හේවාහැට – එම්. දසනායක
පාසල නිමවා සිය බාල වයස්කාර දරුවා සමග බසයෙන් නිවස බලා ගමන් කරමින් සිටි මවකට නිවස ආසන්නයේදී බසයෙන් බැස යනවිට තම දරුවා අමතකව ගිය පුවතක් හේවාහැට ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වේ.
සිද්ධිය සැකෙවින් මෙසේය.
මහනුවර නගරයේ සිට සවස් කාලයේ සිය ගමනාන්තය වෙත ළඟා වීම සඳහා අදාළ බස්රථය පිටත්ව ඇත. පාසල් නිමාවන වේලාව නිසාම මෙම බස් රථයේ දරුවන් විශාල පිරිසක් ගමන් කරමින් සිට ඇත.
සිද්ධියට මුහුණ දුන් දරුවා හා මව අතරමගදී බසයට ගොඩවී ඇතත් ඔවුන්ට අසුන් ගැනීමට ලැබී ඇත්තේ ආසන දෙකකය. බසයේ අසුන්ගත් වෙලේ සිට මව සිය ජංගම දුරකථනය වෙත අවධානයෙන් සිට ඇති අතර වෙනත් අසුනක සිටි දරුවාට සිය අසුන මතම හොඳින් නින්ද ගොස් ඇත.
බස් රථයේ අසුන මත හොඳින් නිදාගෙන සිටින දරුවා තම නිවස පසුකර කිලෝමීටර් භාගයක පමණ දුරක් පැමිණි පසුව දරුවා පිළිබඳව අවධානය යොමු කළ බස් රථයේ රියැදුරු හා සහායක දෙපල දරුවා ඇහැරවා බසින ස්ථානය පිළිබඳව විමසන විට දරුවා එක්වරම අවදිවී බස් රථය පුරා ඔබ මොබ ඇවිද සිය මව බසයේ ඇතිදැයි විපරම් කර ඇත.
පාසල නිමවීමෙන් පසුව තමා සමග බසයට ගොඩවූ මව බසය තුළ නොමැතිවීම නිසා බියට පත්වූ දරුවා පිළිබඳව අවධානය යොමු කළ බස් රථයේ සේවක මහතුන් දෙපල දරුවා ආරක්ෂිතව නැවතත් සිය මවට භාරදීමට අවශ්‍ය පියවර ගෙන ඇත.
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන
මෙය සබරගමුව පළාතේ බලංගොඩට නොදුරු එක්තරා ගම්මානයක සිදුවූ අපූරු සිදුවීමකි. හෙතෙම මේ එදිනෙදා කුලී රැකියාවේ සිටි අයෙකි. විවාහකව සිටි අතර දරුවෝ කිහිප දෙනෙ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
දරුවා බසයේ තියා අම්මා බැස ගිහින්