හඳුන්කූරේ අබිරහස කුලී කාමරෙන් එළියට පැනලා වෙළෙඳාමක් නැතත් බස් නැවතුමේ සැමදාම හඳුන්කූරු විකුණන්න පැමිණෙන කාන්තාවගේ හඳුන්කූරු වෙළෙඳාම පිළිබඳ පැටිකිරිය කුලී කාමරයකින් මතු වූ අපූරු පුවතක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ. 07 February 2023
නැතිවුණ මුද්ද බැංකුවට උකස් තියා බහිරවයාට සලකලා අස්ථානගතව සොයාගැනීමට නොහැකිව තිබුණු මංගල මුදුව නැවත ලැබීම නිසා එය උකස්කර බහිරව පූජාවක් පැවැත්වීමේ අපූරු පුවතක් පස්දුන් කෝරළයේ ඈත ගමකින් වාර්තා විය. 06 February 2023
හොර මනමාලයා ඇඟිල්ලත් නැති කරගෙන ගෙදර ගිහින් රෑ මැදියමේ නිවෙසට ඇතුළුවී අතවරයක් කිරීමට සැරසුණු පුද්ගලයෙකුගේ ඇඟිල්ලක් සපා කා අතවරයෙන් බේරුණු කාන්තාවක පිළිබඳ පුවතක් පෙරේදා (1වැනිදා) කන්දකැටිය පොලිසියෙන් වාර්තා විය. 03 February 2023
පක්ෂය වෙනස් කළාම මගුලත් කැඩී ගිහින් මෙතෙක් තමන් සිටි පක්ෂය අතහැර වෙනත් පක්ෂයකින් නාම යෝජනා ලබා දීම නිසා දින තීන්දු කළ මංගල්‍යයක් බිඳී ගිය පුවතක් උඩරට ප්‍රදේශයෙන් වාර්තා විය. 02 February 2023
පුංචි මන්ත්‍රීකම දැන්ම ඔළුවට ගහලා අන්තිමේ රස්සාවත් නැතිවෙලා මෙවර පළාත් පාලන ඡන්දයට නාම යෝජනා භාරදීමත් සමගම පුංචි මන්ත්‍රී රස්නය ඔළුවට ගසා මෙතුවක් කලක් දරු පවුල රක්ෂා කළ රස්සාව අහිමි කරගත් තැනැත්තකු පිළිබදව දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ. 01 February 2023
කරුණාවන්ත හොරෙක් නතර කර තිබූ යතුරුපැදියක පිටුපස රෝදය සොරාගත් අයකු, ඒ වෙනුවට තම යතුරුපැදියේ ගෙවී ගොස් තිබූ රෝදය එම ස්ථානයේ දමා යාමේ සිද්ධියක් පල්ලන්ඔය මංසන්ධියේදී දැකගත හැකි විය. 31 January 2023
ෆේස්බුක් පෙම්වතිය කලිසමත් සුද්ද කරගෙන මුහුණු පොතෙන් කම්සැප විඳින්නට ගොස් තිබුණ සැපත් අහිමි කරගත් සැමියකු පිළිබඳව කුරුඳුවලට ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ. 30 January 2023
අනියම් බිරිය සමග යහන්ගතවූ ආරක්ෂක නිලධාරියා ගස් බැද පහරදීලා අනියම් බිරිය සමඟ යහන් ගතවෙන්නට ගොස් ඇගේ සැමියාට හසුවී ගස් බැඳ පහරකෑමට ලක්වූ ආරක්ෂක නිලධාරියකු පිළිබඳ පුවතක් ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයෙන් (16) රාත්‍රී අසන්නට ලැබුණි. 28 January 2023
ගෙදර කඩේ බඩු විකුණා සීල් එකට පට්ටමේ සීල් එක ගහලා පාරිභෝගිකයන්ට භාණ්ඩ අලෙවි කිරීම වෙනුවෙන් බිල්පතක් නිකුත් කිරීමේදී සැමියාගේ නිල මුද්‍රාව යොදා බිල් පතක් නිකුත් කළ ක්ෂේත්‍ර නිලධාරියකුගේ බිරිඳක් පිළිබඳව සිද්ධියක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තාවේ. 28 January 2023
ඉගෙනීම වහකදුරුවූ සිසුන් ගුරුවරිය අතරමං කරලා ඉගෙනීමට ඇති කම්මැලිකම නිසා ජාත්‍යන්තර භාෂාවක් ඉගැන්වීම සිදුකරන ගුරුවරියකගේ මෝටර් රථයේ රෝද හතරේම හුළං යැවූ අපූරූ සිසුන් පිරිසක් සිටින තක්ෂලාවක් පිළිබඳව කතාවක් දකුණු පළාතේ සුන්දර ප්‍රදේශයකින් වාර්තාවේ. 28 January 2023
කොල්ලො කෙල්ලො අස්සේ ජෝගි නටන්න ගිය ‘ලොක්කී’ අණ්ඩ කඩාගෙන අනධ්‍යයන සේවකයකුගේ විවාහ මංගල උත්සවයට ගොස් උසස් පෙළ පන්තියේ ළමයින් සමග නර්තනයක යෙදෙන විට ඇද වැටී කකුල තුවාල කරගත් නියෝජ්‍ය ආයතන ප්‍රධානී නිලධාරිනියක පිළිබඳ පුවතක් දුෂ්කර ප්‍රදේශයකින් වාර්තාවේ. 28 January 2023
නින්දෙන් අවතාරයකට බියවී මළ ගෙදර හූ වැස්සක් අවමංගල්‍ය උත්සවයක් පැවැත්වූ නිවසක කාන්තාවක් හීනයකට බිය වීම හේතුවෙන් එම නිවසේ සිදු වූ අලකලංචියක් පිළිබඳ පුවතක් මහනුවරට ආසන්න ප්‍රදේශයකින් වාර්තාවේ. 28 January 2023
කෝච්චියේ යන්න ‘ටූ හාෆ් ටිකට්’ අරන් දඩ කන්නත් වෙලා සමාජයේ ජීවත්වන සමහර උදවිය තමන් අනෙකුන්ට වඩා උගත්, පොහොසත්, ගමේම කෙරුමා බව පෙන්වීමට උත්සාහ කරති. 28 January 2023
පාසලේ අලුත් තණකොළ මැෂිම ප්‍රින්සිපල්ගේ ගෙදරට රිංගලා විදුහල් ක්‍රීඩාංගණයේ තණකොළ කැපීමට පරිත්‍යාගයක් ලෙස ලැබූ අලුත්ම තණකොළ කැපීමේ යන්ත්‍රය දින කිහිපයකින්ම වැඩකට නැති පරණ යන්ත්‍රයක් වීමේ අපූරු පුවතක් දකුණු පළාතේ සංචාරක පාරාදීසයකට ප්‍රසිද්ධ නගරයක පාසලකින් අසන්නට ලැබේ. 27 January 2023
බසයේ නඩේ ගුරා පයින් බඩගාලා වන්දනා ගමනකට එක් වූ පිරිසක් සිය නඩේ ගුරා මහ මඟ දමා යාම නිසා ඔහුට මහ මග ගමන් ගත් බස් රියකින් ගමන් කර තම නඩය සොයා යෑමට සිදු වූ බව කියැවෙන පුවතකි. 26 January 2023
බදුවලට පඩි කැපුණ ලොක්කා පොඩ්ඩන්ගේ ඇඟට ගොඩවී මට්ටුවෙලා රජය ක්‍රියාත්මක කර ඇති නව බදු ප්‍රතිපත්තිය නිසා සිය වැටුපෙන් විශාල මුදලක් බදු ලෙස අඩු කිරීම සම්බන්ධයෙන් උරණ වී කාර්යාල සේවක රැස්වීමේදී නිලධාරීන්ට බැණවැදුණු ආයතන ප්‍රධානියකු පිළිබඳ දකුණු පළාතෙන් වාර්තාවේ. 25 January 2023
මගුල්දා අඹ යහළුවා මනාලයාගේ රෙදි ගලවලා සිය විවාහ මංගල්‍යය දා අඹ යහළුවා මනාලියට හඳුන්වාදීමට ගොස් අමු අමුවේ රෙදි ගැලවී ගිය අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 24 January 2023
සැමියාගේ කැරැට්ටුවට බිරියගෙන් උප්පරවැට්ටියක් සැමියාගේ ස්වභාවය හරි හැටි තේරුම් ගත් දේශපාලක බිරිඳක ඒ සඳහා අපූරු උපක්‍රමයක් භාවිත කිරීමේ සිද්ධියක් ගම්පහ දිසාවේ ගම්මානයකින් වාර්තා විය. 23 January 2023
සිසුන්ගෙන් පිනට තේ බී ඉතුරු සල්ලිත් සාක්කුවේ දාගෙන පාසල් ආපන ශාලාවෙන් සිසු බිලට තේ බී ඉතුරු මුදල සාක්කුවේ දමාගෙන යන ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. 20 January 2023
ප්‍රාණ බුක්තිය තියාගෙන ලියූ ඉඩමේ පොල් කැඩුවාට පියා පුතාට එරෙහිව පොලිසි ගිහින් ප්‍රාණ බුක්තිය තබාගෙන දුන් ඉඩමේ ඇති ගසක පොල් කැඩූ පුතාට එරෙහිව පොලිසි ගිය අපූරු පියකු පිළිබඳව කතාවක් දකුණු පළාතේ තොටමුණක් ගැන සඳහන් වන ප්‍රදේශයකින් වාර්තා වේ. 19 January 2023
මනාලිය පෝරුවට නගිද්දී හොඳම යෙහෙළිය රෝහලේ දින ගණනාවක් ඇඟිලි ගනිමින් මඟුල් ගෙදරට යාමට පෙරුම් පිරූ හොඳම යෙහෙළියකට අත් වූ අකරතැබ්බයක් ගැන පුවතක් යාපහුව අඩවියෙන් අසන්නට ලැබුණි. 18 January 2023
තොත්තුවක් ඉල්ලුවාම හොදි වැස්සකින් නාවලා සිය මිතුරාගේ බිරියගෙන් තොත්තුවක් ඉල්ලා සිටීමෙන් පසු ඇය ඔහුට අමුතුම ආකාරයේ තොත්තු වර්ෂාවකින් සංග්‍රහ කිරීම නිසා රෝහල් ගතවීමට සිදු වූ අනංගයකු පිළිබඳ පුවතක් මිනිපේ ගොවි ජනපදයේ ගම්මානයකින් වාර්තා විය. 17 January 2023
නැතිවුණ ඇඳ බිම වැටුණ පොතකින් මතුවෙලා කාර්යාල භාණ්ඩ සමීක්ෂණයේ දී අස්ථාන ගතවූ ඇඳ ඇදහිය නොහැකි විදියට සොයාගත් අපූරු පුවතක් ගාලු දිසාවේ ආයතනයකින් අසන්නට ලැබේ. 16 January 2023
කොට්ටය යට ඩ්‍රයිවින් ලයිසමෙන් බිරිඳගෙ හොරේ අතේ මාට්ටු නිදන ඇඳේ කොට්ටය යට තිබූ රියදුරු බලපත්‍රය සහ රක්ෂණ සහතිකයෙන් බිරිඳගේ අනියම් පෙම්වතා අල්ලාගත් සැමියකු පිළිබඳව කතාවක් දකුණු පළාතේ ග්‍රාමිය ප්‍රදේශයකින් වාර්තාවේ. 14 January 2023
ගැටිස්සියට වහ වැටුණු දෙදරු පියාට පාරත් අමතකවෙලා බිරිඳ හා කුඩා දරුවන් දෙදෙනා තනිකර දමා තරුණියක සමග ජීවත්වීමට ගොස් සිටි සැමියෙකුට නැවත බිරිඳ හා දරුවන් සමග නිවසට යාමට සිදුවූ පුවතක් හක්මන පොලිසියෙන් වාර්තාවේ. 14 January 2023
විදුලි බලු මණ්ඩලෙන් මනු කියවන්නාට මිනී පෙට්ටියක් හමුවෙලා මිනී පෙට්ටියක් ගේ ඉදිරිපිටට ඒමේ අපූරු සිදුවීමක් පසුගියදා ආරංචි වූයේ මැණික් පිළිබඳව ප්‍රසිද්ධියක් දරන නගරයකට ආසන්න ග්‍රාමීය ප්රදේශයකිනි. 14 January 2023
වචන මාරුවී සාම්බාරුවෙන් අමුතු සුවඳක් උදාවෙන නව වසර වෙනුවෙන් බලපිටියේ ගමක තරුණ පිරිසක් දානයක් දීමට සාම්බාරු හොද්ද හදන්න ගොස් අලි අමාරුවක වැටුණු පුවතක් අසන්නට ලැබිණ. 14 January 2023
ත්‍රිරෝද ගාස්තුවට සොරාගත් දුරකථනයක්දී රියැදුරා අමාරුවේ ත්‍රිරෝද රථයක් රාත්‍රි කාලයේ කුලියට රැගෙන ගොස් කුලිය වෙනුවට සොරකම් කරන ලද ජංගම දුරකතනයක් ලබා දී මාරුවීමේ සිද්ධියක් මහනුවර ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වෙයි. 14 January 2023
වහලෙන් ඇවිත් සූර්වී ජනේලෙන් ගෙදර ගිහින් පෙරේතකම නිසා සොරෙකුට ආ කාරණයද අමතක වී නිවැසියන්ට හසුවීමේ පුවතක් කටුගස්තොටට නුදුරු ගම්මානයකින් වාර්තාවේ. 14 January 2023
සාදයේදී පදම වැඩිවී පැරැණි පෙම්වතියගේ ගෙට රිංගලා ගාල්ල නගරය ආසන්නයේ කාර්යාලයක පැවති අලුත් අවුරුදු සාදයකි. සාදයට එක්වූවෝ විවිධ රංගන ඉදිරිපත් කරමින් ගීත ගායනා කරමින් සාදය වර්ණවත් කළහ. ඒ අතර පසෙක මේසයක් උඩ බෝතල් රැසක්ද තබා තිබිණි. සාදයේ ගීත ගායනා කළ අයට ඒවා නැතුවම බැරිවිය. පිරිමි පිරිස එම ස්ථානයට ගොස් හිතේ හැටියට වීදුරු හිස් කරන්නට විය. 13 January 2023
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026