කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
සිය හොඳම මිතුරාගේ පෙම්වතිය ඩැහැ ගත් අපූරු තරු
කෑගල්ල ප්රදේශයේ ග්රාමයක වැදගත් පවුලක 24 හැවිරිදි තරුණයෙක් මවුපියන් සමග පදිංචිව සිටියි. මෙම තරුණයාගේ මවුපියෝ රජයේ රැකියා කරති. තරුණයා ද හොඳට ඉගෙනුම ලබා රැකියාවක් අපේක්ෂාවෙන් නිවසට වී සිටියි. ඔහු තලෙළු සුරූපීය. පසු ගිය අවුරුද්දේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උළෙලක පැවති අවුරුදු කුමාරයාට ද ඉදිරිපත් වී ප්රථම ස්ථානයට තේරී පත්ව තිබුණි.
මෙම තරුණයාගේ නිවස ආසන්නයේ 21 හැවිරිදි තරුණයෙක් සිය මිත්තණිය සමග පදිංචිව සිටියි. 24 හැවිරිදි තරුණයාගේ හොඳම මිතුරා ඔහුය. අසල්වැසි 21 හැවිරිදි තරුණයා කලකට ඉහතදී මුහුණු පොත හරහා දකුණු පළාතේ ග්රාමයක පදිංචිව සිටින 17 හැවිරිදි තරුණියක සමග ප්රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබේ.
කිසිම දවසක දැක නොමැති පෙම්වතිය ඉකුත් දිනක දී දකුණේ සිට පොල්ගහවෙලට ගෙන්වා, පසුව බස් රථයකින් 21 හැවිරිදි තරුණයා කෑගල්ලට ගෙන්වාගෙන තිබේ. කිරි අම්මාගෙන් බැණුම් අහන්න වෙයි යැයි සිතා තරුණයා සිය පෙම්වතිය කුලී කාමරයක නතර කළේය.
පසුව තරුණයා තම හොඳම මිතුරා වන 24 හැවිරිදි අසල්වැසි තරුණයාට දුරකතනයෙන් පාර කියා දී කුලී නිවසට පැමිණෙන ලෙස දන්වා ඇත. පසුව 24 හැවිරිදි තරුණයා යතුරු පැදියෙන් විදුලි වේගයෙන් කුලී නිවසට මිනිත්තු 20 ගොස් ඇත.
සිය පෙම්වතාට වඩා ඔහුගේ 24 හැවිරිදි මිතුරාට ඇල්මක් දක්වා ඇති තරුණිය, ඔහු සමග යාමට අවශ්ය බව පළමු පෙම්වතාට දන්වා තිබේ. පසුව පළමු පෙම්වතා ‘‘කමක් නෑ මචං උඹට කෙල්ල කැමතියි කියනවා. මට එක්ක යන්න තැනකුත් නෑ. කිරි අම්මා එක්ක නේ මම ඉන්නේ. කිරි අම්මා තමයි මට කන්න බොන්න දෙන්නේ. උඹ දන්නවා නේ මං ජීවත් වෙන විදිහ. උඹ කැමති නම් කෙල්ල අරන් පලයන්. උඹගේ ගෙදර ප්රශ්නයක් නැහැ නේ” යැයි බැගෑපත්ව හොඳම මිතුරාට තරුණයා පැවසීය.
පසුව 24 හැවිරිදි තරුණයා තරුණිය යතුරු පැදියේ පසු පස නංවාගෙන නිවසට රැගෙන ගොස් රජයේ රැකියා කරන මවුපියන්ට තමන් කෙල්ලක් කැන්ඳාගෙන පැමිණි බව කීවේය.
පසුව තරුණයාගේ මවුපියන් තරුණියගේ දකුණේ පදිංචිව සිටින මවුපියන් කැඳවා එකඟතාවයකට පැමිණ දෙදෙනා විවාහ කර දී තරුණියගේ මවුපියෝ නවක යුවළ දකුණේ නිවසට රැගෙන ගියහ. පසුව තරුණියගේ මවුපියන්ට ඇති තේ අක්කර 3 ක් ලියා දී ඇත.
‘‘තමන් තරුණිය අනාථ නොකළ බවත්, රැගෙන යාමට තැනක් නොතිබුණු නිසා උඹට දුන් බවත්, කිරි අම්මාගේ නිවසට රැගෙන ගියා නම් කිරි අම්මාට තමයි ඇයටත් කන්න දෙන්න වෙන්නේ. කෙල්ල ලස්සනයි, ඒකීට හොඳට සලකන්න’’ යැයි 21 හැවිරිදි තරුණයා සිය 24 හැවිරිදි හොදම මිතුරාට ඉකුත් දිනක දී දුරකතනයෙන් දන්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd