පොඩ්ඩන් ඇසුරේ නැළවෙන ලොක්කාගේ කැරැට්ටුව සොක්කා එළිකරලා ලොක්කාගේ කැරැට්ටුව සොක්කා ඉදිරියේ සැමන් මාළු කෑල්ලකින් හෙළි වූ පුවතක් රජරට පෙදෙසට අයත් එච් 04. මහවැලි ජනපදයට අයත් ගම්මානයකින් අසන්නට ලැබුණි. 27 June 2023
අනවසරෙන් කොස් ගස් කපා නම්බුව රැකගන්න පින්කම් කරලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ පොලිසියට යාබද ඉඩමේ කොස්ගස් දෙකක් කපා හෙලීමට බලපත්‍ර ලබා ගෙන තවත් ගසක් අනවසරයෙන් කපා ඉඩමි හිමියා බිල්ලට දී සිය නම්බුව ආරක්ෂා කර ගැනීමට ලක්ෂ ගණනක් වියදම් කර පිංකම් කළ අපූරු මුදලාලි කෙනකු පිළිබඳ කතාවක් ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ. 27 June 2023
බිරිය මියගිය සැමියා ෙරා්හලේ සිටියදී නෑඹුල් මනාලියයි දෑවැද්දයි අතුරුදන් බිරිය මියගිය සැමියා රෝගාතුරව රෝහල් ගතව ප්‍රතිකාර ලබා නිවසට එනවිට ඔහුගේ දෙවැනි විවාහක තරුණ බිරිය තමන් ගෙනා දෑවැදිත් රැගෙන නිවසින් අතුරුදන් වූ පුවතක් යාපහුව රාජධානියට අයත් ගම්බද පෙදෙසකින් අසන්නට ලැබුණි. 26 June 2023
බීලා ගෙදර ආවාට බිරියගෙන් පාඩමක් බීමතින් නිවසට එන සැමියාට අපූරු පාඩමක් උගන්වා ඇතැයි කියන වයෝවෘද්ධ කාන්තාවක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 23 June 2023
මත්පැන් වඩියට මළ ගෙදර කොඩි කණුවත් හිලව් කරගෙන අවමංගල්‍ය උත්සවයක් වෙනුවෙන් මහමඟ දෙපස සිටුවා තිබූ කොඩි කණුවක් මත්පැන් පානයට මුදල් සොයා ගැනීම සඳහා රහසේ ගලවාගෙන ගොස් කැබලිවලට කපා විකිණීම සඳහා රැගෙන යමින් සිටි පුද්ගලයකු පිළිබඳ පුවතක් තලාතුඔය, මාරස්සන ප්‍රදේශයෙන් වාර්තා වේ. 20 June 2023
පැළ සමාගමක ලොක්කා ගොවි නිලධාරිනිය එක්ක පැල් බඳින්න පලා ගිහින් පැළ සිටුවන්නට අනුග්‍රහය දුන් ගොවි සංවිධානයක ලේකම්වරිය, පැළ පරික්ෂා කිරීමට පැමිණි කොන්ත්‍රාත් සමාගමක ලොක්කකු එක්ක පලා ගොස් ඇති පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. 19 June 2023
එක පෙම් කතාවෙන් හුටපට ගොඩක් එළිබැහැලා තාත්තාගේ බැංකු කාඩ්පත සොරකම් කර මුදල් ලබාගෙන පන්ති ගාස්තු ගෙවීමට අවශ්‍ය මුදල් පෙම්වතාට ලබාදී ඇති අතර එම මුදලින් පන්ති ගාස්තු වෙනුවට වෙනත් කෙල්ලකට දුරකතනයක් තෑගි කළ අපූරු පෙම්වතකු පිළිබඳ කතාවක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වේ. 16 June 2023
නෝනාගෙ කනෙන් රිංගලා ටීවි එක හොර පාරක යවලා පරණ එකට අලුත් එකක් භාණ්ඩ හුවමාරු ක්‍රමය උපයෝගී කරගත් පුද්ගලයකු තම නිවසේ තිබූ පැරණි මාදිලියේ රූපවාහිනී යන්ත්‍රය සිය අනියම් බිරිඳගේ නිවෙසට පරිත්‍යාග කිරීමක් පිළිබඳව පුවතක් පසුගියදා දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 15 June 2023
තරහවී ගෙදර ගිය නෝනා කන්තෝරු ගැටේකට අහුවෙලා හොස්ස ළගින් මැස්ස ගියත් තරහවී දරුවන්ද දමා මහගෙදර යන භාර්යාවට ගිය පයින්ම යළි නිවෙසට ඒමට සැමියා දැමූ අපූරු උප්පරවැට්ටියක් පිළිබඳ අපූරු පුවතක් දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබේ. 14 June 2023
බස් ගාස්තුව යාචකයකුට දී කත බසයේ යන්න හිඟාකයි බස් රථයක ආධාර මුදල් එකතු කරමින් සිටි පුද්ගලයකුට ටිකට් ගැනීම සඳහා තිබූ මුදල ලබාදුන් මැදිවියේ කාන්තාවකට ටිකට් පත ලබා ගැනීම සඳහා වෙනත් මගියකුගෙන් උදව්ඉල්ලා ගැනීමට සිදු වූ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි. 13 June 2023
බූරුවා ගහන්න සල්ලි හොයන්න එකම තාලෙට ගෙවල් බිඳලා.... සොහොයුරියගේ නිවස සොරු බින්ද ආකාරයටම සිය නිවසද සොරු බිඳ ඇති බව පෙන්වීමට සාධක ඇති කරමින් භාර්යාවගේ මුදල් සහ රන් භාණ්ඩ සොරාගෙන බූරුවා ගැසූ සැමියකු පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ පොලීසියෙන් අසන්නට ලැබේ. 12 June 2023
යතුරු පැදියේ ගිහින් අහුවුණ පුතා තාත්තාටත් දඩයක් ගහන්න ගිහින් රථ වාහන වැරැද්දක් සම්බන්ධයෙන් පොලිසියෙන් ලැබුණු දඩ පත්‍රිකාවේ අගය තෙගුණකර පවසා සිය පියාගෙන් වැඩිපුර මුදල් ලබාගැනීමට උත්සාහ කළ දහනව හැවිරිදි පුතකු පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතෙන් වාර්තාවේ. 12 June 2023
මවගේ නම විකුණූ වඩ්ඩා පැණි හැලියක වැටිලා සිය මවගේ නිවෙසට මුළු තැන්ගෙයක් ඉදිකරදීම සඳහා යැයි කියා හිතවතෙකුගෙන් ලුණුමිදෙල්ල ගසක් ඉල්ලා ගෙන එම ලී දඬුවලින් වෙනත් කාන්තාවකට මුළුතැන්ගෙයක් ඉදිකරමින් සිටි පුත්‍රයකු මවගේ උදහසට ලක්වූ පුවතක් පසුගියදා දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 12 June 2023
දන්සලට ආධාරයක් නොදී සප්පායමට පෝලිමේ බත් දන්සැලෙන් බත් දෙනකම් නොසිට බලෙන් ඉල්ලා ගෙන කෑ තරුණ වෙළෙන්දෙකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 12 June 2023
දුව රටින් ගෙනා ක්‍රීම් ගාපු තැන මාරුවී මව රෝහල් ගෙනිහින් තොල් ආලේපන යැයි සිතා නිය ආලේපන තොල්වල ගා ගත් කාන්කාවක පිළිබඳ ගම්පහ ප්‍රදේශයේ ගම්මානයකින් අසන්නට ලැබුණි. 12 June 2023
නින්දේ සිටි බිරිඳගෙ හැට්ටෙ අස්සේ සල්ලි අතුරුදන්වී ජංජාලයක් මුදල් බහා තිබුණු හැඹිලිය හැට්ටය අස්සේ සඟවාගෙන තද නින්දට ගොස් සිටිය දී හැඹිලියේ මුදල් සොරකම් කර ගෙන ගොස් මත්පැන් පානය කර පැමිණ තමන් හැඹිලියේ මුදල් සොරකම් කළේ නැතැයි පවසා බිරිඳට පහර දී නිවසින් පන්නා දමා ඇතැයි කියන වයෝවෘද්ධ පුද්ගලයකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 12 June 2023
දන්සලෙන් ලකුණු දාගන්න ගිහින් නෝනාගෙන් කුණු බැනුම් මව්පියන් බැලීමට යාමට ගෙනවිත් රැස්කර තිබූ ආහාර ද්‍රව්‍ය දන්සලකට ලබාදීම නිසා සැමියා සමඟ උරණ වී ඒවායේ වටිනාකමට මුදල් ඉල්ලූ බිරියක් සම්බන්ධයෙන් වූ පුවතක් මහනුවරට නුදුරු ප්‍රදේශයකින් පසුගියදා වාර්තා විය. 09 June 2023
සිල් ගන්න ගිය සැමියා කෙල්ලක් එක්ක දන්සලේ කාර්යාලයේ තිබූ සීල සමාධි වැඩසටහනට ගිය සැමියා කාන්තාවක සමග ගොස් දන්සලක ආහාර ලබාගන්නා අයුරු රූපවාහිනි ප්‍රවෘත්තිවලින් දුටු බිරිය සැමියාට ලබාදුන් අපූරු දඩුවමක් පිළිබදව කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය නගරයකින් වාර්තාවේ. 07 June 2023
දොස්තරගේ මස් මාළු තහංචියට ඌරෙක් හරහට හිටලා විශේෂඥ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි රෝගියකුට මස් මාළු නොකන ලෙස අවවාද කළ විට ඌරා කෑවට කමක් නැද්ද යැයි විමසූ පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වේ. 06 June 2023
සුපිරියට පදම් වෙන්න ගිහින් කට්ටියක්ම ඇනගෙන දුර බැහැර ප්‍රදේශයක සිට පොසොන් වන්දනාවේ ඇවිත් මත්පැන් පානය කරන්නට ගිය තරුණ නඩයකට වැඩ වැරදුණු පුවතක් වයඹ පුරවරයෙන් අසන්නට ලැබුණි. 05 June 2023
දන්සලේ අතුරුපස වළෙන් අතුරුදන් පොසොන් දන්සලට දෙන්න ගෙනා කෙසෙල් කැන්වලට සිදුවූ දෙය සොය සොයා තැන් තැන්වලට දුවන සංවිධායකයන් පිරිසක් පිළිබඳ පුවතක් දකුණු කොනේ ගම්මානයකින් ඊයේ (2) වාර්තා විය. 04 June 2023
තාත්තාගේ කෑගැහිල්ලට පුතා අම්බානක ගුටි කාලා වඳින්න ගිය දේවාලය ඉහට කඩා වැටුණායි පැරණි කියමනක් තිබේ. මෙය සිහියට ආවේ සිය ආදරණීය පියාණන්ට යහපතක් කරන්නට ගිය පුතකුට තරුණ පිරිසක් ගුටිබැටදී හිරිහැර කිරීමේ සිද්ධියක් පිළිබඳව අසන්නට ලැබුණු සත්‍ය පුවතක් නිසාවෙනි. 02 June 2023
නොමිලේ කන්න ගිහින් අනුන්ගේ ‘දඩ කොළයක්’ අතට ඇවිත් ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවක බිල්පත කඩිනමින් ලබාදීම සඳහා කොන්ත්‍රාත්කරුගේ යහළුවන් කිහිපදෙනකු සමග අවන්හලකට ගොස් මත්පැන් සාදයක පහස ලබාගත් තාක්ෂණ නිලධාරියකුට අමුතුම තාලේ දඬුවමක් ලැබීමේ කතාවක් දකුණු පළාතේ ප්‍රදේශයකින් වාර්තා වේ. 01 June 2023
කෑම නානවාට ප්‍රින්සිපල්ගෙන් අමුතුම පාඩමක් පන්ති කාමරයේ ඉදුල් හල හලා කෑකෝ ගසමින් කෑම කෑ සිසු, සිසුවියන්ට විදුහල්පතිවරයා දුන් අපූරු දඬුවමක් පාසල පුරාම විදුලි වේගයෙන් ප්‍රචාරයවූ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. 31 May 2023
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026