පෝද්දල සරත් ආනන්ද ගමගේ
වෙසක් සතියේ ප්‍රදර්ශනය කළ තොරණක කවි ගායනා කළ කවියකුට එම තොරණ සංවිධාන කටයුතු කළ කාන්තාවක විසින් සිදුකළ පහරදීමක් සම්බන්ධ පුවතක් දකුණු පළාතේ පොලිසියකින් වාර්තා වේ.
පොලිස් පැමිණිල්ලට අනුව සිද්ධිය මෙසේය.
මෙම වෙසක් තොරණ ඉදිකරනු ලබන්නේ ප්‍රදේශයේ වෙළෙඳ සංගමය මගිනි. වාර්ෂිකව ඉදිකරන මෙම තොරණට ආධාර ලබා ගැනීම සඳහා මුද්‍රිත ටිකට් පත් විකුණන අතර රුපියල් 200 ටිකට් පත් හා ඊට වැඩි මුදල් සඳහා ආශිර්වාද කවියකින් ද පින්දීම සිදු කෙරේ.
තොරණේ කවි ගායනය සඳහා එක්වී සිටියේ ද ජනප්‍රිය කවියෙකි. මැදි වයසේ කෙනෙකු වූ ඔහු තොරණේ කවි කියන්නේ කොමිස් මුදලකටය. ලැබෙන මුදලෙන් 5% ක් හිමිවන්නේ කවියාටය.
පොලිස් පොතේ ලියැවී ඇති ආකාරයට කවියාට පහරදී ඇත්තේ තොරණේ සංවිධායකවරියකි. එහිදී ඇයද රුපියල් 100 ක මුදලක් දෙමින් කවියක් කියන ලෙස ඉල්ලා ඇති අතර මුදල අඩුවීම නිසා කවියා කවිය කීමට උනන්දු වී නැත. අවස්ථා කීපයක දී පැමිණ ඒ ගැන මතක් කිරීමෙන් පසුවයි කවිය කියා ඇත්තේ.
ඇය වෙනුවෙන් කවිය කියා විනාඩි කීපයකට පසුව පැමිණ ඇති මෙම කාන්තාව අත තිබූ කුඩයෙන් කවියාට පහර දී ඇත. පහරදීම නිසා ඔහුගේ උපැස් යුවළට ද හානි සිදුවී ඇත.
අනෙක් සංවිධාකයන් මැදිහත් වී ගැටුම නිරාකරණය කර කවියා බේරාගෙන ඇත. නිශ්කාරණේ තමාට පහර දුන්නා යැයි සඳහන් කරමින් තොරණ ඉදිරිපිට වූ පොලීසිය වෙත ගොස් කවියා පැමිණිල්ලක්ද සටහන් කර ඇත.
දෙපාර්ශ්වය කැඳවා තොරතුරු විමර්ශය කිරීමේ දී සිද්ධිය එසේ වාර්තා වූ අතර පැමිණිල්ල විභාග කළ පොලිස් සැරයන්වරයා එම කාන්තාවගෙන් පහරදීමට හේතුව විමසා ඇත. එහිදී ඇය පවසා ඇත්තේ කවියා තමා වෙනුවෙන් කී කවියෙන් ඉතා කැත කතාවක් කීම නිසා එසේ පහරදුන් බවයි.
කී කවිය තමාට මතක නැතැයි කවියා පැවසීම නිසා පොලීසිය ඉදිරිපිට තිබෙන තොරණේ සංවිධායකයන්ගෙන් වීඩියෝ හඬ පටයක් ලබාගෙන එය ශ්‍රවණය කිරීමට පොලීසිය කටයුතු කර තිබුණි.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කවි පද හරහට ගිහින් කුඩ මිටෙන් ගුටිකාලා