කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය
අඹු සැමි දෙදෙනාම දොස්තරලාය. විවාහ වී වසර කීපයක් ගතවුවද, ඔවුන්ට තවමත් දරු සම්පත් නොවීය. දොස්තර බිරිඳ සේවය කළේ නගරයේ ප්‍රධාන රෝහලකය. දොස්තර සැමියා ග්‍රාමීය ප්‍රදේශයේ ප්‍රාදේශීය රෝහලක ප්‍රධානියා ලෙස රාජකාරී කළේය. එම රෝහලේ සිටි එකම වෛද්‍යවරයාද ඔහුම පමණකි. එම ප්‍රාදේශීය රෝහලේ දොස්තර නිල නිවාසයේ ඔවුන් දෙදෙනා නතර වී සිටි අතර, බිරිඳ නගරයේ රෝහල වෙත තම මෝටර් රථයෙන් යෑම් ඊම් කළාය.
එක් දිනක් නගරයේ රෝහලේ බාහිර රෝගී අංශයේ දොස්තර බිරිඳ වෙත රූමත් කාන්තාවක් පැමිණ ඇයගේ උදරයේ යටි කොටසේ වේදනාවක් පිළිබඳ වෛද්‍යවරියට පැවසුවාය. රෝගී කාන්තාවගේ විස්තර විමසූ දොස්තර බිරිඳ, ඇයගේ ගම් ප්‍රදේශය ගැන විමසුවාය. ඇය තම සැමියා සේවය කරන ප්‍රාදේශීය රෝහල පිහිටි ප්‍රදේශයේ ගමක පදිංචිකාරියක බව එහිදී දොස්තර බිරිඳ දැනගත්තාය.
‘‘ඔයා ගමේ ඉස්පිරිතාලෙට බෙහෙත් ගන්න ගියේ නැද්ද” යැයි වෛද්‍යවරිය විමසුවාය.
‘‘අපෝ මැඩම්, ඒකෙ ඉන්නේ දොස්තර මහත්තයෙක් නෙවෙයි අනංගයෙක්නේ. මාව ඇඳේ හාන්සි කරලා එපා තැනුයි ඕන තැනුයි හැම එකක්ම අතගාන්න පටන් ගත්තනේ. ආයෙත් නම් පැත්ත පළාතේ යන්නේ නෑ මම” යැයි රෝගී කාන්තාව පැවසූ විට දොස්තර බිරිඳට හීන් දාඩිය දැම්මාය. ඇය කිසිවක් නොසඟවා, රෝගී කතට බෙහෙත් තුණ්ඩුව ලියා පිටත් කර හැරියාය.
එතැන් පටන් දොස්තර බිරිඳ හමුවට පැමිණෙන රෝගී කාන්තාවන්ගෙන් ගම් ප්‍රදේශය විමසා, එම ප්‍රදේශයේ තිබෙන ප්‍රාදේශීය රෝහලට නොගියේ මන්දැයි ඇසීමට ඇය පුරුදුව සිටියාය.
එහිදී ඇයට ලැබුණු පිළිතුර වූයේ, එහි සේවය කරන දොස්තර මහතා, ඇහැට කනට පේන කාන්තාවන්ට දැඩි ළෙන්ගතුකමක් පාමින්, සීමාව ඉක්මවා කටයුතු කිරීමට සැරසෙන බවය.
මේ කතාවලින් පස්සේ, දොස්තර බිරිඳ යක්සාරූඪ වූවාය. ඇය තම සැමියා එම රෝහලෙන් මාරුකර යැවීමට හැකි තරම් උත්සහ දැරුවාය. එහෙත් ඇයගේ උත්සාහය අසාර්ථක විය.
කෙසේ වුවද දැන් දැන් ප්‍රාදේශීය රෝහලේ දොස්තර බංගලාව ඇතුළේ ඉඳහිට රණ්ඩු සරුවල් සිදුවන බව බෙහෙත් ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට දැනගැනීමට ලැබී ඇති බව ආරංචි යි.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දොස්තරගේ කෙරුවාව අමුතු තාලෙට නෝනගේ කනට ගිහින්