හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
රජයේ රැකියාවට අමතරව දේශීය වෙදකම සිදුකළ රූමත් කාන්තාවක සැමියා සහ දරුවා අතහැර ප්‍රතිකාර ගැනීමට පැමිණි කඩවසම් තරුණයකු සමග පැන ගිය අපූරු කතාවක් දකුණු පළාතේ කඳුකර ප්‍රදේශයකින් වාර්තාවේ.
කාන්තාව දැඩි තැන්පත් බවකින් හා අහිංසක ආකාරයට ජීවත්වූ අතර දේශීය වෙදකම පිළිබඳව ප්‍රසිද්ධියට පත් තැනැත්තියකි. විශේෂයෙන් කැඩුම් බිදුම් වෙදකමටද ඇය ප්‍රසිද්ධියක් දැරුවාය.
සිය සේවා ස්ථානයේ මෙන්ම සෙසු ආයතන අතර ඇය අතිශයින් ජනප්‍රිය තැනැත්තියක වූවාය. රාජකාරිය දේවකාරියටත් ඉහළින් සිදුකරන නිලධාරිනියක ලෙස ජනතාව අතරද ප්‍රියමනාප තැනැත්තියක වන ඇය විශේෂයෙන් පිරිමි පාර්ශවය අතර දැඩි ප්‍රසිද්ධියක් උසුලන හැඩකාර දැකුම්කළු කාන්තාවක්ද වූවාය.
වසර ගණනාවක් විදේශගතව සිට ළඟදී මෙරටට පැමිණි පසු රිය අනතුරකින් තුවාල ලැබු කඩවසම් තරුණයෙක් ඉකුත් දිනක ප්‍රතිකාර ගැනීමට යෙහෙළියක සමග ඇය හමුවීමට පැමිණියේය. වෙදකම හා හෙදකමද නිසිලෙස සිදුකිරීමට ඇය වගබලා ගත්තාය. තරුණයා කෙටිකාලයකින් සුවය ලබා ඇති අතර ටික දිනක් ගතවෙද්දී කාන්තාව කිසිවකුටත් නොකියා ප්‍රදේශයෙන් අතුරුදන් වී ඇති බව සැලවිය.
සැමියාට බිරිඳගෙන් ලැබුණු දුරකතන ඇමතුමට අනුව ඇය තරුණයකු සමග ගොස් ඇති බව පැහැදිලි විය. කාන්තාව කිසිවකුටත් නොකියා ස්ථාන මාරුවීමක් ද ලබාගෙන තරුණයා සමග අගනුවර ප්‍රදේශයකට ගොස් ඇති අතර බිරිය සොයා දෙන ලෙස සැමියා නීතියේ පිළිසරණ අයදිමින් සිටී. තරුණයා කාන්තාවගේ හොඳම යෙහෙළියගේ සොහොයුරා බව පසුව හෙළිවූ අතර සිද්ධිය වසන්කර ගැනීමට බොහෝ දෙනා උත්සාහ දැරුවද අපූරු වෙදකම පිළිබඳව රස කතාවක් රජයේ කාර්යාලවල පැතිර යාමට වැඩි දිනක් ගත නොවීය.
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන
මෙය සබරගමුව පළාතේ බලංගොඩට නොදුරු එක්තරා ගම්මානයක සිදුවූ අපූරු සිදුවීමකි. හෙතෙම මේ එදිනෙදා කුලී රැකියාවේ සිටි අයෙකි. විවාහකව සිටි අතර දරුවෝ කිහිප දෙනෙ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
කැඩුම් බිඳුම් වෙදකමෙන් මඟුලත් කැඩිලා