IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


කරාබු ජෝඩුව කරාබු නැටි වෙලා

මාවරල පී.එස්. මද්දුමගේ.



විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ  දකුණේ ගම්මානයකිනි.
විහාරස්ථානයේ අලු‍තින් ඉදිකරන ගොඩනැගිල්ලක බර පැන සොයා ගැනීමට මල්වට්ටි වෙන්දේසියක් සමග භාණ්ඩ සල්පිලක් පැවැත්වීමට දායක සභාවත්, විහාරස්ථානයේ හිමියෝත් කටයුතු සංවිධානය කළහ.
 දායක සභාව සහ තරුණ පිරිස් එකතුව ගමේ සහ අවට ගම් ප්‍රදේශවලට ගොස් සල්පිල් භාණ්ඩ එක්රැස් කිරීම සිදු කළහ. විශාල භාණ්ඩ ප්‍රමාණයක් එකතු කර ගැනීමට එම පිරිස සමත් වූහ.
නියමිත දිනය එළඹීමත් සමග රාත්‍රි සල්පිල ආරම්භ විය. භාණ්ඩ රාශියක් වෙන්දේසි කිරීමෙන් පසුව එක්තරා රන් භාණ්ඩ ලබා දී තිබූ පාර්සලයක් වෙන්දේසි කිරීමේ අවස්ථාව උදා විය. 
වෙන්දේසිකරු රන් භාණ්ඩ ආයතනයේ නම ප්‍රකාශ කර පාර්සලයේ ඇති දේ කුමක්දැයි විස්තර කර ඉතා ඉහළ වටිනා කමක් ඇති භාණ්ඩයක් බව කීවේය.


සල්පිල් ශාලාවේ සිටි තරුණියෝ පිරිසක්, එම භාණ්ඩය ඔවුනගේ පරිහරණයට අත්‍යාවශ්‍ය දෙයක් නිසා තරගයට ලංසු තබමින් සිය ගණනක මුදලක් එකවරම නියම කළහ.
 ඊට ප්‍රති විරුද්ධව තරුණයෝ පිරිසක් දහස් ගණනක මුදලක් ලංසු තැබූහ. වෙන්දේසිය තරගයක් බවට පත්ව නොසිතූ මිලක ලංසුවට තරුණයකුට එම භාණ්ඩය තීන්දු කෙරිණ. රැස්ව සිටි සියලු‍ම දෙනාගේ අවධානය යොමු වූ මෙම භාණ්ඩය මුදල් ගෙවා ලබා ගත් තරුණයා පාර්සලය විවෘත කර එහි ඇති වටිනා දේ කුමක්දැයි විපරම් කර බැලීය. මිතුරන් අතර සිටි එම තරුණයාගේ මුහුණෙහි තිබූ සොම්නස් සහගත බව දුරුවී බලාපොරොත්තු  සුන්වූ පෙනුමක් මිතුරන්ට දැකගත හැකි විය.
“ඇයි? මොක ද ප්‍රශ්නය., මිතුරෙක් විමසීය.
“මචං කරාබු ජෝඩුවක් කියල හිතාගෙන තමයි විශාල මුදලක් වියදම් කරලා මේ භාණ්ඩය ගත්තෙ. මගේ යෙහෙළියට තෑග්ගක් ලෙස දෙන්න. බලපන් තියෙන්නෙ ගස් කරාබු නැටි දෙකක් නේ. හරි ෂෝක් වැඩක් තමයි කරල තියෙන්නෙ.
 මෙය රැස්ව සිටි පිරිසට ද ආරංචි වීම නිසා  තරුණයාට ලජ්ජාවක් ඇති වූයෙන් කාටත් හොරා හෙමින් සීරුවෙන් සල්පිල් ශාලාවෙන් ඉවත්ව, අඳුරේම නොපෙනී ගියේය.
 ඊට පසු ගමේ සමහරු ඔහු දකින විට “ඕන් කරාබු මුදලාලි එනව.’’ කරාබු මිලට ගන්නවාද ? අද මිල කීයද?, කියා තරුණයා දකින විට ගමේ අය විහිළු කිරීමට පුරුදු වූබව දැනගන්නට ඇත..

 



අදහස් (1)

කරාබු ජෝඩුව කරාබු නැටි වෙලා

Zeylanicus Wednesday, 27 March 2024 01:28 PM

ලැජ්ජා වෙන්න ඕනේ මිලට ගත් කෙනා නෙමෙයි, ඔය වගේ ගොන් පාර්ට් තමන්ගේ පන්සලේ කරන්න දෙන හාමුදුරුවරු...!

:       1       14

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 623 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 702 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1086 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9399 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 863 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 326 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2009 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site