හසලක සුනිල් ඒකනායක
හිස් වැසුමක් නොමැතිව යතුරු පැදියෙන් අධික වේගයෙන් ගමන් කරන විට පොලිසියට හසුවීමෙන් තැනට සුදුසු නුවණ පාවිච්චි කළ නිසා එම වරදින් නිදහස් වී දඩයකින් බේරි යෑමට හැකි වූ බව පැදිකරු ගමේ කඩේදී පැවැසුවේ මහත් උජාරුවෙනි.
තිස් හතරහැවිරිදි වියේ පසු වෙන ඔහු ගමේ කොයි කා අතරත් ප‍්‍රසිද්ධ වී ඇත්තේ නිතර කවටකම් කරන තැනට සුදුසු නුවණ පාවිච්චි කරමින් කටයුතු කරන අයෙකු ලෙසිනි. මෙදින ඔහු හදිසි අවශ්‍යතාවයකට නිවසින් පිටත්ව සිය යතුරු පැදියේ නැගී හසලක නගරය බලා ගියේ හිස් වැසුම රහිතවය. එය ඔහුට වූ අමතක වීමකි. නගරය බලා යතුරු පැදියෙන් වේගයෙන් ගමන් කරමින් සිටින අවස්ථාවේ ඉදිරියේ තිබූ මාර්ග බාධකයේදී ඔහුගේ යතුරු පැදිය පොලිස් අණින් නැවතුණි.
“ඇයි සර්” යැයි යතුරු පැදිය නැවැත්වූ පොලිස් නිලධාරියාගෙන් ඔහු විමසුවේ තමන් රථවාහන වැරැද්දක් නොකළ නිසාවෙනි.” තමුන් කොහෙද මේ කඩාගෙන බිදගෙන යන්නේ. කෝ තමුන්ගේ හිස් වැසුම. ගන්නවා රියදුරු බලපත‍්‍රය.” ඒ වදනත් සමගම ඔහුට තරු පෙනුණි. ඒ සැනින් හිස අත ගෑ ඔහුට තමන්ගේ හිස් වැසුම නොමැති බව වැටුහුණි. ක්ෂණයකින් ඔහුට පහළ වූයේ තැනට සුදුසු නුවණකි. “අනේ සර් හරි වැඩේනේ වුණේ. මම අහවල් කඩේ ළඟ බයිසිකලය නතර කරලා කඩේට ගිහිල්ලා තේ එකක් බිලා ආපසු එන ටිකට මගේ රුපියල් 4000/-ක් විතර වටින අලුත්ම හිස් වැසුම හොරකම් කරගෙන ගිහිල්ලනේ. මම ඒ ගැන පොලිසියට පැමිණිල්ලක් කරන්න යන ගමන් කලබලේට මට වෙනත් හිස් වැසුමක් වත් ඉල්ලාගෙන දාගෙන එන්න බැරි වුණා. අනේ මට සමාවෙන්න සර්. මම පැමිණිල්ල දාන්න ඉක්මනට යන්නම්. නැතිනම් මගේ හෙල්මට් එක හොයා ගන්න බැරි වෙයි.” යැයි බැගෑපත්ව නිලධාරියාගෙන් කාරුණික ඉල්ලිමක් කළේය.” හා එහෙනම් ඉක්මනට ගිහිල්ලා පැමිණිල්ල දානවකෝ. හැබැයි රජෝ ආයේ නම් හිස් වැසුම නැතිව ගමන් කරලා අහු වෙන්න එපා.” යැයි නිලධාරි මහතා පැවසුවෙන් ඔහු වහා එතැනින් නික්ම තම අවශ්‍යතාවය ඉටුකරගෙන වෙනත් මාර්ගයකින් නිවස බලා පියඹා ගොස් සිද්ධිය කඩේ හිතවතුන්ට පැවසුවේ තැනට සුදුසු නුවණ පාවිච්චි කරපු හින්දා රුපියල් 2500/ක දඩයකින් බේරුණා. යැයි කියාය.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තැනට ඔබින නුවණින් පොලිස් කනෙන් රිංගලා
himal Tuesday, 25 June 2024 10:26 AM
පොලිසිය කරන්නේ රටේ නීතිය ක්‍රියාත්මක කරන එක. ඒත් මෙතන ලිපිය ලියවෙන්නේ ලොකු වීරකමක් කරපු විදිහට. ඇයි මේ පුද්ගලයා කරපු වරද ඉස්මතු කරන්නෙ නැත්තේ? හෙල්මට් නැතුව බොරු කියලා ගිහින් අනතුරක් වුනා නම් බොරුව ඇවිල්ලා බේර ගන්නවාද?