සිය වැඩට පැමිණි කාන්තාවක් යැයි සිතා පිරිමියකු බදාගෙන ලැජ්ජාවට පත් වූ මුදලාලී කෙනකු පිළිබඳව උතුරු මැද පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය,
එම මුදලාලී වෙත විශාල වී ගබඩාවක් තිබේ. ඔහු ගමේ ගොවීන්ගෙන් වී ලබාගෙන ඔහුට අයත් මෝල් වලින් වී කොටා සහල් බවට පත්කර අලෙවි කරයි. මහා පරිමාණයෙන් වී කොටන බැවින් ඔහු ධනවත් ව්‍යාපාරිකයකි. ඔහුට දරුවන් නොමැති අතර ඔහු විවාහ වී සිටින්නේ ඔහුට වඩා වයසින් වැඩි කාන්තාවකි.
ඇය උපන් ගෙයි ධනවත් අතර ඇයගේ මුදලින් ඔහු මෙම වී ව්‍යාපාර කර දැන් ධනවත් පුද්ගලයකු වන ඔහු වයස් අවුරුදු හැටකට ආසන්නය. බිරිඳගේ වයස් පරතරය නිසාම ඔහු එම ගමේ ඇහැට කනට පේන විවාහක අවිවාහක කාන්තාවන් වෙත ඇල්ම බැල්ම දායි. එම නිසාම ඔහු නොමැති තැන බොහෝ පිරිස් ඔහු නැති තැන ‘‘නාකි මනමාලයා” ලෙස ඔහු හඳුන්වයි.
ඔහු සිය වී ගබඩාවට එන දුප්පත් විවාහක අඩු වයස් කාන්තාවක සමග දිගටම අනියම් ඇසුරක් පවත්වා ඇත. ඇය විවාහ වී සිටින සැමියා මේලෝ වැඩක් නොකරන ඇය හම්බ කරන සොච්චම් මුදලින් යැපෙන කතාවට කියන මිනිහෙකි.
මෙලෙස වී මුදලාලී ඇය සමග අනියම් ඇසුරක් පවත්වාගෙන යන අතර ඇයට එක් දිනක් වී ගබඩාවේ වැඩට ඒමට නොහැකි වී ඇත්තේ අධික උණ ගතිය නිසාවෙනි. එදින ඇය සිය සැමියා වී ගබඩාවේ වැඩට යවා ඇත්තේ ඇයගේ වැඩ කොටස ඉටු කිරීමටය.එදින ඔහු පැමිණි වැඩ කොටස් වෙත වී ගෝනී අත පත ගාමින් සිට තිබේ. එදින විදුලිය විසන්ධි වී ඇති හෙයින් වී ගබඩාව තිබී ඇත්තේ අඳුරේය. මුදලාලිද කල් යල් බලා හිමිහිට ගබඩාවට රිංගා ඇත්තේ සුපුරුදු පරිදි ඇය හමු වීමටය. කළුවරේ නිසා ඇය තරමක් බය කිරීමට සිතූ මුදලාලී පැමිණ සිටින්නේ ඇයගේ සැමියා බව නොදැන වහා පැන ඔහුව බදාගෙන ඇත්තේ ඇය බව සිතමිනි.
එහෙත් ඇයගෙන් හමන පියරු සුවඳ වෙනුවට තද බීඩී ගඳක්ද දැනි ඔහුට දෙවියන් සිහිව ඇත්තේ ඒ සිටින්නේ ගැහැනියක නොව පිරිමියකු බව ඔහුට අසු වුණ දෑ සමග සනාථ කරමිනි.
මුදලාලිගේ අත් ලිහිල් වෙද්දී ඔහු පණ කඩාගෙන වී මෝලෙන් දුව ගොස් ඇත්තේ මුදලාලී තමන්ට අතවර කිරීමට සැරසුණු බව සිතමිනි. ඔහු මෙම සිද්ධිය කඩ මණ්ඩිය පුරා කියමින් ගොස් ඇති අතර බොහෝ පිරිස් තතු නොදැන කියා ඇත්තේ වී මුදලාලිගෙන් බේරිය යුත්තේ ගැහැනු නොව පිරිමි බවය. තත්වය ආරංචි වූ මුදලාලී සිය බිරිඳගේ මුහුණවත් නොබලා මාස කිහිපයකට ගමෙන් පිටව ගොස් තිබේ.
කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
කරුවලේ අත ගෑ ගැහැනිය පිරිමියෙක් වෙලා