
ලංකා වාණිජ මණ්ඩලය (Ceylon Chamber of Commerce) මගින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව 2026 (Sri Lanka Economics & Investment Summit 2026) අද (12) පෙරවරුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී ආරම්භවිමට නියමිතය.
දෙදිනක් පුරා පැවැත්වෙන මෙම සමුළුව සඳහා ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරික නායකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ ජාත්‍යන්තර විශේඥයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වෙති. මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රමුඛතා සහ ආයෝජන අපේක්ෂා සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බව ලංකා වාණිජ මණ්ඩලය පවසයි.
මෙවර සමුළුවේ තේමාව වන්නේ “වෙනස්වන ගෝලීය ආර්ථිකය තුළ ශ්‍රී ලංකාව ස්ථානගත කිරිම: දරාගැනීම, ප්‍රතිසංස්කරණ සහ අනාගත ආර්ථික ප්‍රතිපත්ති“ යන්නයි. ඒ අනුව මෙවර සමුළුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේ මීළග අදියර සම්බන්ධයෙන් අවධානය යොමු කෙරේ.
එහිදී ස්ථායිතාවෙන් ඔබ්බට ගිය තිරසාර සංවර්ධනයක්, ආයෝජන ආකර්ෂණයක්, ශක්තිමත් කලාපීය වෙළෙඳ සබඳතාවක් සහ ආර්ථික ක්‍රියාකාරකම්වල නව ප්‍රභව සංවර්ධනයද ඊට ඇතුළත් වෙයි.
මෙවර සමුළුවේ ප්‍රධාන දේශන අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉන්දියාවේ රිලයන්ස් කන්සියුමර් ප්‍රඩක්ට්ස් ලිමිටඩ්හි ප්‍රධාන විධායක නිලධාරී ටී. ක්‍රිෂ්නකුමාර් යන දෙපළ විසින් සිදු කිරිමට නියමිතව ඇත. ඒ අනුව ජනපතිවරයාගේ සහ අගමැතිවරියගේ සහභාගිත්වය මෙම සමුළුවේ ඇති වැදගත්කම පෙන්වන බවත් ලංකා වාණිජ මණ්ඩලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd