හම සුදු කරගන්න ගිහින් කසාදයත් කැඩිලා
තම සිරුරේ උපන් පැහැය වෙනස් කරගෙන පැහැපත් කාන්තාවක් ලෙස උජාරුවෙන් සිටි, වයස අවුරුදු 60 ට ආසන්න කාන්තාවකට ඇයගේ “දෙවැනි විවාහය” සිදු වුණු පළමු දිනයේම අකරතැබ්බයකට මුහුණ දීමට සිදු වීමෙන්, පොළොව පලාගෙන යන්නට තරම් ඇතිවුණු ලැජ්ජාවෙන් කල් ගෙවන පුවතක් රජරට පළාතේ කැබිතිගොල්ලෑවට නුදුරු ගමකින් අසන්නට ලැබුණි.
දැන ගැනීමට ලැබුණු සිද්ධිය මෙසේය.
උපතින්ම කළු පැහැති සමකට උරුමකම් කියපු ඇය, පළමු විවාහයෙන් වෙන් වී තනිවම නිවසක වාසය කළාය. ජැන්ඩියට හැඳ පැලඳගෙන, හිසකෙස් ක