විෂ් ෆර්ටිලිටි රෝහල ජාතික ඵලදායිතා සම්මාන 2025/26 උළෙලේදී සේවා අංශය - මධ්‍ය පරිමාණ  කාණ්ඩය යටතේ තෙවන ස්ථානය දිනාගන්නා ලදී.

මෙම ජයග්‍රහණය ආයතනයේ කාර්යක්ෂමතාව ගුණාත්මක සේවාව, කැපවීම සහ අඛණ්ඩව විශිෂ්ටත්වය කරා යාමේ අධිෂ්ඨානය වෙනුවෙන් ලැබුණු ජාතික ඇගයීමක් බව එම ආයතනය සඳහන් කරයි.

මෙම සම්මානය හුදෙක් සම්මානයක් ලෙස නොව, සමස්ත කණ්ඩායමේ එකමුතුකම, කැපවීම, වෘත්තීයභාවය සහ නොපසුබට උත්සාහය පිළිබඳ සුවිශේෂ සාක්ෂියක් බව එම ආයතනයේ සභාපතිවරයා කියයි. මෙම ජයග්‍රහණය වෙනුවෙන්  කැපවීමෙන් කටයුතු කළ සියලුම වෛද්‍යවරුන්ට,  හෙද කාර්ය මණ්ඩලයට, කළමනාකාරීත්වයට සහ සියලුම සේවක මහත්ම මහත්මීන්ට ස්තුතිය හා ගෞරවය පුද කරන බවද ඔහු කියයි.

මෙය තවත් ඉහළ ජයග්‍රහණ කරා යන ගමනේ ආරම්භයක් බවද එම ආයතනය සඳහන් කරයි.