කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
ගොටුකොළ සම්බෝලයේ තිබුණු කෙස් ගසක් නිසා නැන්දම්මා ලේළිය කෙහෙවලු පටලවා ගත් අපූරු පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තාවෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 71 හැවිරිදි තිදරු මවක් තරුණ බාල පුතා, ලේළිය, ඔවුන්ගේ මුණුපුරන් මිනිපිරියන් සමග පදිංචිව සිටියි. තිදරු මව කලක් කෑගල්ල ප්‍රදේශයේ රෝහලක සෞඛ්‍ය කාර්ය සහායිකාවක් ලෙස සේවය කොට දැනට විශ්‍රාම සුවයෙන් සිටින්නීය. ඇගේ සැමියා වැඩිමල් දියණියගේ නිවසේ පදිංචිව සිටියි.
ඉකුත් දිනක වයෝවෘද්ධ තිදරු මව පෙරවරුවේ පදිංචිව සිටින ඉඩම ආසන්නයේ පිහිටා ඇති පොල් වත්තට ගොස් ගොටුකොළ මිටක් ගලවාගෙන පැමිණියේ දවල් කෑමට ගොටුකොළ සම්බෝලයක් සාදා ගැනීමේ අරමුණින්ය. ගලවාගෙන පැමිණි ගොටුකොළ මිටේ දඬු ඉවත් කර ශුද්ධ පවිත්‍ර කර සෝදා පිහිය ගෙන කපා මැටි කෝප්පයකට දැමුවාය.
‘දුවේ අමු මිරිස් කරලක්, ලූනු ගෙඩියක් කපා දමා දෙහි දාලා අනලා තියන්න. අව්ව වැටුණ නිසා මම නා ගෙන එන්නම්’ යැයි ලේළියට පවසා වයෝවෘද්ධ කාන්තාව දිය නෑමට වත්ත පහළ පිහිටි පොදු ළිඳට ගියාය.
දිය නාගෙන තිදරු මව පැමිණෙන අවස්ථාවේ දී ලේළිය ගොටුකොළ සම්බෝලය කියාපු ආකාරයට දෙහි ද දමා මිශ්‍ර කර කෑම මේසයේ තබා බත් වෑංජන සමග කූඩයකින් වසා තැබුවාය.
තිදරු මව පිඟානක් ගෙන කෑම මේසයේ තිබුණු වට්ටිය ඉවත් කර බත් සමග වෑංජන පිඟානට බෙදාගෙන ගොටුකොළ සම්බෝලය ද බෙදා ගත්තාය. බෙදාගත් කෑම පිඟාන සාලයට රැගෙන ගොස් තිදරු මව බුක්ති විඳින අවස්ථාවේ දී ගොටුකොළ සම්බෝලයේ තිබී කෙස් ගසක් හමු වී ඇත.
“දුවේ ගොටුකොළ සම්බෝලයේ කෙස් ගහක් කාගෙද මේක? මම අපූරුවට ගොටුකොළ ගලවලා හෝදලා ගෙනත් දුන්නා. මගේ කෙස් ගහක් වෙන්න බෑ” තිදරු මව ලේළියට කතා කොට කීවාය.
කාමරයේ දරුවන්ට බත් කවමින් සිටි ලේළිය තිදරු මව අසලට පැමිණ “කෝ බලන්න කෙස් ගහ” තිදරු මව අත තිබුණු කෙස් ගහ ලේළියගේ ඇඟිල්ලක දැවටුවාය. “මේක සුදු පාට කෙස් ගහක් නේ අම්මේ මගේ නෙමේ අම්මගේ කෙස් ගහක් නේ” යනුවෙන් ලේළිය පැවසුවාය.
පසුව දෙදෙනා අතර බහින්බස්වීමක් සාලයේ දී සිදුවිය. තිදරු මව කෑම නොකා අත තිබුණු පිඟාන කුස්සියට රැගෙන ගොස් තබා ලේළියට දොස් නගන්නට වූවාය. නැන්දම්මාගේ දොස් ඉවසා දරා ගත නොහැකි වූ ලේළිය පැමිණ නැන්දම්මාගේ කොණ්ඩයෙන් අල්ලා කට මිරිකුවාය. තිදරු මව ඊට පස්සේ කට වහ ගත්තාය.
සවස රාජකාරි කටයුතු නිම කර නිවසට පැමිණි තරුණ පුතාට ලේළිය දවල් තමාගේ කට මිරිකුවා යැයි හැඬූ කඳුළින් පැවසුවාය. පසුව පුතා මවයි බිරිඳයි දෙදෙනාම එක තැනකට ගෙන කාගෙවත් පැත්තක් නොගෙන ගොටුකොළ සම්බෝලය නිසා නැන්දම්මා ලේළිය අතර ඇති වූවා යැයි කියන විරසකය අපූරුවට විසඳා ඇතැයි වාර්තා වෙයි.
විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
ප්‍රසිද්ධ කුලී රථ සමාගමකට අයත් වාහනයක් කුලී පදනමට රැගෙන අගනුවර ප්‍රදේශයේ සිට දකුණේ ගම්බද ප්‍රදේශයකට ගොස් කුලී මුදල නොගෙවා පලාගිය සැමියා බේරාගන්න බිර
මෝඩයාගේ දිනය හෙවත් අප්‍රේල් 01 දා තම සහෝදරයා ගොනාට ඇන්දවීමට ගොස් සහෝදරිය ඇන්දුනු පුවතකි මේ.
පොලීසියෙන් අල්ලාගත් මිතුරාගේ රුපියල් විසිපන්දහසේ දඩය නොගෙවන තැනට කටයුතු කරන්න තමාට හැකි යැයි පුරසාරම් දොඩා ඒ සඳහා මැදිහත්වීමට ගොස් මිතුරාගේ දඩය මෙන
සිය පෙම්වතියගේ පියාට කසිප්පු අලෙවි කිරීමට ගොස් ප්‍රේමය අහිමි කර ගත් තරුණයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
සයනයක සුව පහසු මෙට්ටයකට වඩා සිය සැමියා මහ මග හිටගෙන නිදි දෙව් දුවගේ පහස විදීම හමුවේ රාත්‍රී සේවාව සඳහා යාමට සූදානමින් සිටි විවාහක බිරිය දැඩි අසරණතාවයක
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
කෙස් ගහකට නැන්දම්මයි ලේළියි ඇරගෙන