මොරගොල්ලාගම සිසිර කැලේගම
නාමය වැරැදියැයි පවසා එය නිවැරැදි කරවා ගැනීමට රාජ්‍ය බැංකුවක් කරා පැමිණි ගනුදෙනුකරුවකු සම්බන්ධව ඇතුගල්පුරවරයට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි.
ඔහු රැකියාවක් නොමැතිව සෑහෙන කාලයක් නිවෙසේ පසු වූවෙකි. එතරම් උගත්කමක් නොමැති ඔහු විවාහකයෙකි. එක් දරු පියෙකි. පවතින ආර්ථික අගහිඟකම් මැද රැකියා අවස්ථා සොයා ගිය ඔහුට කුරුණෑගල අවට පෞද්ගලික ආයතනයක රැකියාවක් පසු ගියදාක ලැබුණි.
ඔහු එම ආයතනයේ මාසයක් පුරාවට සේවයේ නියැළී මාසය අවසන් වීමට පෙර තමා නමට බැංකු ගිණුමක් අරඹා නිසි බලධාරීන් වෙත පාස්පොතේ ජායා පිටපතක් ගෙනැවිත් බාර දී ඇත්තේ වැටුප් ලබා ගැනීමේ පහසුව තකාය.
කෙසේ වෙතත් ඔහු සේවයේ නියැළුණි. මාසික වැටුප් පැරණි අයටත්, අලුත බඳවා ගත් අයටත් ලැබී තිබුණි. සියල්ලෝ වැටුප් ගැනීමට අදාළ බැංකු කරා ගොස් තම වැටුප ලබා ගෙන ඇත. ඒ අනුව මෙම තැනැත්තාද ඔහුගේ ගිණුම හිමි බැංකුවට වැටුප් ගැනීමට ගියේය.
එහිදී බැංකු නිලධාරියා ගිණුම පරීක්ෂා කර බලා වැටුප ලැබී නැති බව පැවැසීය. ඉන් කලබලයට පත් ඔහු ඒ බව ආයතන ප්‍රධානියාට දැනුම් දුන්නේය. ප්‍රධානියා මේ ගැන ඉහළ බලධාරීන් දැනුවත් කළේය.
බලධාරීන් පවසා තිබුණේ නමේ යම් ගැටලුවක් නිසා වැටුප ප්‍රමාද වී ඇති බැවින් එය නොපමාව නිවැරදි කරන බවත් වැටුප ලැබීමට සලස්වන බවත්ය.
ඉන් අනතුරුව ඔහු ද තම බැංකු පාස් පොත අතට ගෙන එය පරීක්ෂා කළේය.
“ඇත්ත තමයි... නම වැරැදියි” කියා නමේ වැරදුණු තැන දුටු ඔහු එය නිවැරැදි කරවන්නට තම සගයාද සමග පාස් පොතත් රැගෙන බැංකුව කරා දිව ගියේ ගනුදෙනු කිරීමේ කාලය අවසන් වීමට ආසන්නව තිබූ නිසාය.
“සර්, මගේ නම වැරදියි. මගේ නමේ මුලකුරු තමයි මේවා. මගේ නමට මුලින් එම්.ආර්. කියලා ලියා තිබෙනවා. මේ බැංකුවේ වැරැද්ද නිසා මට මේ මාසේ වැටුපත් නැවතිලා. මෙවැනි වාසගමක් මට නැහැ. ඒක කරුණාකර නිවැරදි කර දෙන්න” යැයි ඔහු ඉල්ලීමක් කළේය.
එය පරීක්ෂා කළ නිලධාරියා “නැහැ මහත්තයෝ, මේක නමක් නෙමෙයි. ඔයාට ගරුත්වයක් දීමට මුලට මිස්ටර් කියා ඉංග්‍රිසියෙන් කෙටි කර දමා ඇතැයි ”යනුවෙන් පැහැදිලි කර දුන්නේය.
ඒ අනුව ඔහු හා තනියට ගිය එක ඉත්තේම පොල්වැනි දැනුමක් ඇති අන් සේවකයාද ලැජ්ජාවෙන් යුතුව පිටතට ගියහ. කෙසේ වෙතත් පමා වූ වැටුප පසුව ලැබී ඇති බවත් දැනගන්නට තිබේ.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නමට අකුරු වැඩිවෙලා බැංකුවේ අලි ජංජාලයක්
දමිත් Tuesday, 16 January 2024 09:39 AM
ඔන්න ඔය වගේ පුද්ගලයෝ තමයි කොච්චර හොරා කෑවත් රට බේරාගාත් නායකයා කියලා ඡන්දේ දාන්නේ.
mangala Tuesday, 16 January 2024 04:12 PM
බැංකුවේ වැරැද්ද මිස්ටර් කෑලි මොකටද? තේරෙන සිංහලෙන් නම දාන්නේ නැතුව... රට සිංහල ඒත් තවම ඉංග්‍රීසියට වැඳ නමස්කාර කරගෙන ඉන්නේ..!