වසර 10 කට පසුව ශ්රී ලංකාව වෙත ගුවන් මෙහෙයුම් අරඹයි
Boeing 777-200ER මාදිලියේ BA2045 යානය පෙරවරැවේ පැමිණෙයි
බ්රිතාන්ය ගුවන් සේවය (British Airways) වසර 10කට පසුව ශ්රී ලංකාව වෙත සිය ඍජු ගුවන් මෙහෙයුම් යළිත් ආරම්භ කරමින් හෙට (24) දිනයේදී මංගල ගුවන් යානය ලන්ඩන් නුවර ගැට්වික් ගුවන් තොටුපොළේ සිට මෙරට වෙත පැමිණීමට නියමිතව තිබේ.
BA2045 දරන Boeing 777-200ER මාදිලියට අයත් මෙම ගුවන් යානය පෙර පෙරවරු 8.35ට කොළඹ බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත අතර, එම යානය සහ එහි පැමිණෙන සංචාරකයන් පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක්ද ගුවන් තොටුපොළේ සංවිධානය කෙරී තිබේ.
මෙලෙස පැමිණෙන බ්රිතාන්ය ගුවන් සේවයේ මෙරට ප්රධාන විකුණුම් නිලධරී (GSA) ලෙස හේලීස් සමුහයට අයත් Advantis-Aviation Services කටයුතු කරයි. මෙරටට ක්රියාත්මකAir India ගුවන් සේවයට අමතරව, අලුතින් ආරම්භ කළ Jetstar Asia සහ Vietnam Airlines යන ගුවන් සේවාවලද මෙරට ප්රධාන අලෙවි නියෝජිතයා වන්නේද හේලිස් සමූහයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd