මුලටියන එස්.බාලසූරිය
හොඳටම වෙරි වී තැබෑරුම ළඟ වැටී සිටි මිතුරකු නිවසට රැගෙන ගොස් බාර දුන් මිතුරාට එම නිවැසියන්ගෙන් ස්තුතියක් වෙනුවට ඇනුම් බැනුම් හා ගුටිබැට සංග්‍රහයක් ලැබුණු පුවතක් දකුණු පළාතේ උප නගරයකින් අසන්නට ලැබිණි.
හිතහොඳ පුද්ගලයකු වූ සරත් මාමා දිනපතා සවසට තැබෑරුමට ගොස් පොඩි අඩියක් ගැසීම ඔහුගේ දින චරියාවේ අංගයකි.එම නරක පුරුද්ද තිබුණත් කිසිවෙකුට දුකක් කරදරයක් වුවහොත් තැන නොතැන බලා උදව් පදව් කරන්නේ එය තමාගේ යුතුකමක් බව සිතාගෙනය.
එදින හවසද තැබෑරුමට ගියේ සුපුරුදු ලෙස මත්වතුර ටිකක් බීමටය.එම ස්ථානයට ගොඩ වන විටම ඔහු දුටුවේ අසල්වැසි විශ්‍රාමික මිතුරා හොඳටම වෙරිවී තැබෑරුමේ වැටී සිටිනු අයුරුය. තමා ආ කාරිය අමතක කළ ඔහු ත්‍රීරෝද රථයක් කැඳවාගෙන කීපදෙනකුගේ සහායෙන් තම මිතුරා එයට නංවාගෙන මිතුරාගේ නිවසට රැගෙන ගියේ තමාගේ යුතුකමක් ඉටුකිරීමටය.
එම නිවසට ගොස් මිතුරාගේ බිරිඳට කතා කර සිද්ධිය කියන විට එම කාන්තාව සරත් මාමාට බනින්නට පටන් ගත්තාය. මගේ මිනිහගේ විශ්‍රාම වැටුප් දිනේ අදයි. තමුසෙලා එකතුවෙලා ඒ මිනිහගේ සල්ලිවලින් බීලා හොඳ මිනිසුන් වෙන්න හදනවා.තමුසෙලාට නම් හොඳක් වෙන්න එපා. ඇයගේ මේ ගෝරනාඩුව ඇසී ඇයගේ පුතා එළියට ආවේ මොකක්ද අම්මේ වෙලා තියෙන්නේ කියා අසා ගෙනය. මේ බේබද්දා තාත්තට සිහිනැති වෙනකම් පොවලා විශ්‍රාම වැටුපෙන් බීලා ගෙදරට එක්කරන් ඇවිත්.මුන්ට හෙණ හත ගහන්න ඕන මේ කරන අපරාධ වලට.
කිසි වරදක් නොකළ සරත් මාමා සිද්ධිය පිළිබඳව කොතරම් කරුණු කීවත් මිතුරාගේ බිරිඳ දිගින් දිගටම බනිමින් සිටි අතර පුතා පොල්ලක් රැගෙන විත් පහර කීපයකින් සරත් මාමාට සංග්‍රහ කිරීමටත් පසුබට නොවී තිබුණි.
අනුන්ට උදව් කරන්න ගිහින් මට වෙච්ච දෙයක්.මගේ හැටි මුන් දැනගෙනත් මට කළ දේ වැරදියි.වඳින්න ගිය දේවාලේ හිසට කඩා වැටුණ වාගේ දෙයක් මට වුණේ. මින් පස්සේ මිනිහෙක් මැරිලා හිටියත් ඒ පැත්ත බලන්නේවත් නැහැ. මේක මට හොඳ පාඩමක්. මේ ජරා බීමක් බොන්න පුරුදුවුණ හින්ද තමයි මෙවැනි අවමානයක් සිද්ධ වුණේ.මින් පස්සේ කාටවත් උදව් කරන්නේ නැහැ.අදින් පස්සේ මත්වතුර බීමත් නවත්වනවා යැයි තමාටම කියා ගනිමින් එම ස්ථානයෙන් සරත් මාමා දිව ගියේ දැඩි ලැජ්ජාවට පත්වී සිටි නිසාය.
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන
මෙය සබරගමුව පළාතේ බලංගොඩට නොදුරු එක්තරා ගම්මානයක සිදුවූ අපූරු සිදුවීමකි. හෙතෙම මේ එදිනෙදා කුලී රැකියාවේ සිටි අයෙකි. විවාහකව සිටි අතර දරුවෝ කිහිප දෙනෙ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ‍්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ‍්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
උදවු කරන්න ගිහින් ගුටිත් කන්න වෙලා