපෘති සඳහා අවශ්ය පාරජම්බුල කිරණවලට ඔරොත්තු දීමේ, දිස්නය පවත්වා ගැනීමේ සහ මල බැඳීමෙන් ආරක්ෂා කිරීමේ හැකියාවAxalta පව්ඩර් ආවරණ මගින් වාස්තු ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරු ශිල්පීන්, යාන්ත්රික ශිල්පීන් සහ ආලේපකයන්ට හිමිකර දෙයි.
නිෂ්පාදන අලෙවිය සහ බෙදාහැරීමට අමතරව, Axalta පව්ඩර් ආවරණ සඳහා ‘අනුමත ආලේපක‘ තත්වය දේශීය ආලේපකයන්ට ලබා දීම සඳහා ද Richardson Projects සමාගම කටයුතු කරයි. එමගින්, එම ආලේපකයන් ව්යාපෘති සඳහා ටෙන්ඩර් අයදුම් කිරීමේදී ඔවුන්ට අමතර වගකීම් කාලයක් සහ තරගකාරී බවක් හිමිකර දෙයි. තවද, ආවරණ ආලේපයේ ප්රමිතිය සහ අඛණ්ඩතාව පවත්වා ගැනීම සඳහා ආලේපකයන්ට ගැටලු හඳුනා ගනිමින් ඒවාට අවශ්ය පියවර ගැනීමට සහයෝගය ලබා දීමට ද එම සමාගමේ තාක්ෂණික කණ්ඩායම කටයුතු කරයි.
”ශ්රී ලාංකේය පව්ඩර් ආවරණ ක්ෂේත්රයේ දශක දෙකක කාලයක් පුරා විශ්වාසය ගොඩනගාගෙන සිටින අපට මෙම හවුල්කාරිත්වය නැවුම් ආරම්භයක් සනිටුහන් කරනවා. අප පාරිභෝගිකයාට පිරිනමන ඉහළ ප්රමිතිය සමගAxalta ගෝලීය තාක්ෂණය මනාව සංකලනය කරමින් ශ්රී ලාංකේය ඉදිකිරීම් සහ ඇලුමිනියම් කර්මාන්තවල අනාගතය සුබවාදී කිරීම සඳහා කටයුතු කිරීමට අප අපේක්ෂා කරනවා,” යනුවෙන් Richardson Projects සමාගමේ ප්රධාන විධායක නිලධාරී ප්රදීප් කහවලගේ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd