කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත


AEMI Campus මගින් සංවිධානය කළ Asia Popular Grand Award 2026  සම්මාන උළෙල 2026 බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණ. එම සම්මාන උළෙලේදී ව්‍යාපාර අංශයේ ආරක්ෂක සේවා සපයන්නා කොටසේ ලංකාවේ හොඳම ආරක්ෂක සේවා සපයන්නා ලෙස හික්කඩුවේ සහ කොට්ටාවේ ආරක්ෂක සේවා කාර්යාල පවත්වාගෙන යනු ලබන ෆොර්වඩ් ගාඩ් ආරක්ෂක සේවා පෞද්ගලික සමාගම සම්මාන දිනා ගත්තේය.

සිය ආරක්ෂක සේවා ආයතනයට සම්මානයක් ලැබීම මහත් ගෞරවයක් බව ෆොර්වඩ් ගාඩ් ආරක්ෂක සේවා පෞද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂ චතුරාන් සංජීව මහතා කීය. මේ ඒ මහතා එම සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වූ අවස්ථාවයි.