IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


කෙසෙල් හොරා කැනත් එක්ක ගම වටේ කරකවලා

කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න
“ආයේ මම ගමේ කාගෙවත් කෙසෙල් කැන් හොරෙන් කපන්නේ නෑ”‍ යැයි පවසමින්, කාලයක සිට හොරෙන් කෙසෙල් කැන් කපා අලෙවි කර මත්ද්‍රව්‍ය පානය කර ඇතැයි කියන තරුණයකු කෙසෙල් කැනක් කපාගෙන යමින් සිටියදී ගමේ තරුණයකු විසින් අල්ලා ගනු ලැබූ කෙසෙල් කැන කරේ තබාගෙන ගමක් වටා එලෙස ගමන් කරවා ඇතැයි කියන අපූරු පුවතක් ඉකුත් දා කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 22 හැවිරිදි තරුණයකු තදින්ම මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වී සිටියි. මෙම තරුණයා මුල් කාලයේ මවුපියන්ගේ මුදල්, රන් බඩු සොරකම් කරගෙන ගොස් කීයකට හරි උකස් කර මිතුරන් සමග මත්ද්‍රව්‍ය පානය කිරීම නිසා මවුපියෝ අද කබලෙන් ළිපට වැටී සිටිති.


පොලීසියේ මැදිහත් වීමෙන් අධිකරණයට කරුණු වාර්තා කර, තරුණයා පොළොන්නරුව ප්‍රදේශයේ පුනරුත්ථාපන කඳවුරකට මවුපියෝ යොමු කළහ. වසරක කාලයක් එහි පුනරුත්ථාපනය ලැබූ තරුණයාට පුනරුත්ථාපනය අවසානයේ මවුපියන් ගෙන්වා “දරුවා හොඳට හදලා තියෙනවා, හොඳට රැක බලා ගන්න”‍ යැයි පවසා මවුපියන්ට තරුණයා භාර දී තිබුණි.
මවුපියෝ ද පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිලධාරීන්ට ස්තුතිය පුද කර දරුවා නිවෙසට යළි රැගෙන පැමිණියහ. ආ දවසේ සිට තරුණයා සති දෙක තුනක පමණ කාලයක් නිවෙසින් එළියටවත් බහින්නේ නැතිව කාමරයට වී දුරකතනයට යොමු වී සිටියේය. මවුපියෝ තරුණයා ඉල්ලන කෑම බීම ඇඳුම් පැලඳුම් නගරයට රැගෙන ගොස් අරන් දුන්හ. තරුණයා ද සුපුරුදු පරිදි මවුපියන්ට කරදර නොකර කල් ගෙවමින් සිටියේය. යළි තරුණයා සුපුරුදු පරදි ටිකෙන් ටික මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි විය. මවුපියන්ගේ මුදල්, නිවෙසේ බඩු මුට්ටු සොරකම් කර උකස් කර මත්ද්‍රව්‍ය පානය කළේය. නිවෙසේ උකස් කිරීමට දෙයක් නොමැති අවස්ථාවේදී තරුණයා අවට ගෙවල්වල කෙසෙල් කැන්, පුවක්, පොල් සොරකම් කරන්නට පටන්ගත්තේය.
මීට මාස කිහිපයකට ඉහතදී ගමේ වයෝවෘද්ධ පුද්ගලයකු වගා කර තිබුණු කෙසෙල් කොටුවේ කෙසෙල් කැන් කපාගෙන රැගෙන යන අවස්ථාවේදී ඔහු අල්ලා ගත්තත්, පසුව මවුපියන් ගැන සිතා වයෝවෘද්ධ පුද්ගලයා තරුණයාට සමාව දී ආපසු යවා තිබුණි.
ඉකුත් දිනක දහවල් කාලයේ යළි ගමේ කාන්තාවකගේ කෙසෙල් කැනක් කපාගෙන යෑමට සූදානම් වන අවස්ථාවේදී කාන්තාවගේ තරුණ පිරිමි දරුවා කෙසෙල් කැන කපන අයුරු දැක තිබේ. 
පසුව කෙසෙල් කැන සමග තරුණ සොරා අල්ලා ගත්තේය. 
කෙසෙල් කැන් හොරාට යළි කෙසෙල් කැන් හොරෙන් නොකපන්න අපූරු පාඩමක් අද නම් කියා දිය යුතු යැයි කාන්තාවගේ තරුණ පුතා සිතුවේය. ‘ගනින් කරට කෙසෙල් කැන, මෙහෙම කියපන්,’ “මම ආයේ ගමේ කාගෙවත් කෙසෙල් කැන් හොරෙන් කපන්නේ නෑ”‍ ලෙස මහ හඬින් කියමින් ගම වටේ රැගෙන ගියේය. ගමේ බොහෝ පිරිසක් කෙසෙල් කැන රැගෙන යන අයුරු දැක තරුණ හොරාට අනුකම්පා කළහ. තව පිරිසක් “බොහොම හොඳා. ඔහොම කරන්නේ නැතිව බෑ”‍ විවිධ අදහස් ඉදිරිපත් කෙරිණ. ගම වටේ කෙසෙල් කැන් රැගෙන ගොස් ඇති තරුණයා ආපසු හිමිකාරියට කෙසෙල් කැන ගෙනත් භාර දී වැඳ සමාව අරගෙන “ආයේ කෙසෙල් කැන් කපන්නේ නෑ” යැයි පවසා ආපසු නිවෙස කරා ගොස් ඇති බවත් වාර්තා වෙයි. තරුණයාට එදා ලබා දී ඇති අපූරු දඬුවමෙන් පසුව මේ දක්වා ගමේ කිසිම දෙයක් සොරකම් කර නොමැති බව වාර්තා වෙයි.

