IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ගෙදර සූර් වී ත්‍රීවීලරයකින් ගිහින් ගේ හොයලා

කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම 


සිය නිවසේම මිතුරන් හා මත්පැන් පානය කර සූර් වී ත්‍රිරෝද රථයක් හයර් එකට ගෙන සිය නිවස සෙවූ පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා නගරයකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය, 
ඔහු සිය මිතුරන් සමග සතියකට කිහිප වතාවක් මත්පැන් සාද පැවැත්වීමට පුරුද්දක් කරගෙන සිටියෙකි. මෙම මිතුරන් මාරුවෙන් මාරුවට එකිනෙකාගේ නිවෙස්වල මත්පැන් සාද පවත්වන අතර මෙදින මෙම මිතුරාගේ නිවසේ සාදය පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ එදින ඔහුගේ බිරිඳ සිය මහ ගෙදර ගොස් පැමිණෙන්නේ සවස් යාමයේ බැවිනි.
ඔවුන් එදින සිය මත්පැන් සාදය ආරම්භ කර පදමට මත්පැන් පානය කර විනෝද වී ඔහුගේ නිවසින් පිටව ගොස් ඇත්තේ ඔහුගේ බිරිඳ පැමිණීමට නියමිත වෙලාව පැමිණි පසුවය.


කෙසේ වෙතත් ඔහු මිතුරන් ඇරලීම සඳහා නිවසේ සිට ප්‍රධාන මාර්ගය දක්වා ගොස් ඇති අතර මිතුරන් පිටව ගිය පසු සූර්පිට සිය නිවස වෙත යාමට ත්‍රිරෝද රථයකට ගොඩව ඇත්තේ සිය නිවස ආසන්නයේ සිටම කල්පනාව ගිලිහී ගොස් සිටි බැවිනි. ත්‍රිරෝද රථයට ගොඩවූ ඔහු “ඔහොම යමු මල්ලී”‍ යයි පවසා ඇත්තේ ඔහු එදින මත්පැන් පානය කළේ මිතුරකුගේ නිවසේ බව සිතමිනි. 
නිවසට ගිය මිතුරකු ඔහු අමතා ඇත්තේ අධික බීමතින් සිටි බැවින් ඔහු බීමතින් පෙර සිදු කළ පිස්සු මතක්ව තත්වය පිරික්සීම සදහාය. “අවුලක් නැහැ මචං මම මේ ත්‍රීවීල් එකකින් ගෙදර යන ගමන්”‍ යැයි පවසද්දී අන්දුන් කුන්දුන් වු මිතුරා “මචං අද අපි පාටිය දැම්මේ උඹලාගේ ගෙදරනේ”‍ යැයි පවසද්දි වෙරි පිට තමන්ට එයත් අමතක වී ඇති බව පසක් වූ ඔහු යළිත් ත්‍රිරෝද රථය හරවා ගෙන ආපසු නිවසට ගොස් ඇත්තේ අධික දුරක් ගිය බැවින් ත්‍රිරෝද රථයට හොඳ මුදලක් ගෙවා දමමිනි.



අදහස් (0)

ගෙදර සූර් වී ත්‍රීවීලරයකින් ගිහින් ගේ හොයලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 620 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 701 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1085 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9399 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 862 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 325 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2008 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site