කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
පෙම්වතියක යැයි නංගි පෙන්වා හොඳම මිතුරා ගෙන් ලක්ෂ පහ හමාරක මුදලක් ලබාගෙන ඇතැයි කියන අපූරු තරුණයෙකු පිළිබඳ පුවතක් කෑගල්ල මූලස්ථාන පොලිසියෙන් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ගමක 28 හැවිරිදි අවිවාහක තරුණයෙක් පදිංචිව සිටියි. මෙම තරුණයාගේ වරකාපොළ ප්‍රදේශයේ හොඳම අවිවාහක මිතුරා මීට වසර කිහිපයකට ඉහතදී යුරෝපා රටක රියදුරු රැකියාවකට ගොස් තිබේ.
පසුව තරුණයා තම අවිවාහක හොඳම මිතුරාට දුරකතනයෙන් දිනක කියා ඇත්තේ උඹ දැන් යුරෝපා රටක රියදුරු රැකියාවක් කරමින් මාසයකට ලක්ෂ පහක් හයක් ගන්නා නිසා කැමති නම් ලස්සන කෙල්ලක් ඉන්නවා බඳින්න අපූරු බවත්ය. යුරෝපා රටේ සේවය කරන තරුණයා තම හොඳම මිතුරාගේ කීම අසා ඔහු සම්බන්ධ කර දී ඇති තරුණිය සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇත.
පසුව යුරෝපා රටේ සේවය කරන තරුණයා තරුණිය සමග වට්ස්ඇප් මාර්ගයෙන් දිනපතා කතා බහ සිදු කර ඇති අතර දෙදෙනාට දෙදෙනා හඳුනාගෙන සම්බන්ධතාවය දිගින් දිගටම පවත්වාගෙන ගොස් ඇති බවත් පොලිසිය පැවසීය. පසුව යුරෝපා රටෙහි රැකියාවක් කරන තරුණයා පෙම්වතියගේ උපන් දිනයට ඇඳුම් පැලඳුම් අරගැනීමට කැමැති කෑමක් බීමක් ගැනීමට අසනීපයකට බෙහෙතක් අර ගැනීම ඇතුළු අවස්ථා ගණනාවක දී මුදල් එවා තිබේ. පසුව පෙම්වතියට රන් මාලයක් ද අරන් දී ඇති යුරෝපා රටෙහි රැකියාවක් කරන තරුණයා සම්බන්ධතාව ආරම්භ කරන අවස්ථාවේ සිට ලක්ෂ පහ හමාරකට ආසන්න මුදලක් පෙම්වතියට එවා ඇති බවත් සිදු කර ඇති පැමිණිල්ලේ සඳහන් කර ඇති බව පොලිසිය පැවසීය.
පසුව යුරෝපා රටෙහි රැකියාවක් කරන තරුණයා මීට දින කිහිපයකට ඉහතදී පෙම්වතියට ද බඩු මුට්ටු තොගයක් රැගෙන මසක නිවාඩුවකට ලංකාවට පැමිණ ඇත.දිවයිනට පැමිණි තරුණයා පසු දින පෙම්වතිය බැලීමට ඇගේ නිවසට යෑමට සූදානම් වූ අවස්ථාවේ දී පෙම්වතිය හඳුන්වා දී ඇතැයි කියන තරුණයාගේ නිවසට ගිය අවස්ථාවේ දී තරුණයාට වැටහී ඇත්තේ තම හොඳම මිතුරා ඔහුගේ නංගී පෙන්වා ලක්ෂ පහ හමාරකට අධික මුදලක් තමන් ඔහුට දී ඇති බවය.පසුව යුරෝපා රටෙහි රැකියාවක් කර පැමිණ සිටි තරුණයා මිතුරාගේ නිවසින් පිට වී තම හොඳම මිතුරාට එරෙහිව කෑගල්ල මූලස්ථාන පොලිසියට පැමිණ විවිධ පැමිණිලි අංශයේ පැමිණිල්ලක් ද ඉදිරිපත් කළේය.
පැමිණිල්ලට අනුව පොලිසිය ඉකුත් දා දෙපාර්ශවයම පොලිසියට කැඳවා තිබුණි. එහිදී පැමිණිලිකාර තරුණයා පොලිසිය හමුවේ කියා ඇත්තේ නංගී ඉදිරිපත් කර අසනීප යැයි පවසා ද තමන්ගෙන් අවස්ථා ගණනාවකදී මුදල් ඉල්ලා සිටි බවත් ඒ සෑම අවස්ථාවක දීම තමන් මේ පුද්ගලයාගේ නංගීගේ ගිණුමට මුදල් එවූ බවය. එහිදී විත්තිකාර තරුණයා කියා ඇත්තේ තම නංගීට සියල්ල කියා මුදල් ගෙන්වා ගත් බවත් වැරැද්ද පිළිගන්නා බවත් පොලිසිය ඉදිරියේ පිළිගෙන මිතුරාගෙන් සමාව ද අයැද පසුව මුදල් ආපසු වරින් වර දෙන බවට පොරොන්දු වී දෙපාර්ශවය පොලිසියෙන් පිටව ගිය බව පොලිසිය පැවසීය.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නංගි පෙන්වා අඹ යාළුවාගෙන් සල්ලි ඇදලා