කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත


TIN අංකය ලබා ගැනීම හා එය ලබා ගැනීමේ ඇති වැදගත්කම පිළිබඳව බෙන්තොට ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඌරගස්මංහන්දිය, කුඩා ඌරගහ ශ්‍රී ක්ෂේත්‍රාරාම විහාරස්ථානයේදී පැවැත්විණ.

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්.ඒ. ජනහිත මහතාගේ උපදෙස් පරිදි බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ විදාතා සම්පත් මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණ.

මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් එරන්ද කොඩිතුවක්කු මහතා එක්ව සිටියේය.

මෙහිදී බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් රන්තොටුවිල, මාලවල, ඉහළමාලවල, කොටුව බැන්දහේන, කුඩා ඌරගහ, මහ ඌරගහ, දෙල්කබලගොඩ, හිපන්වත්ත යන ග්‍රාම නිලධාරී වසම් අටේ ජනතාව දැනුම්වත් කෙරිණ.

මේ අවස්ථාවට කුඩා ඌරගහ සීවලී හිමි, ප්‍රාදේශීය සභා මන්ත්‍රී තිලක් උපුල් චමින්ද මහතා ඇතුළු ප්‍රදේශවාසීහු සහභාගි වී සිටියහ.
කුඩා ඌරගහ ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරී ධනුෂ්ක සම්පත් විජේසුන්දර මහතා විසින් මේ වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදී.