
මෙරට පාරිභෝගිකයන් අතර පවතින විශ්වාසය අඛණ්ඩව සිව්වැනි මාසයටත් වැඩිවීමක් පෙන්නුම් කරමින් සැප්තැම්බර් මාසයේදීද ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි පර්‌යේෂණ ආයතනයක් වන Prosoft Research and Insights පවසයි.
ඒ අනුව මෙම විශ්වාසය පිළිබඳ දර්ශකය අගෝස්තු මාසයේ පැවැති දර්ශකාංක 81 සිට සැප්තැම්බර් මාසයේදී 85ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සිය සමීක්ෂණය වෙත ප්‍රතිචාර දැක්වූවන් 200 දෙනකුගේ නියැදියක් සමගින් මෙම ආයතනය මාසිකව මෙම පාරිභෝගික විශ්වාසය පිළිබඳ සමීක්ෂණය සිදු කරයි.
ඒ අනුව 2025 අවසානයේදී සහ 2026 ආරම්භයේදී නිරීක්ෂණය වූ උච්චාවචනයන්ගෙන් පසුව, පාරිභෝගික විශ්වාසය පසුගිය මාස කිහිපය තුළ සාපේක්ෂ ස්ථාවරත්වයකට පැමිණ තිබෙන බව මෙම අඛණ්ඩ දියුණුව මගින් පෙන්නුම් කරන බවත් එම ආයතනය සඳහන් කරයි.
විශේෂයෙන්ම මෙම පුළුල් ස්ථාවරත්වය පාරිභෝගික මිලදී ගැනීමේ හැසිරීම්වලින් ද පිළිබිඹු වන අතර, වියදම් රටා තුළ වැඩි ස්ථාවරත්වයක් ඇතිවීමේ සලකුණුද මතුවෙමින් පවතින බවත් පවසයි.
කෙසේ වෙතත්, පිරිවැය - කල්පනාකාරී හැසිරීම් සහ අත්‍යවශ්‍ය නොවන වියදම් අඩු කිරීම පාරිභෝගිකයන් සඳහා වැදගත් සලකා බැලීම් ලෙස හඳුනාගෙන තිබේ.
එසේම සමස්තයක් වශයෙන් ගත් විට සාප්පු හිමියන් පරෙස්සමෙන් සිදු කරන මූල්‍යකරණය හරහා ආර්ථික පීඩනය ගළපමින් ගමන් කිරිමට උත්සාහ දරමින් සිටින අතරේදී, සමස්ත වෙළඳපොළ විශ්වාසය ක්‍රමයෙන් වැඩිදියුණු වන බව මෙම දත්තවලින් පෙනී යන බවත් එම ආයතනය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd