IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


තෑගි සාරියත් කූල් පෙට්ටියේ

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුතු කතාවක් ගාලු‍ දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
මේ ගුරුවරියගේ නිවසට අලු‍ත් අවුරුද්දට රොතු බුරුතු පිටින් පිරිස් ආහ. සිය පාසලේ සහෝදර ගුරුවරුන් සහ සිසුන් ද ඒ අතරය. නෑ සනුහරේ අය ද ඊට නොදෙවැනි ලෙස පැමිණියහ. ඒ පැමිණි සෑම දෙනාම තෑගි බෝග ද  රැගෙන ආහ. වැඩිමනත් ගෙන ආවේ කේක් ගෙඩි සහ බිස්කට් වර්ගය. මෙලෙස ගෙනා කේක් සහ බිස්කට් ඇය කල් තබා ගැනීම සඳහා ගබඩා කළේ ශීතකරණයේය. ඒ එන අයට සංග්‍රහ කිරීමට සහ වෙනත් නිවෙස් කරා ගෙන යාමේ අරමුණෙන්ය.


මේ ගුරුවරිය හමුවීමට හිතවත් ගුරුවරුන්, දෙගුරුන් සිසුන් මෙන්ම නෑ සනුහරම අවුරුද්දට ආවෝ ගියෝය. අවුරුද්ද පසුවී මේ ඊයේ පෙරේදා ඇයගේ නිවසට පැමිණියේ නැගණියගේ පවුලේ අය ය. ඒ දුර පළාතකිනි.
අක්ක, නගෝ කුස්සියට ගියේ ආගිය තොරතුරු කතා කරමින් කට්ටියටම තේ ටිකක් සෑදීමටය. ගුරු අක්කා තේ හදනකම් නැගණියට කීවේ ශීතකරණයේ ඇති කේක් ගෙඩියක් ගෙන කපන ලෙසය. ඒ අනුව නැගණිය ශීතකරණයෙන් අහඹු ලෙස තමාගේ අතට හසුවන  හොඳ වර්ගයේ පොලිතින් කවරයක දමා තිබූ කේක් පෙට්ටියක් ගත්තාය.
පොලිතීන් කවරයෙන් එළියට එහි තිබූ පෙට්ටිය ගෙන එය ගැලවීමෙන් පසු දුටු දෙයින් නංගිට ඇතිවූ හිනාවෙන් ඇයගේ ඇස්වලින් කඳුළු ද පැන්නේය. ‘අනේ අනේ අපේ අක්කා කේක් ගෙඩියක් කියලා මෙච්චර කලක් ශීතකරණයේ දාගෙන ඉඳලා තියෙන්නේ පෙට්ටියක දාලා හොඳට පැක් කරලා තිබුණු වටිනා සාරියක්නේ’ යනුවෙන් කියා සිටියේ  නිවසේ අනෙක් අය ද දැනුම්වත් කරමිනි.

 



අදහස් (0)

තෑගි සාරියත් කූල් පෙට්ටියේ

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 625 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 703 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1087 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9399 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 864 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 326 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2009 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site