සෞදි අරාබියේ ආරක්ෂාව සම්බන්ධ මෑතකාලීන සිදුවීම් සහ එහි ආරක්ෂක තත්වය හේතුවෙන්, සෞදි අරාබියේ දම්මාම් නුවර සහ කොළඹ අතර ක්‍රියාත්මක වන සියලු‍ම ගුවන් ගමන් 2026 ඔක්තෝබර් 18 දින දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රීලංකන් ගුවන් සේවය දැනුම් දෙයි.

සිය මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය සෑමවිටම ප්‍රමුඛත්වය ලබා දෙන අතර, පවතින තත්වය වාණිජ ගුවන් ගමන් සේවා සඳහා සුදුසු බවට තහවුරු වූ වහාම එම ගුවන් ගමන් නැවත ආරම්භ කෙරෙන බවද ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කරයි.