
කරන්දෙණිය එම්. සුසිල් ප්රියන්ත
අම්බලන්ගොඩ සරසි කම්පියුටර් හවුස් ගැන අද ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්ය. ඒ අම්බලන්ගොඩින් පටන්ගත් මේ ආයතනයේ ශාඛා ලංකාව පුරාම ව්යාප්තවීමත් එම ආයතනය ලංකාවේ ප්රධාන සම්මාන උළෙලවල්වලදී සම්මානයට පාත්රවීමත් සමගමය. අම්බලන්ගොඩ සරසි කොම්පියුටර් හවුස් ගැන ලංකාවම දනිතත් එම ආයතනය වත්මන් තත්වයට ගෙන ඒමට එහි නිර්මාතෘ ප්රියශාන්ත ද සිල්වා මහතා ගත් උත්සාහය හා කැපවීම ලංකාවේ කී දෙනෙක් දනිත් දැයි අපි නොදනිමු.
අම්බලන්ගොඩ සරසි පරිගණක හවුස් ආයතනයේ ඒ නොදන්න කතාව අලුතින් ව්යාපාරයක් ආරම්භ කිරීමට සෑදී පැහැදී ඉන්නා අයට මහඟු අත්වැලකි.
ප්රියශාන්තගේ උපන් ගම බලපිටියයි. ඔහු උපන්නේ සාමාන්ය පවුලකය. ගියේද ගමේ පාසලටය. ගෙව්වේද දුෂ්කර දිවිපෙවතකි. ප්රියශාන්ත සිය ව්යාපාරයෙන් ජීවිතය ජය ගැනීමට දරූ වෑයම නම් ප්රිය එකන් නම් නොවූවේය. එය ඉතා අප්රිය එකක්වුවත්, අද ප්රියශාන්ත එය සිහිකරනුයේ ප්රිය සිතකිනි.
ප්රියශාන්ත ද සිල්වා පාසලට සමුදීමෙන් පසු ඔහුට අවශ්යවූයේ මේ රටේ දැවැන්ත චරිතයක්වී ඒ තුළින් ජීවිතය ජය ගැනීමය. ඔහු කම්පියුටර් විෂය හැදෑරුවේය. ඒ ඔස්සේ ජීවිතය ජයගත හැකි ආකාරය ගැන සැලසුම් කළේය.
ඒ 2005 වප් මස 15 වැනිදාය. ඒ අම්බලන්ගොඩදීය. කුලියට ගත් කුඩා ගොඩනැගිල්ලකය. එම ස්ථානය ප්රියශාන්ත නම් කර තිබුණේ සරසි කම්පියුටර් හවුස් ලෙසය.
සරසි කම්පියුටර් හවුස් ආයතනයට එන සෑම දෙනාම ප්රියශාන්ත පිළිගත්තේ පියකරු සිනහවකිනි. එන සෑම පාරිභෝගිකයකුටම ප්රියශාන්ත ප්රිය අයුරින් කතා කළේය. එමෙන්ම තමා ළඟට අවශ්යතාවක් සඳහා පැමිණි පාරිභෝගිකයන්ට ප්රියම වූ සේවාවක් ලබා දුන්නේය. තමා ළඟට එන පාරිභෝගිකයාට තියලා යන්න පස්සේ එන්න යයි ඔහු නොකීය. පාරිභෝගිකයා ඉදිරියේම ඔහුගේ අවශ්යතාව ඉටුකර දුන්නේය. සමහර දිනවලදී ඔහුට ඒ වෙනුවෙන් මධ්යම රාත්රියද පසු කරන්නට පවා සිදු විය. කෑම බීමටද වෙලාවක් නොවීය.
ප්රියශාන්තගේ හැදියාවද ඔහුගේ කර්මාන්තය ජය ගැනීමට ප්රබලම හේතුවක් නොවුණාම නොවේ. මේ කරුණු කාරණා සියල්ලත් සමග ප්රියශාන්තට පරිගණක කර්මාන්තයේ ලොකු ගමනක් යාමේ පෙර නිමිති පහළ වෙමින් තිබුණේය. ඒ සමගම ඔහු තමාගේ කර්මාන්තයේ දියුණුවට අවශ්ය අමතර දැනුම තවත් ළංකර ගත්තේය. වැඩ වැඩි විය. ඒ එක්කම ඔහුට තමාගේ කුඩා කාමරය මේ සඳහා කෙසේවත් ප්රමාණ්වත් නොවන බව තේරුණේය.
ඔහු එම කුඩා කාමරයට ආයුබෝවන් කියා පහසුකම් සහිත අලුත් නවාතැනකට සිය ආයතනය ගෙන ගියේය. එන වැඩ තමාට තනිවම කරගත නොහැකි යයි ප්රියශාන්තට සිතුණේය. ඒ අනුව සේවක, සේවිකාවන්ද අලුතින් බඳවා ගත්තේය.
මේ සමගම ප්රියශාන්ත කම්පියුටර් අංශයේම තවත් අංශ කිහිපයකටම අත ගැසුවේය. ඒත් එක්කම අම්බලන්ගොඩ එක ශාඛාවක් ප්රමාණවත් නොවීය. තවත් අලුත් තැනක තමාගේ ව්යාපාරික ජාලය ආරම්භ කළේය.
කම්පියුටර් අලුත්වැඩියා කිරීමට අමතරව අවශ්ය අයට අලුතින් කම්පියුටර් මිලදී ගැනීමටද හැකි පරිදි සිය ව්යාපාරය පුළුල් කළේය. එයින් ද නොනැවතුණු ඔහු සී.සී.ටී.වී. කැමරා පද්ධති සැපයීමට, ඒවා අලුත්වැවැඩියා කිරීමට මෙන්ම, එම පද්ධති සවිකර දීමේ සේවාවද සිය ආයතනවල ආරම්භ කළේය.
සරසි කම්පියුටර් හවුස් ආයතනයෙන් සේවා ලබා ගැනීමට ලංකාවේ නන්දෙසින් පාරිභෝගිකයන් පැමිණීමට පටන් ගත්තේය. මේ ගැන සිතූ ප්රියශාන්ත සිය ව්යාපාරික ජාලය ලංකාව පුරාම ව්යාප්ත කිරීමට පටන් ගත්තේය. ඒ අනුව එදා කුඩා කුලී කාමරයකින් ආරම්භ කෙරුණු අම්බලන්ගොඩ සරසි කම්පියුටර් හවුස් හි ශාඛා අද ලංකාව පුරාම විහිදෙමින් පවතී. මේ වනවිට එම ආයතනයේ ශාඛා ලංකාවේ ප්රධාන නගර දහයක ස්ථාපිත කර හමාරය. තවත් ශාඛා කිහිපයක් ඉදිරියේදී අනෙක් නගරවලද විවෘත කිරීමට නියමිතය.
මේ සමගම සරසි කම්පියුටර් හවුස් සොයා ගෙන ලංකාවේ ප්රසිද්ධ සම්මාන උළෙලවල සංවිධායකයෝ ආහ. එයට හොඳම උදාහරණය මේ වසරේ කොළඹ ටාජ් සමුද්රා හෝටලයේ ඒෂියන් මිරකල් ජාතික සම්මාන උළලේදී ප්රියශාන්තගේ කොම්පියිටර් හවුස් ආයතනයට ලංකාවේ හොඳම සී.සී.ටී.වී. කැමරා සපයන්නා ලෙස සම්මානයෙන් පුද ලැබීමයි.
තමාගේ මේ දැවැන්ත ව්යාපාර ජයග්රහණය පිළිබඳව අදහස් දැක්වූ ප්රියශාන්ත ද සිල්වා මහතා ඒ සම්බන්ධයෙන් මෙසේ කීවේය.
ඉතාමත් සීමිත සම්පත් ප්රමාණයකින් තමයි මම මුලදී මේ ව්යපාරයට ආවේ. එසේ වුවද අසීමිත විශ්වාසය සහ දැඩි අධිෂ්ඨානය ඒ පියවරෙහි ශක්තිමත් ගමනක් යාමට මට හැකි වුණා. මුල් පුරුක අඛණ්ඩ කැපවීම, අවංකත්වය සහ දුර දිග බැලූ දෘෂ්ටිය නිසාවෙන්ම පමණක් නොව පාරිභෝගිකයාට හොඳම තත්වයේ උපකරණ සාධාරණ මිලට ලබාදීමේ ප්රතිපත්තියම නිසා සහ මේ වන විට ‘‘සරසි ව්යාපාර සමූහය’’ දීපව්යාප්ත ව්යාපාරයක් බවට පත්ව තිබෙනවා. මේ වනවිට සරසි කොම්පියුටර් හවුස් අම්බලන්ගොඩ නගරයේ ශාඛා හතරක්ද, නුවර, කොට්ටාව, මතුගම ආදී නගරවල ශාඛා ද සමගින් ව්යාප්තව තිබෙනවා.
