වසර ගණනාවක් තිස්සේ දෙන්නා දෙමහල්ලන් එකතු වී ගොඩනැංවූ නිවසට හාපුරා කියා ගොඩවදින දිනයේ ළිප තැබූ කිරි මුට්ටිය උතුරා ගියේ නැතැයි උරණ වූ සැමියකු සිය බිරියට පන්න පන්නා පහර දුන් බව කියැවෙන පුවතකි.
ගෙවදීමේ උත්සවයට සහභාගි වූ අයකු පැවසූ අන්දමට සිද්ධිය මෙසේය.
ඇයත් ඔහුත් සාමාන්‍ය රැකියාවල නිරත වන රාජ්‍ය සේවකයන් දෙදෙනෙකි.
රැකියාවෙන් ලබාගත් ණය මුදල් මෙන්ම තමුන්ට ලැබුණු සුළු වැටුපෙන් කොටසක් ඉතිරි කර ගනිමින් අඩක් නිමවූ නිවසට ගෙවැදීමට ඔවුන් තීරණය කළේ කුලී නිවෙස්වල විසීමට වඩා එය සැපතකැයි දෙදෙනාටම ඒත්තු ගිය නිසාවෙනි.
නිවෙසට ගොඩ වැදීම වෙනුවෙන් සිය පවුල්වල ඥාතීන් මෙන්ම හිතවතුන් කීප දෙනකු එක්කර ගනිමින් පුංචි සාදයක් ද සූදානම් කර තිබිණි.
සුබ නැකතින් නිවසට ගොඩ වැදුණු දෙන්නා දෙමහල්ලන් දෙපාර්ශ්වයේ ඥාතීන් ද එක්කරගෙන සාලයේ කිරි මුට්ටියක් ළිප තැබුවේ නිවැසි කාන්තාවට එහි මුල් තැන ලබා දෙමිනි.
කිරි මුට්ටිය උතුරවා ගැනීම ඉක්මන් කිරීම සඳහා නිවැසි කාන්තාව ද දන්නා ශිල්ප දක්වමින් ළිපට ගින්දර දැම්මේ ඉක්මනින්ම කිරිමුට්ටිය උතුරුවා නිවසට ආශිර්වාද ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. දන්නා ශිල්ප දමමින් ළිපට ගින්දර දැමුවත් අඩක් කිරිපිර වූ විශාල මුට්ටියෙන් කිරි උතුරා යෑම පමා වෙද්දී නිවෙස් හිමියාගේ මෙන්ම ඔහුගේ පාර්ශ්වයේ ඥාතීන්ගේ ද සීමාව ඉක්මවා යන්නට විය.
කිරි ඉතිරි වීම ප්‍රමාද වෙද්දී ගෙහිමියාගේ ඥාතීන් අතර පැතිර ගිය කසු කුසුව මහා ගාල ගෝට්ටියක් බවට පත්වන්නට වැඩි වේලාවක් ගත නොවූ අතර ඉන් අපහසුතාවට පත් ගෙහිමියා සිය බිරියට එක්වරම අතින් පයින් පහර දුන්නේ සිදු වූයේ කුමක්දැයි ඇයටවත් හිතාගන්නට ඉඩක් නොතබමිනි.
ළිපක් පත්තුකර ගන්නට බැරි වීමේදී වචන පිට වෙද්දී ඇය සිය ආරක්ෂාව පතා නිවසේ පසු පස දොරින් පිටතට පැන දිව යන්නට වූයේ ඇයට කරන්නට අන් යමක් නොවූ හෙයිනි.
ඇගේ ඥාතීන් ඉදිරිපත්ව සිදුවන්නට ගිය මහා ගාල ගෝට්ටියක් සමතයකට පත් කළේ සැමියාටත් සැමියාගේ පාර්ශ්වයේ පිරිසටත් එම සුබදායී අවස්ථාවේ හැසිරෙන ආකාරය අවබෝධ කර දෙමිනි.
කිරි ඉතිරිවීම සඳහා කුඩා මුට්ටියකට කිරි පුරවා එය සිදුකළ යුතු බවත් මෙවැනි විශාල මුට්ටියකට මේ අයුරින් ගින්දර දමා කිරි උතුරු වන්නට නම් වරුවක් පමණ ගතවන බවත් එහි සිටි වැඩිහිටියකු පවසද්දී ගෙහිමියා ලැජ්ජාවෙන් ඇඹරෙන්නට වූයේ තමුන් කළ අනුවන ක්‍රියාවට පසු තැවෙමිනි.
වියලුව වාර්තාකරු
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කිරි මුට්ටිය උතුරා නොගියාට බිරිඳට පන්න පන්නා පහරදීලා