ශ්රී ලංකා මහ බැංකුව සහ ස්වකීය ව්යාපාරය පාර්ශ්වික වශයෙන් හෝ පූර්ණ වශයෙන් ණයට දීම හෝ ණයට ගැනීම සිදු කරන මූල්ය ආයතන, රාජ්ය ණය කළමනාකරණ පනතේ රාජ්ය ව්යවසාය යන අර්ථ දැක්වීමට ඇතුළත් නොවේ
නිමල කොඩිතුවක්කු
2024 අංක 33 දරන රාජ්ය ණය කළමනාකරණ පනතේ විධිවිධාන අනුව මුල්ය ආයතන සඳහා වන ණය අවදා නම් තක්සේරු කිරීමේ ක්රමවේදය අනුගමනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.
2024 අංක 33 දරන රාජ්ය ණය කළමනාකරණ පනතේ විධිවිධාන අනුව රාජ්ය ව්යවසාය සඳහා රජයේ ණය ඇපකර හෝ උපණය ලබා දීම සම්බන්ධයෙන් අවදානම තක්සේරු කිරීම පිණිස රාජ්ය ණය කළමනාකරණ කාර්යාලය විසින් සකස් කළ ණය අවදානම් තක්සේරු කිරීමේ ක්රමවේදය සඳහා මීට පෙර අමාත්ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත. ශ්රී ලංකා මහ බැංකුව සහ ස්වකීය ව්යාපාරය පාර්ශ්වික වශයෙන් හෝ පූර්ණ වශයෙන් ණයට දීම හෝ ණයට ගැනීම සිදු කරන මූල්ය ආයතන, රාජ්ය ණය කළමනාකරණ පනතේ රාජ්ය ව්යවසාය යන අර්ථ දැක්වීමට ඇතුළත් නොවේ. එබැවින්, එම ආයතනවල සුවිශේෂී ස්වභාවය, ඉහළ මට්ටමේ ණය මූල්ය කරණය, ද්රවශීලතා හා වෙළෙඳපොළ අවදානම්, නියාමන අවශ්යතා සහ ඒවායේ විභව පද්ධතිමය වැදගත්කම සැලකිල්ලට ගෙන, රජයේ ඇපකර හෝ උපණය ලබා දීම සම්බන්ධයෙන් එකී ආයතනවල ණය අවදානම තක්සේරු කිරීම පිණිස යෝග්ය ක්රමවේදයක් සකස් කිරීමේ අවශ්යතාව හඳුනා ගනු ලැබ ඇත.
ශ්රී ලංකාවේ ක්රියාත්මක වන බලයලත් ණය ශ්රේණිගත කිරීමේ ආයතන විසින් මූල්ය ආයතන වෙනුවෙන් ලබා දී ඇති ණය ශ්රේණිගත කිරීම් අදාළ කර ගනිමින්, රාජ්ය ණය කළමනාකරණ කාර්යාලය විසින් මූල්ය ආයතන සඳහා වන ණය අවදානම් තක්සේරු කිරීමේ ක්රමවේදය සකස් කරනු ලැබ තිබේ. ඒ අනුව, ශ්රී ලංකාවේ මුල්ය ආයතන සම්බන්ධයෙන් ණය අවදා නම් තක් සේරු කිරීම සඳහා එකී ක්රමවේදය අනුගමනය කිරීම පිණිස මුදල්, ක්රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd