
ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශයට සාපේක්ෂව දෙගුණයක්
ව්යාපාරික විදුලි ගාස්තුව අතින් ආසියාවේ අඩුම ලංකාවේ
ආසියානු කලාපයේ ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය හා සැසඳීමේදී ඉහළම ගෘහස්ත විදුලි ගාස්තුවක් පවතින රට බවට ලංකාව පත්ව තිබෙන බව වාර්තා වෙයි.
කොටස් තැරැව්කාර ආයතනයක් වන SenFin Securities පසුගියදා නිකුත් ‘Senfin _ Sri Lanka Electricity Generation Review’ තුළ මෙම කරුණු ඇතුළත්ව තිබේ.
මෙම වාර්තාවට අනුව ලංකාව තුළ ගෘහස්ත පරිභෝජනය සඳහා වන එක් කිලෝවොට් පැයක් සඳහා සිල්ලර විදුලි මිලෙහි සාමාන්යය එක්සත් ජනපද ඩොලර් 0.116 කි.
කෙසේ වෙතත් ඉන්දියාවේ මෙය එක්සත් ජනපද ඩොලර් 0.077 ක් වන අතර, පාකිස්තානය සහ බංග්ලාදේශය තුළ එය පිළිවෙළින් එක්සත් ජනපද ඩොලර් 0.064ක් සහ 0.062 ක් ලෙස සටහන්ව තිබේ.
මේ අතර ලෝක සාමාන්ය අනුව ගත් විට ශ්රී ලංකාවේ ගෘහස්ත විදුලි ගාස්තුව අඩු මට්ටමක පවතින බවත් මෙම වාර්තාව පවසයි. ගෘහස්ත විදුලි ගාස්තුවෙහි ලෝක සාමාන්යය එක්සත් ජනපද ඩොලර් 0.174 කි.
මෙම වාර්තාවට අනුව ව්යාපාරික විදුලි ගාස්තුව අතරින් ශ්රී ලංකාව ආසියාවේ මෙන්ම ලෝකයේද පහළම තැන පසුවෙයි. ශ්රී ලංකාවේ කිලෝවොට් පැයක් සඳහා සිල්ලර විදුලි මිලෙහි සාමාන්යය එක්සත් ජනපද ඩොලර් 0.091 කි.
කෙසේ වෙතත් ඉන්දියාවේ මෙය ඩොලර් 0.123ක්, පාකිස්තානයේ ඩොලර් 0.154ක් සහ බංග්ලාදේශයේ ඩොලර් 0.100ක් වෙයි. ලෝක සාමාන්ය අනුව ගත් විට එය ඩොලර් 0.164 කි.
“මෙලෙස ආසියාවේ අඩුම ව්යාපාරික විදුලි බිලක් පවතින රට ලෙස ශ්රී ලංකාවේ අපනයනකරුවන්ට එය තරගකාරී වාසියක් බවටත් පත් කර තිබෙනවා.“SenFin Securities පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd