කැබ් රථයක මිල රුපියල් 4,785,000/- ක්
නිමල කොඩිතුවක්කු
ශ්රී ලංකා පොලිසියේ රාජකාරි කටයුතු සඳහා ආනයනය කරන ලද සිංගල් කැබ් රථ 200ක් දේශීය වෙළෙඳපොළෙන් මිල දී ගැනීම පිණිස 2026-02-23 දින පැවති අමාත්ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, ජාතික තරගකාරී ප්රසම්පාදන ක්රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 07ක් ඉදිරිපත් වී ඇත.
එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූල ප්රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Diesel and Motor Engineering PLC වෙතින් එක් සිංගල් කැබ් රථයක් රුපියල් 4,785,000/- ක (එකතු කළ අගය මත බදු රහිත) මිලකට සිංගල් කැබ් රථ (TATA YODHA PICKUP) 200ක් මිල දී ගැනීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd