කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
වැල්ලේ වැටකෙයියා පඳුරක් අස්සේ පෙම් කෙළින්නට ගොස් සිය යතුරු පැදියේම ඉන්ධන තමාට දෙගුණ තෙගුණ මිලකට මිලදී ගැනීමට සිදු වූ පෙම්වතකු පිළිබඳව පුවතක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ප්‍රදේශය අම්බලන්ගොඩ පටබැඳිමුල්ලය. තැන එම ප්‍රදේශයේ පිහිටා ඇති ආදාහනාගාරය පිටුපස වැල්ලේ වැටකෙයියා පඳුරක්ය. මෙතනට ජෝඩු එන්නේ කලක පටන්. ඒ පෙම් සුවඳ විඳීමටයි කියමිනි. මෙලෙස එතැනට කොල්ලන්, කෙල්ලන් එන්නට පටන් ගත්තේ එහි ස්ථාපිත කෙරුණු වෙරළ උද්‍යානයත් සමගමය.
සමහර ජෝඩු මෙතනට එන්නේ පා ගමනෙනි. යතුරු පැදිවලින් එන අය ද නැත්තේ ද නොවේ. අපේ කතාව එසේ යතුරු පැදියෙන් පැමිණි ජෝඩුවක් ගැනය. එසේ නැතහොත් අවුරුදු දාහතේ දහඅටේ දෙදෙනෙකු ගැනය.
ඔවුන් දෙදෙනා ආ යතුරු පැදිය වැල්ලට පෙනෙන නොපෙනෙන දුරින් බොහෝම පරිස්සමට හෙවණේ ගසක් යට නතර කෙරුණේය. දෙන්නට දෙන්නා අත්වැල් පටලාගෙන වැල්ලේ වැට කෙයියා පඳුරක් අස්සට රිංගූහ.
දෙන්නාම ප්‍රබෝධමත් සිනා කැකුළු මල් මුවේ නගා ගෙන පැමිණියේ තමන් ආ යතුරු පැදියේම නැගී කිසිවක් නොවූ අයුරින්ම සුටුස් ගා සිය නිවෙස්වලට රිංගීමටය.
පෙම්වතා සිය යතුරු පැදියට යතුර දමා එය පණ ගැන්වීමට උත්සහා කළේය. වෙනදා යතුර දමා එක පහ පහරකින් පණ ගැන්වුණු සිය යතුරු පැදිය මෙදා පා පහර දහපහළවක් ගැසුවත් පණ ගැන්වීම බොරු විය.
එද්දී සිය යතුරු පැදියට ගසාගෙන ආ ඉන්ධන ඉවරවීමටද ඉඩක් නොමැති බව පෙම්වතා සිතුවේය. එහෙයින් ඔහු තව තවත් වෙර දරා යතුරු පැදියේ පැඩලයට පහර පිට පහර දුන්නේ මුළු පරිසරය අඳුරින් වෙලා ගැනීමට ප්‍රථමව සිය පෙම්වතියට ඇයගේ නිවසට යාමට ඉඩහසර සලසාදීමේ අටියෙනි.
එහෙත් යතුරු පැදිය නොවේ හූම් ශබ්දයක්වත් හඬ නැගූවේ. ඔය අස්සේ ඔතනට ගැටයෙකු එන්නේ වැල්ලට යන ආකාරයටය. මොකෝ මල්ලී බයිසිකලය ඉෂ්ටාඩ් නැද්ද? බලන්න ටැංකියේ තෙල් තිබේදැයි කියලා මේ ගැටයාගේ උපදෙසය. අයියේ මම එනකොටයි තෙල් ගහගෙන ආවේ පෙම්වතා පෙරලා කීවේය. මම කිව්වට බලන්නකෝ ටැංකිය ඇරලා තෙල් තිබේදැයි කියලා ගැටයා ඒ සම්බන්ධයෙන් ප්‍රාඥයෙක් මෙන් ටිකක් තදින් කීවේය.
මුවින් කිසිත් නොකී පෙම්වතා සිය යතුරු පැදියේ තෙල් ටැංකිය විවෘත කළේය. හත්දෙයියනේ තෙක් කඳුළක්වත් නැහැනේ. කවුරුහරි තෙල් ඇදලා. අයියේ දැන් මොකද කරන්නේ යයි ඔහු ගැටයාගෙන් ඇසුවේය.
කොහේද ඉතිං වැටකෙයියා පඳුර අස්සට රිංග ගත්තාම මෙලෝ දෙයක් මතක නැහැනේ. ඒ අස්සේ කවුරුහරි බයිසිකලේ තෙල් ටික අදින්න ඇති. තෙල් ගහ ගන්න බයිසිකලේ කිලෝමීටර් දෙකක් විතර තල්ලු කර ගෙන යන්න වෙනවා. ඒක මේ වෙලාවේ කරන්නත් බැහැනේ. මොකද කිසිම දෙයක් නොවුණු ගානට මේ නංගිත් අඳුර වැටෙන්න කලින් ගෙදර යවන්නත් එපානේ, යයි ගැටයා කීවේ නංගිගේ හොර මුහුණ දෙස බලාගෙනමය.
ඒක තමයි අපි දැන් මොකද කරන්නේ අයියේ. ඒ පෙම්වතා ගැටයා ඉදිරියේ පිංසෙන්ඩු වෙන අයුරුය. මම දන්න ගෙදරක් තියෙනවා තෙල් බෝතලයක් ගන්න පුළුවන්. හැබැයි බෝතලයට ඩබල් ගෙවන්න වෙනවා. කමක් නැහැ කමක් නැහැ අයියේ මට ඒ උදව්ව කරන්න. මම අයියාටත් රුපියල් පන්සීයක් දෙන්නම් කියමින් පෙම්වතා ඔහුගේ මුදල් පසුම්බිය ඇර ගැටයා අත මොනරෙක් තැබූවේය.
මොනරා අතට ගත් ගැටයා පිම්මේ දිව්වේය. තමා මහ මග සඟවා තිබූ ඉන්ධන බෝතලය යළි රැගෙන ආවේ ද පිම්මේය. පෙම්වතා පමණක් නොව පෙම්වතිය ද ඔහුට මුව නොසෑහෙන සේ ප්‍රශංසා කළේ තමා වැටී සිටි අලි අමාරුවෙන් බේරා ගත් ඉෂ්ට දේවතාවකු මෙන් සලකාය. ගැටයාට තෙල් බෝතලය ලැබුණු සැටිත් දන්නේ ඒ ඉෂ්ඨ දේවතාවන් පමණක්ව වන්නට තිබුණේ ඔහු තමා කළ මේ මහා හපන්කම යහළුවන් කිහිප දෙනෙකු ඉදිරියේ පාපොච්චාරණය නොකරානම්ය.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
තමන්ගේම තෙල් තමන්ටම විකුණලා