IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


තෙල් තියාගෙන කට්ට කාලා

කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය


කැබිතිගොල්ලෑවට නුදුරු ගමක ජීවත් වූ ඔහු නිරන්තර කලබලකාරයෙකි. ඔහුගේ බොහෝ වැඩ ‘‘අඬුව තිබියදී අත පුච්චා ගැනීමකට”‍ සමානය. පසුගිය දිනක ඔහුට සිදුවූ අකරතැබ්බයක් නිසා ගම්පළාතේ බොහෝ දෙනා ඔහු හාස්‍යයට ලක් කළහ.

කතාව මෙසේය.

ඔහු ජීවත් වූ ගමේ සිට නගරයට යන ප්‍රධාන පාරට කිලෝමීටර් පහක් පමණ දුර තිබේ. එතැන සිට නගරයට ද කිලෝමීටර් හතක් පමණ දුර ඇත. මේ කිලෝමීටර් දොළහක දුර ගෙවාගෙන එදින ඔහු කැබිතිගොල්ලෑවට තම යතුරුපැදියේ ලීටර් විසිපහක කෑන් එකක් පිටුපස බැඳගෙන ඉන්ධන හල වෙත ගියේ එයට පෙට්‍රල් රැගෙන ඒම සඳහාය. 
කෑන් එකට පෙට්‍රල් පුරවා ගත් ඔහු මොහොතක් පමා නොවී යතුරුපැදිය පණ ගන්වා තම නිවසට එමින් සිටියේය. කිලෝමීටර් හතක් දුර ගෙවාගෙන තම ගමට හැරෙන හන්දියෙන් ගමේ පාරට යතුරු පැදිය හරවා කිලෝමීටරයක් පමණ දුර ගියා පමණි. යතුරුපැදිය හිටි හැටියේම නතර විය. ඔහු කකුල් දෙක බිම ඔබාගෙන යතුරුපැදිය දෙපැත්තට සොලවා බලා, එහි පෙට්‍රල් ඉවර වී ඇති බව දැනී, යතුරුපැදියෙන් බිමට බැස එය තල්ලු‍ කරමින් ගමන් කරන්නට විය. මෙසේ කිලෝමීටර් තුනකට ආසන්න දුරක් දහඩිය පෙරාගෙන හතිලමින් යතුරු පැදිය තල්ලු‍ කළේ ගිනි අව්වේ පිච්චෙමින්ය. දැන් නිවසට ඉතා කිට්ටුවෙන් යද්දි, ගමේ කෙනෙකු හමුවී  යතුරු පැදිය තල්ලු‍ කරන්නේ ඇයිදැයි විමසීය.
‘‘බලාපන් මලයෝ කරුමෙ, මේකෙ තෙල් ඉවර වුණා  නොවැ.”‍යැයි පැවසීය. එකෙනෙහිම අනෙක් මිනිසා, ‘‘අයියේ ඔය බැඳලා තියෙන බුලියේ මොනවදැයි”‍ ඇසීය.
”‍ඒකෙ පෙට්‍රල් බං”‍ කියනවාත් සමගම අනෙකාට දෙකොනින් හිනා ගියේය.


“අනේ අනිච්චං, උඹ වගේ ගොන් හරකෙක්, පෙට්‍රල් බූලියක් පුරවාගෙන බයිසිකලේ හැතැම්ම ගානක් තල්ලු‍ කළා.”‍ යැයි පැවසීය.
ඔහු පැවසූ වදන් සැනෙකින් අවබෝධ වූ බයිසිකලය තල්ලු‍ කළ මිනිසා ගේ දෑස් උඩ ගියේය. ‘‘දෙයියෝ සාක්කි”‍ යැයි ඔහුට ඉබේටම කියැවිණි.
‘‘අනේ බුදු මලයෝ, ඔච්චර දෙයක් මට කල්පනා වුණේ නැහැ නොවැ. මේක උඹ කිසි කෙනෙකුට කියන්න එපා”‍, යැයි ආයාචනා කළේය.
කෙසේ හෝ ගමේ හිතවතාගේ ඇට නැති දිව පාලනය කර ගැනීමට ඔහුට බැරි විය. පැයක්වත් යන්න කලියෙන් ගම පුරාම ඔහුගේ මෝඩකම ප්‍රචාරය වී තිබුණි. දැන් කොල්ලෝ කුරුට්ටෝ ‘‘මාමේ පෙට්‍රල් එහෙම නැද්ද”‍යැයි අසන විට ඔහු හෙමින් සීරුවේ එතැනින් වාෂ්ප වෙනවා ලූ.

 



අදහස් (0)

තෙල් තියාගෙන කට්ට කාලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 623 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 702 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1086 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9399 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 863 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 326 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2009 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site