
Nutanix තාක්ෂණයෙන් බලගැන්වෙනSLT-MOBITEL Enterprise Premium Cloud හඳුන්වා දීමේ අවස්ථාවට එක් වූ SLT-MOBITEL හි ප්‍රධාන විධායක නිලධාරී රියාස් රෂීඩ් මහතා සහ Nutanix උප සභාපති (විකුණුම් - දකුණු ආසියානු කලාපය) ෆයිස් ශකර්
Sri Lanka Telecom PLC සමාගමේ ව්‍යවසාය සේවා අංශය වන SLT-MOBITEL Enterprise විසින් මෑතකදී Nutanix තාක්ෂණයෙන් බලගැන්වෙනSLT-MOBITEL Enterprise Premium Cloud හඳුන්වා දෙන ලදි. පසුගියදා කොළඹ ITC Ratnadipa හිදී පැවති Lanka Tech Summit 2026 හිදී මෙම හඳුන්වාදීම සිදුකෙරිණි.
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවල ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට සහය වීමේ අරමුණින් Premium Cloud නිර්මාණය කර ඇත. එය මෙරට ව්‍යාපාරවලට තම තොරතුරු තාක්ෂණ පහසුකම් වැඩිදියුණු කරගැනීමටත්, ව්‍යාපාරයේ වඩාත්ම තීරණාත්මක මෙහෙයුම් කටයුතු ශක්තිමත් කරගැනීමටත්, විශ්වාසයෙන් යුතුව AI තාක්ෂණික විසඳුම් භාවිතයට ගැනීමටත් අවස්ථාව සලසා දෙයි. මෙම සේවාව Hybrid multi-cloud පසුබිමක් තුළ ව්‍යාපාරයක නම්‍යශීලීතාවත්, ව්‍යාපාරික කාර්යසාධනයත් එක්තැන් කරයි. එමගින් ව්‍යාපාරවලට වඩාත් කාර්යක්ෂම ලෙස ආපදා ප්‍රතිසාධනය සිදු කිරීමටත්, බාධාවකින් තොරව තම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමටත් හැකියාව ලැබේ.
මෙය SLT-MOBITEL Enterprise හඳුන්වා දී ඇති multi-cloud සේවාවන්හි තවත් වැදගත් සන්ධිස්ථානයකි. මෙරට ව්‍යාපාරවලට දිනෙන් දින ඩිජිටල්කරණය වන ආර්ථිකයක් තුළ තරගකාරීව ඉදිරියට යාමට උපකාරී වන නවීන, සුරක්ෂිත සහ අනාගත අභියෝගවලට ගැළපෙන විසඳුම් හඳුන්වා දීම සඳහා SLT-MOBITEL Enterprise දක්වන උනන්දුව හා කැපවීම මෙමගින් මැනැවින් පිළිබිඹු වේ.
මෙම හඳුන්වාදීමේ තවත් එක් විශේෂත්වයක් වන්නේ, මෙම කලාපයේ Nutanix Elevate Service Provider Program (NESPP) වෙත සම්බන්ධ වන ප්‍රථම සේවා සපයන්නා SLT-MOBITEL Enterprise වීමය. මෙය ජාත්‍යන්තරව පිළිගත් cloud තාක්ෂණයන් සහ විශිෂ්ටතම ක්‍රමවේද මෙරටට හඳුන්වා දීම සඳහා SLT-MOBITEL Enterprise දරන උත්සාහයේ තවත් සාර්ථක ප්‍රතිඵලයකි.
Hybrid multicloud computing ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයකු වන Nutanix හි තාක්ෂණයෙන් බලගැන්වෙන මෙම සේවාවල යටිතල පහසුකම් කළමනාකරණය සරල කරන ඒකාබද්ධ cloud වේදිකාවක් මත ගොඩනංවා ඇති අතර, ව්‍යාපාර ස්ථාන, පොදු cloud පහසුකම් edge locations අතර යෙදුම් සහ දත්ත බාධාවකින් තොරව මාරු කිරීමට අවස්ථාව ලබාදෙයි. මෙය ජාත්‍යන්තර cloud තාක්ෂණික නවෝත්පාදන දේශීය විශේෂඥ දැනුම හා සහාය සමග ඒකාබද්ධ කරමින් SLT-MOBITEL Enterprise හි multi-cloud සේවා එකතුව තවදුරටත් ශක්තිමත් කරන පියවරකි. එමගින් ව්‍යාපාරවලට වඩාත් ශක්තිමත්, ආරක්ෂිත සහ ඉහළ කාර්යසාධනයකින් යුත් cloud තාක්ෂණික පහසුකම් හිමි වේ.
SLT-MOBITEL හි Tier III data centre යටිතල පහසුකම් තුළ ස්ථාපිත කර ඇති Premium Cloud ඉහළම තලයේ ආරක්ෂාවක්, විශ්වාසනීයත්වයක් සහ නම්‍යශීලීතාවක් සහතික කරමින්, ව්‍යාපාරවලට මුහුණ දීමට සිදුවන තොරතුරු තාක්ෂණික බාධා සහ අභියෝග අවම කරයි. එමෙන්ම ව්‍යාපාරය දියුණු වීමට සමගාමීව මෙම පහසුකම් තවදුරටත් පුළුල් කිරීමේ හැකියාව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd