කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ.
පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සිය ගණනක සිසුන්ට නොමිලයේ දිවා ආහාරය ලබාදීමට පාසල් බලධාරීන් නියම කළේ මේ ගුරුවරයාටය. ඒ ඔහු දරන නිලය අනුවය.
ඒ අනුව ඔහු කෑම ඕඩරය බාර දුන්නේ නගරයේ තැනකටය. ගාණ ටිකක් වැඩිවුණත් ඒ ස්ථානයේ පිළියෙළ කරන කෑම පිරිසිදු මෙන්ම රසවත් බව මේ ස්ථානයෙන් කෑම ඇණවුම් කිරීමට හේතුව බව ඔහු පාසලටම ඒත්තු ගැන්වූයේය.
පාසලේ ක්‍රීඩා උත්සවය පැවති එදා මෝටර් රථයක් තියෙන ගුරුවරයකුට තමා ඇණවුම් කළ කෑම ඕඩරය බාර දුන්නේ ඊට පාසල් සිසුන් දෙතුන් දෙනෙකු ද සම්බන්ධ කර දෙමිනි. ඒ තමා කෑම ඇණවුම් කළ බිල් පතද මේ ගුරුවරයා අතට පත් කරමිනි. ඒ සඳහා මුදල් තමා ගෙවා ඇති බවද ඔහු දැන්වීය. මේ බිල් පත අතට ගත් සැණින්ම මේ ගුරුවරයාට ඇණවුම් කළ කෑම පාර්සල් ඕඩරයේ මිල වැඩි බව දැනුණේ ඔහු සමාජයේ නිරන්තරයෙන් සැරිසරන්නකු හා කෑම ඕඩර් කළ කෙනාගේ නොම්මරය දන්නා නිසාය. මෙතන යම් දෙයක් සිදුවී ඇතැයි ඔහුට ඉවෙන් මෙන් දැනුනේය. මෙය ඔහු සිතේ ගැඹුරුම තැනක තැන්පත් කර ගෙන ගියේ ඕඩරයේ කෑම පාර්සල් ගැනීමටය.
තැනට ඔබින නුවණක් ඇති මේ ගුරුවරයා කෑම පාර්සල් ලබා ගැනීමට ගිය ස්ථානයට ගොස් කෑම පාර්සල් ටික සූදානම් කරන තෙක් එහි හිමිකරු සමග ඉතාමත් කිට්ටු සුහද ඇසුරක් ගොඩනගා ගත්තේය.
ඒ තාවකාලිකවය. කෑම පාර්සලයක ගාණනම් හොඳටම වැඩියි අනෙක මේක ළමයින්ට දෙන එකක්නේ ඇයි එහෙම කළේ යයි මේ ගුරුවරයා කෑම සැපයුම්කරුගෙන් ඇසුවේය. කිසිත් කතා නොකළ ඔහු තමාගේ මේ ප්‍රශ්නයෙන් අන්දමන්දවූ බව ගුරුවරයා දුටුවේය.
නැවතත් ගුරුවරයා ඔහුගෙන් එම ප්‍රශ්නයම ඇසුවේ මෙතන යම්කිසි දෙයක් සිදුවී ඇතැයි යන්න ගුරු නුවණට අවබෝධ වීමත් කෑම ඕඩරය දුන්නු කෙනාගේ කෙරුවාව දන්නා නිසාත්ය.
අනේ සර් මටත් වඩා ඒ ගැන හිතන්න ඕන මේ කෑම ඕඩරය භාරදුන්නු සර්නේ. සර්ට කෑම පාර්සලයකින් රුපියල් පනහක් ඉල්ලුවා. එහෙම නැතිවුණා නම් මේ කෑම පාර්සලයකින් තවත් රුපියල් පනහක් අඩු වෙනවා. කෑම ඕඩරය ගන්න ඕන නිසා මම ඒකට කැමති වුණා. මේ ගැන සර් කටේ කෙළ බිම දාන්න එපා යයි කෑම ඕඩරය භාර ගත්ත කෙනා කීවේ මේ ගුරුවරයාට පිංසෙන්ඩු වෙමිනි.
ගුරුවරයා මේ ගැන කටේ කෙළ බිම නොහැලුවත් ඔහු සමග ගිය පාසල් සිසුන් තමාගේ කෑම ඕඩරයෙන් සර් ගසා ඇති රුපියල් පනහ ගැන දෙතුන් පලකම කළ කතාව ටිකක් සැරට ගියේලු.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෑම ඕඩරයෙන් සර් ගේ සායම හේදිලා