 



අදහස් (0)

කෙසෙල් හොරා කැනත් එක්ක ගම වටේ කරකවලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

මිතුරා මළැයි කියා සිතා බූරුවා ගහන්න ගෙදර ඇවිත්
2024 ඔක්තෝබර් මස 22 152 0

ගාල්ල නගරාසන්නයේ ගමක විසූ මිතුරන් දෙදෙනෙකි. දෙදෙනාම සුරාවට ලොල්ය. පසුගිය දිනක සවස දෙදෙනා හොඳටම රත්වූහ.


බිරින්දෑවරුන් මාරුකරගෙන මඟු‍ලත් කැඩිලා
2024 ඔක්තෝබර් මස 21 821 0

සිය බිරින්දෑවරුන් දෙදෙනා වෙනසකට වගේ මාරුකරගත් යහළුවන් දෙදෙනෙකු ඔවුන් දිගටම ඇසුර පවත්වාගෙන යෑම හේතුවෙන් එය විසඳා ගැනීමට එක් බිරියක රුහුණේ පොලිසියක


මං ගොනා බිලට පොලු තියා අමාරුවේ වැටිලා
2024 ඔක්තෝබර් මස 19 527 0

පිටේ දවටා තිබුණු යමක් සමච්චලයට ලක් කිරීමෙන් මිතුරා උරණ වීම හේතුවෙන් හෝටලයක කෑම බිල ගෙවා ගත නොහැකිව තවත් මිතුරන් පිරිසක් දැඩි අපහසුතාවකට පත්වූ පුවතක්


කප්පාදු කරන්න කීවාම තේ ගස් පිටින්ම කපලා
2024 ඔක්තෝබර් මස 19 552 0

කළයුතු දේ හරිහැටි සොයා නොබලා කටයුතු කිරීමෙන් තම බිරියගේ පවුලේ අයගේ දෝෂ දර්ශනයට ලක් වූ පුද්ගලයකු පිළිබඳ පුවතක් මාතර මොරවක්කෝරළය පෙදෙසින් වාර්තා වෙයි.


සංගීතයේ පුටු ගෙවල්වලට පියාබලා
2024 ඔක්තෝබර් මස 19 172 0

වැස්සට පිං සිද්ධ වෙන්න පුටු තොගයක් සිය නිවෙස්වලට රැගෙන ගිය පිරිසක් පිළිබඳව කතාවක් ඇල්පිටියෙන් අසන්නට ලැබේ.


ගුලි දෙක මාරුවී ඉහ මොළ රත් වෙලා
2024 ඔක්තෝබර් මස 19 197 0

මෙය බලංගොඩ ප්‍රදේශයේ එක්තරා ගමක සිදුවූ අපූරු සිදුවීමකි. නිවසක පෙර දින රාත්‍රියේ ආහාරයට ගෘහණිය විසින් කුරක්කන් තලප සූදානම් කර තිබිණි නිවසේ සිටින්නේ ව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 83 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 772 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 535 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site