කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
කෙල්ල ඇඹරූ ගැටයට කොල්ලො ටිකම හසුවී ඇඟ රත්කර ගන්න ගෙනා සියලුම මුදල් අහිමි කර ගත් කතාවක් අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණය ඉදිරිපිට කුඹුක් ගහ යටින් අසන්නට ලැබේ.
අම්බලන්ගොඩ කොල්ලන් ටික සෙට් වෙන්නේ මෙතනය. දන්සල් දෙන්න කතා කර ගන්නේද මෙතනය. මිතුරකුට උදව්වක් පදව්වක් කරන්න කතා කර ගන්නේත් මෙතනය. ක්‍රීඩාංගණයේ ක්‍රිකට් තරගයක් අතරතුර එය නරඹමින් ඔවුහු අහිංසක සතුටක් භුක්ති විදිති. ඉදහිට මෙතන සිට ඇඟ රත්කර ගන්නා අවස්ථා නැත්තේද නොවේ. නිවසින් මඳ විරාමයක් ලැබුණු ගමන් ඔවුහු මෙතනට දිව එති. කති, බොති, විනෝද වෙති. කාටවත් කරදරයක් නැතිව ඔවුහු තමන්ගේ කාන්සිය පාළුව මෙතැන සිට ගෙවා දමති. ඒ මේ අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණය ඉදිරිපිට කුඹුක් ගහ යටය.
අපේ කට්ටියම මෙතන මෙදා ඉන්නා විට නාඳුනන කෙල්ලක් ආවාය. ගියේ ටික වේලාවකි මේ කෙල්ල එක පාරටම කපා හෙලූ කෙහෙල් කඳක් මෙන් බිම වැටුණාය. අපේ දුක් ගන්නා රාලලා සිතුවේ ඇය නිරාහාරව ක්ලාන්තව වැටෙන්න ඇතැයි සිතාය. එහෙයින් ඔවුහු දනිපනිගා එදා ඇඟ රත්කර ගැනීමට ගෙනා මොනරු කොළ කිහිපයක්ම එකතු කළහ.
ඒ විතරක්ම නොව ක්ෂණයකින් 1990 සුව සැරිය ගිලන් රථයක් ද ගෙන්වීමට ඔවුහු කටයුතු කළහ. සිහිය ආ ඇයට තමන් එකතු කළ මොනරු සියල්ලම දුන්හ. ඇය සුව සැරියෙන් බලපිටිය රෝහලටද පිටත් කර හැරියාය.
අනේ මචෝ කෙල්ල බිම වැටුණු විට මගේ පපුව හෝස් ගා පත්තුවුණේ යයි එකෙක් කීවේය. මචං මට අපේ නෝනා මතක් වුණා යයි තව එකෙක් කීවේය. කට්ටියම දුක් සයුරේය. මේ අසරණ කෙල්ලට ඉක්මන් සුවය ලැබේවායි එතන සිටි අපේ සියල්ලෝම ප්‍රාර්ථනා කළහ. ඇත්තටම ඇය වෙනුවෙන් අවංකවම මේ අය දුක්වූහ.
මේ අල්ලපනල්ලේ ඇය ගෙනයාමට ආ සුව සැරියේ අයකු එතන සිටි අයකුට කීවේ මේ කෙල්ල කර ඇත්තේ රඟපෑමක් බවය. ඇය රෝහලට ඇතුළත් නොවී අපේ අය දුන්නු මොනර කොළ ටික ගැන ගැන නිවසට ගිය බවය. සියල්ලන්ටම පොළොව පලා ගෙන යන තරමේ ලජ්ජාවකුත් මීට ටිකකට කලින් මේ කෙල්ල ගැන ඇතිවූ දුක කලකිරීමකටත් පෙරළුණේ ආයෙත් නම් මේ වගේ ගැහැනු ගැටවලට අසු නොවන බව කියමින්ලු.
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන
මෙය සබරගමුව පළාතේ බලංගොඩට නොදුරු එක්තරා ගම්මානයක සිදුවූ අපූරු සිදුවීමකි. හෙතෙම මේ එදිනෙදා කුලී රැකියාවේ සිටි අයෙකි. විවාහකව සිටි අතර දරුවෝ කිහිප දෙනෙ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
ගැහැනු ගැටයට හසුවී අතේ පිච්චියත් පුදලා