පෝද්දල සරත් ආනන්ද ගමගේ
උත්සව සභාවක් මෙහෙයවමින් සිටි අයෙකුට නිතර නිතර උපදෙස් දෙමින් ඔහුගේ කාර්යයට බාධා කළ පුද්ගලයෙකුට එම සභාව මෙහෙයවීමේ වගකීම පවරා නිවේදකයා වේදිකාවෙන් බැසගිය අපූරු පුවතක් ගැන දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි.
මෙම ප්‍රදේශයේ ජනප්‍රිය ලේඛකයෙකු විසින් ලියන ලද අලුත්ම නව කතාව එළිදැක්වීමේ උත්සවය පසුගියදා එම ප්‍රදේශයේ නගර ශාලාවේදී පැවැත්වුණි. මෙම කටයුත්තේ ප්‍රධානම වගකීම වන සභාව මෙහෙයවීම පවරා තිබුණේ එම ප්‍රදේශයේම ජනප්‍රිය තරුණ නිවේදකයෙකුටය.
නියමිත දින උත්සවයේ කටයුතු ආරම්භවී වැඩසටහන ක්‍රියාත්මක වෙමින් සිටියදී මෙම ප්‍රදේශයේම තවත් ජනප්‍රිය පුද්ගලයෙක්ද වේදිකාව අසලටවී ජංගම දුරකථනයකින් ඡායාරූප ගනිමින් සිටියේය. පසුව ඔහු සභාව මෙහෙයවමින් සිටි නිවේදකයා ළඟට ගොස් නිතර නිතර ඔහු සමග සාකච්ඡා කරනුද දක්නට ලැබුණි. පසුව උත්සවයේ සංවිධායකවරයකුද එම පුද්ගලයා ළඟට ගොස් තදින් ඔහුට යමක් කියන ආකාරයක්ද සභාවට දිස්විය.
එම අවස්ථාවේ දේශනය පැවැත්වූ විද්වතා සිය දේශනය හමාරකළ අතර ඊළඟ අංගය ගැන පැහැදිලි කිරීමට නිවේදකයා වේදිකාවට ගොඩවිය. ඔහු කතාව ආරම්භ කරනවාත් සමගම ඔහුට උපදෙස් දුන් පුද්ගලයාද වේදිකාවට ගොඩවී නැවතත් නිවේදකයාට යමක්ගැන පැහැදිලි කර වේදිකාවෙන් බසිනු සභාවට දිස්විය. නිවේදකයා ඊළඟ අවස්ථාව හඳුන්වාදී වේදිකාවෙන් ඉවත්වූ පසුද අර පුද්ගලයා ඔහු ළඟට ගොස් මොන මොනවා හෝ කියන්නට විය.
සංවිධායකයකු පැමිණ එම පුද්ගලයාට ඉවත්ව යන ලෙස දැනුම් දුන්නද ලේඛකයා තමාගේ හොඳම මිතුරෙකැයි පවසමින් ඔහු එහි රැඳී සිටියේය. සභාවේ සිටි අයටද මෙම පුද්ගලයා මෙම කටයුත්තට බාධාවක්වී ඇති අයුරු පැහැදිලිවී තිබුණි.
එම අංගයද නිමාවූ අතර ඊළඟට තිබෙන කටයුත්ත ගැන නිවේදකයා වේදිකාවේ පැහැදිලි කරමින් සිටිනවිට නැවතත් අර තැනැත්තා වේදිකාවට ගොඩවී නිවේදකයා අසලට ළංවිය. එවිට නිවේදකයාද ඔහුට සවන්දී යමක් ඔහුගෙන් විමසා එයද සටහන් කරගෙන නැවත මයික් එක අසලට ගොස් මෙම මොහොතේ සිට උත්සවයේ ඉදිරි කටයුතු මෙහෙයවීමට අර පුද්ගලයාට බාරදෙන බව පවසා ඔහුගේ නම නිවේදනය කළේය.
ඔහුගේ නම කියවෙනවාත් සමගම සභාවේද සිනා හඬ පැතිරී ඝෝෂාවක්ද ඇතිවිය. ඒ සමගම නිවේදකයාට උපදෙස් දුන් පුද්ගලයාද සභාවෙන් නැගුණු හූ හඬ මැද්දේ සභාවෙන් පිටවී යන අයුරු දැක ගන්නට ලැබුණි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිවේදකයාට උපදෙස් දෙන්න ගිහින් හූ හඬින් ලිස්සලා
Lalla Wednesday, 05 June 2024 05:01 PM
ඔය වගේ මාමා කෙනෙක් සිටියා අපිටත්. මල ගෙවල්වලට, මගුල්වලට පැනලා සභා මෙහෙයවන්න ගිහිල්ලා හැමදාම අනාගන්නවා. ඒත් ලැජ්ජා නෑ...