ඒ විතරක්ම නොව භාණ්ඩ සපයන අලෙවි නියෝජිතයන් 250 කට ආසන්නව කටයුතු කරන ආයතනයක් බවට ද අද සරසි ආයතනය පත්ව තිබෙනවා. Sarasi Computer House, Sarasi Security Solution, CCTV Galle Technology, Best Laptop Arcade E-tech Solution, Sarasi Online Store ලෙස සරසි ආයතනය අද දිවයින පුරා ව්යප්ත ව්යාපාර ජාලයක් බවට පත්ව ඇති බව කියන්නේ ඉතාමත් සතුටින්. එපමණකින් නොනැවතී 2015 වර්ෂයේදී CCTV සහ ආරක්ෂක පද්ධති, නවීන තාක්ෂණික විසදුම් ආදී විවිධ සේවා ඔස්සේ ද , CCTV සවි කරන්නන් සඳහා අලෙවි ව්යාපාරය 2020 වර්ෂයේදී ආරම්භ කරමින් එම ව්යාපාර ක්ෂේත්රය ආක්රමණය කර තිබෙනවා.
තවද ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කාර්යාලය, ලීඩ්ස් ජාත්යන්තර පාසල් ජාලය, Galle face හෝටල් ජාලය, සියත TV ආයතනය, සේව් ගුණසේකර උකස් මධ්යස්ථාන 100 ක සහ සතොස, cargills, DJ trading, IOC ඉන්ධන පිරවුම් හල්, ග්රාමීය බැංකු ආදී ආයතනවල CCTV සවි කිරීම් ඇතුළු ව්යාපෘති 6000 කට අධික ගණනක් අති සාර්ථකව නිමා කර ඇති ලංකාවේ අංක එකේ CCTV ආයතනය බවට සරසි කම්පියුටර් ආයතනය ගරු බුහුමන් ලබනවා. 2021 වර්ෂයේ සිට අඛණ්ඩව මේ දක්වා CCTV ලංකාවේ අංක එකේ අලෙවිකරු ලෙසත් 2021 වර්ෂයේ සිට අඛණ්ඩව සිංගර් ශ්රී ලංකා සමාගමේ අංක එකේ CCTV අලෙවි නියෝජිත ලෙසත්, 2024-2025 වර්ෂවල ලංකාවේ හොඳම CCTV service provider ලෙස peoples pinacle සම්මානය ද හිමි කර ගත්තේද අපියි. සරසි ව්යාපාර සමූහ ජාලයේම සාර්ථකත්වයේ සංකේතය තමයි නිසි පුහුණුවෙන්, නිවැරදි මග පෙන්වීමෙන් යෞවන පරපුරට නව රැකියා අවස්ථා ලබා දෙමින් සමාජ වගකීම ද නිසි ලෙස ඉටු කිරීමයි.
අද සරසි කමිපියුටර් හවුස් ආයතනය සරසි සමූහ ව්යාපාරක් දක්වා විශාල ප්රගතියක් ලබා තිබේ. ඊට උදක්ම බලපා ඇත්තේ එහි නිර්මාතෘ ප්රියශාන්ත ද සිල්වා නායකත්වය, ශක්තිමත් කළමනාකරණය, උසස් පුහුණුව ලත් කාර්ය මණ්ඩලය, පාරිභෝගිකයාට ලැබෙන සේවාවේ ගුණාත්මකභාවය, වෘත්තීයභාවය සහ විශ්වාසය එලෙසම රැක ගැනීමයි. සරසි ව්යාපාර සමූහය කලාපීය මෙන්ම ජාතික මට්ටමින් විශ්වාසය දිනා ගත් තාක්ෂණික සේවා සන්නාමයක් බවට අද පත්ව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd