කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
සූදූ පොළේදී උකසට ගත් රන් මුදුව නගරයේ උකස් මධ්‍යස්ථානයේදී රිදී බවට පත්වු පුවතක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
මේ සූදු පොළට ඔහු යන්නේ සූදුවටම නොවේ. සූදූවේ යෙදීම අතුරුඵලයකි. සූදු කෙළියේ යෙදී සිටියදී කුජීත වන අයගේ කනේ අතේ තිබෙන රන් ආභරණ සහ ඔවුන් සූදු පොළට ආ යතුරු පැදිය සොච්චම් මුදලකට උකසට ගෙන ඒවා සින්න කොට ගෙන වැඩි මිලකට අලෙවි කොට ලොකු ලාභයක් ගැනීම මේ සූදු පොළට යන ඔහුගේ ප්‍රධාන අරමුණය. ඒ අවස්ථාව උදාවනතෙක් ඔහු ඔට්ටු අල්ලමින් සිටින්නේය.
එදා සූදුවේ යෙදී සිටියදී කුජීතවූ අයකු තවත් සූදු කෙළීම සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීමට ඔහු උකස් කළේ අතේ ඇඟිල්ලක පලඳා තිබූ මුද්දය. ලොකුවට ලොකුවේ දිලිසි දිලිසි තිබූ මේ මුද්ද ඔහු උකසට ගත්තේද ලොකු මුදලකටය. එහි බරේ හැටියට තමන් දුන් මුදලට වඩා කිහිප ගුණයක් මේ මුද්ද විකුණා ගත හැකියයි ඔහු සිතුවේය.
මුද්දේ උකස් කාලය පැන්නේය. ඒ නිසාම ඔහු නගරයේ උකස් මධ්‍යස්ථානයකට ගියේ එය හොඳ මිලකට අලෙවි කිරීමටය. උකස් මධ්‍යස්ථානයේ සේවිකාවක් ඔහු දුන්නු මුද්ද රන් දැයි සොයා බැලීමට උරගා බැලුවාය. ඇගේ නළල රැළි වැටුණාය. මහත්තයා මේක රන් මුද්දක් නොව රිදී යයි ඇය කීවිට ඔහුගේ ඇඟට දහදිය දැම්මේ ඇඳ සිටි ඇඳුමද තෙත් කරමිනි.
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන
මෙය සබරගමුව පළාතේ බලංගොඩට නොදුරු එක්තරා ගම්මානයක සිදුවූ අපූරු සිදුවීමකි. හෙතෙම මේ එදිනෙදා කුලී රැකියාවේ සිටි අයෙකි. විවාහකව සිටි අතර දරුවෝ කිහිප දෙනෙ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
උකසට ගත් රන්මුදුව රිදී වී තරු පෙනිලා