උණවටුන ඩී.ජී. සුගතපාල
දකුණේ ගම්මානයක පිහිටි පෙර පාසලකි. මේ පෙර පාසලේ දරුවෝ හැත්තෑවකට ආසන්න පිරිසක් සිටිති. පාලිකාව ඉතා හොඳින් පෙර පාසල පවත්වාගෙන ගිය නිසා මවුපියන්ට ඇය කෙරෙහි තිබුණේ විශ්වාසයකි. මේ අතර පෙර පාසලට නැටුම් මිස් කෙනෙකු ගැනීමට අවශ්‍ය බව පාලිකාව මවුපියන්ට කී විට කිසිවෙකුත් අකමැති වූයේ නැත.
ඒ අනුව පෙර පාසලට අලුතෙන් නැටුම් මිස් කෙනෙක් ආවාය. ඇය දුටු මවුපියන් කිහිප දෙනෙකුම කීවේ ඕනෑම නැටුමක් නැටිය හැකි කෙනෙකු බවය. දැන් ඇය දරුවන්ට නැටුම් පුරුදු කරන අතර දරුවෝද ඇයගේ පදයට නටන්නට වූහ.
මේ අතර දිනක් ඇය එක් මවකට කතාකර ‘‘මට පොඩි හදිසියක් වෙලා දවස් කිහිපයකින් දෙන්නම් රුපියල් දහදාහක් දෙන්නකෝ’’ යනුවෙන් ඉල්ලා සිටියාය. අම්මාද කිසිම පැකිලිමකින් තොරව රුපියල් දහදාහක් දුන්නේ දරුවාට ඇති ආදරය නිසාමය. එහෙත් අම්මා ඒ බව පාලිකාවට කීවේ නැත. දින දෙක තුනකට පසු තවත් අම්මා කෙනෙකුට ද ඇයගෙන් එවැනිම ඉල්ලීමක් ආවේය. එම අම්මා ද රුපියල් පහළොස් දහසක් දුන්නේ ඇය දරුවාට හොඳින් නැටුම් උගන්වන නිසාය.
ටික දිනකට පසු නැටුම් මිස් එක්වරම නතර වූවාය. පාලිකාව සහ මවුපියන් සිතුවේ කුමක් හෝ අවශ්‍යතාවයක් නිසා ඇය නතර වන්නට ඇතැයි කියාය. එහෙත් දින කිහිපයක් යනවිට එක් අම්මා කෙනෙකු පාලිකාවට කීවේ නැටුම් මිස් තමාගෙන් රුපියල් දහ දහසක් ඉල්ලා ගත් නමුත් එය ආපසු නොදුන් බවය. තවත් අම්මා කෙනෙක්ද එම පැමිණිල්ලම කළාය. එය එතැනින් නතර නොවිය. අම්මලා කිහිප දෙනෙකුම කීවේ හදිසියකට කියා රුපියල් දසදහස පහළොස් දහස ආදි වශයෙන් ඉල්ලා ගත් බවය.
පසුව ඇයගේ දුරකතනයට ඇමතුමක් ගත්විට උත්තරය වන්නේ ‘‘කනගාටුයි, ඔබ අමතන දුරකතන අංකය මේ මොහොතේ සම්බන්ධ කළ නොහැක. කරුණාකර පසුව අමතන්න’’ කියාය. එහෙත් කොතෙක් පසුව ඇමතුවත් සම්බන්ධ කර ගැනීමට නම් නොහැකි විය.
මේ අතර ඇයගේ තවත් නැටුමක් ගැන ද කටකතාවක් පැතිර ගියේය. එනම් පෙර පාසලේ දරුවන් කිහිප දෙනෙකුගේ තාත්තලාට ද නැටුම් උගන්වා ඇති බවය. එම තාත්තලා ඉතා කැමැත්තෙන් නැටුම් ඉගෙන ගෙන ඇත්තේ කිසිවෙකුටත් නොපෙනෙන ලෙස හෝටල් කාමරවල බවද කට කතාවට එක්විය. මුදල් දුන් අම්මලා දැන් ඇය අලුතෙන් නටන තැන් සොය සොයා යනවා ලු.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නැටුම් මිස්ගෙන් අමුතු නැටුමක්
වසන්ත Friday, 21 June 2024 09:35 AM
මේවගේ ඒවා ලංකාවේ ඕනතරම් හොයාගන්න පුලුවන්.