කරන්දෙණිය එම්. සුසිල් ප්රියන්ත
ගමේ ගොඩේ ඉබේ සෑදෙන හඹුරුවලින් රස කෑමක් සාදා ගන්නා අයුරු සමාජ මාධ්ය ජාලයට එක් කිරීමට ගිය ගමේ ළඳකට වූ අලි අකරතැබ්බයක් පිළිබඳ කතාවක් ගාලු දිසාවේ හද්දා පිටිසර ගමකින් අසන්නට ලැබේ.
මේ දිනවල එක එක සාම්පලයේ කන්තාවෝ හරි හරියට එක එක කෑම ජාති සාදා ගන්නා අයුරු එක එක සමාජ මාධ්ය ජාලාවලට එක් කරමින් සිටිති. එය දැන් දැන් මෝස්තරයක්වී හමාරය. ඔවුහු එකිනෙක විලාසිතා වලින් හැඩවී විවිධාකාරයේ රංගනයන් හුවා දක්වමින් මේ කාර්යයේ නිරතවී සිටිති.
මෙය දුටු මේ හද්දා පිටිසර ගමේ ලඳකට තමා කෑමක් සාදන අයුරු සමාජ ජාලයට එක් කිරීමට ආශාවක් හා කැමැත්තක් ඇතිවූවාය. ඒ අනුව ඇය ඒ වැඩේට සූදානම්වූවේ තමා මේ මෑතකදී මිලදී ගත් රුපියල් ලක්ෂ ගණනක් වටිනා ජංගම දුරකතනය ඊට ප්රයෝජනයට ගනිමින්ය. මෙහි රූගත කිරීම් සඳහා යොදවා ගත්තේ ඇගේ බාල සොහොයුරාය. දැන් සියල්ල සූදානම්ය.
මේ සඳහා ඇය තෝරා ගත්තේ සිය ගමේ ඉබේ වැවෙන හඹුරුය. හඹුරුවලින් රසවත් කෑමක් සාදා ගන්නා අයුරු පෙන්වීමටය. එහිදී ඇයගේ සොහොයුරා හඹුරු ගහක් ළඟට ඇය කොණ්ඩේ කඩා ගෙන දුවන අයුරු රූගත කළේය. ඒ විතරක්ම නොව හඹුරු ගහ ළගට ගිය ඇය එය ඉතා අමාරුවෙන් ගලවා ගන්නා සැටිද ගලවා ගත් හඹුරු ගහෙන් ගලවා ගත් අල සෝදා ගන්නා අයුරුද රූගත කළේය.
ඊළඟට තිබුණේ සෝදා ගත් හඹුරු අල කුඩු ගා සොහොයුරිය තම්පා ගන්නා අයුරු රූගත කිරීමය. ඇය හට්ටියකට දමා තම්බා ගන්නා අයුරු රූගත කිරීම් කරන ලෙසද සොහොයුරාව දැනුම්වත් කළාය.
දැන් වසා තැම්බෙමින් තිබූ හඹුරු අල හට්ටියෙන් හෝ හෝ ගා ශබ්දය ඇයට ඇසිණි. ඒ අනුව ඇය සොහොයුරාට කීවේ තමා හට්ටියේ පියන ඇර හඹුරු අල තැම්බෙන ආකාරයේ සමීපතම දර්ශන රූගත කරන ලෙසය.
ඒ අනුව සොහොයුරා ජංගම දුරකතනය හට්ටියේ උඩ සිට ඒ කාර්යට සූදානම් වූවේය. සිය මුහුණද හට්ටියේ උඩ සිට බලමින්ය. ඇය හට්ටියේ පියන ඇරියාය. ඒ එක්කම හා ගිනියම්වූ හුමාලයෙන් සොහොයුරාගේ දෙඇස්වලටද වැදින. ඇස් දැවිල්ලෙන් කලබලයට පත්වූ ඔහුට කිසිවක් නොපෙනී ගියේ අත තිබූ ජංගම දුරකතනය ද ගොජ ගොජ ගා පැහෙමින් තිබූ හඹුරු හට්ටියට වැටුනි. ඔහු හුමාලය වැදුණු දෑස් පිහදා කදුළු පිරි දෙනෙතින් හඹුරු හට්ටිය දෙස බලන විට ඔහුගේ සොහොයුරිය පැහෙමින් තිබූ හඹුරු හට්ටියෙන් අනේ අපොයි කියමින් ජංගම දුරකතනය ඉවතට ගැනීමට මහන්සි ගන්නා අයුරුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd