සිරුරට අරක්ගෙන ලෙඩ රෝග පතුරුවන බව කියන යක්ෂ දිෂ්ඨියක් පන්නා දැමීම සඳහා කපුවකු විසින් ආතුරයකු වතුරේ ගිල්වමින් පොල් මලකින් සහ වේවැලකින් පහරපිට පහර දීම නිසා තුවාල ලැබූ ආතුර කාන්තාවට සති ගණනක් තිස්සේ තෙල් සාත්තු කරගන්නට සිදුවූ බව කියවෙන පුවතකි.
එය වියලුවේ ග්‍රාමීය ප්‍රදේශයකි. ගමේ සැලකිය යුතු පිරිසක් යක්ෂ, දිෂ්ඨී , නෑයකුන් ඇදහීම සිදු කළහ.
මෙකී කාන්තාව ද කාලයක් තිස්සේ රෝගී වී සිටි අයෙකි. ඇය පරීක්ෂා කළ කපුවෙකු කියා සිටියේ ඇයට යක්ෂ දිෂ්ඨියක් වැලඳී ඇති බවකි. දිෂ්ඨිය එළවීම සඳහා ගුරුකමක් සිදු කළ යුතු බව ද කපුවා කීය. දිනයක් ද වෙන් කෙරිණි. කපුවා නිවසටම පැමිණියේ අවශ්‍ය අඩුම කුඩුම මෙන්ම ගෝලයකු ද රැගෙනය. මැදියම් රැය වනතුරුත් ජප කිරීම සිදු කෙරිණි.
ජප කරද්දී ආතුර කාන්තාව කොණ්ඩය විදහාලමින් නටන්නට වූයේ බෙරපදයට පාද තබමිනි. ඇය නර බිල්ලක් ද ඉල්ලුවාය. වේවැලක් අතට ගත් ගුරා ආතුරයාට පහරපිට පහර දුන්නේ ආතුරයා හැර යන ලෙස දිෂ්ඨීයට පවසමිනි.
දිෂ්ඨිය ඊට අකමැති වෙද්දී ආතුරයාගේ කෙහෙවල්ලෙන් අල්ලාගත් ගුරා වේවැල පසෙක තබා පොල් මලකින් ඇයට පහර දෙන්නට පටන් ගත්තේය. කොණ්ඩයෙන් ඇදගෙන ගොස් දියේ ගිල්වමින් ඇයට පහර දුන්නේ ආතුරයා හැර යන්නැයි පවසමිනි.
පහර දෙක තුන වදිද්දී ආතුරයා හැර යන බව දිෂ්ඨිය කීවාය. යක්ෂ දිෂ්ඨිය පන්නා දමා ඇය සුවපත් කළ ද දැන් ඇයට වැදුණු පොල් මල් සහ වේවැල් පහරවල් නිසා සිරුරේ බොහෝ තැන් නිල්වී තඩිස්සි වී ඇති අතර සිය සැමියා ලව්වා ඒ තැන්වලට තෙල් බෙහෙත් සාත්තු කරන බව ගම්මු කියති.
වියලුව වාර්තාකරු
සිය පෙම්වතියගේ පියාට කසිප්පු අලෙවි කිරීමට ගොස් ප්‍රේමය අහිමි කර ගත් තරුණයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
සයනයක සුව පහසු මෙට්ටයකට වඩා සිය සැමියා මහ මග හිටගෙන නිදි දෙව් දුවගේ පහස විදීම හමුවේ රාත්‍රී සේවාව සඳහා යාමට සූදානමින් සිටි විවාහක බිරිය දැඩි අසරණතාවයක
පතලේ බාසුන්නැහැට දෙන්න ගිය දඬුවම ගෝලයාටම පත්තු වූ පුවතක් රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා ගමක පතලකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
බිරියට දැවැද්දට දුන් කාරය සැමියා රියදුරු බලපත්‍රයක් නොමැතිව පදවා ගෙන යද්දී බිරියගේ හැටහතර මායමෙන් දඩයක් නොගෙවා බේරී ගිය පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් ව
ඇය රජරට අග නගරයෙන් ඊශාන දෙසට පිහිටි ගොවි ගම්මානයක ජීවත් වූ ගෙවිලියකි. මැදිවියෙහි පසුවන ඇය සෝබමාන පෙනුමින් පසුවන්නියකි.
තැනට සුදුසු නුවණ භාවිත නොකිරීම සහ අධික ලෝබය නිසා වෙන්නට සිටි සහකාරියක තරුණයකුට අහිමි වූ සිදුවීමක් කුණ්ඩසාල ප‍්‍රදේශයේ කුඩා නගරයකින් අසන්නට ලැබුණි.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
දිෂ්ඨිය පන්නන්න ගිහින් තෙල් සාත්තු කරගෙන