IMG-LOGO

2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා


පච ඇදබාන්න ගිහින් පටි රෝල් වෙලා


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



හතරැස් බොරු කියන මිතුරාට ආයෙත් බොරු නොකියන්න හරි හතරැස් උගුලක් ඇට වූ මිතුරන් පිරිසක් ගැන අසන්නට ලැබෙන්නේ ගාලු‍ දිසාවේ ගමකිනි.
මේ හාදයා ගැහැව්වොත් ගැටයකි. කිව්වොත් බොරුවකි. කියන්නේ ලොකු බොරුය. නැතහොත් ලොක්කන් ගැන බොරුය. බොරුව ඇත්තමෙන් කීවත් දන්න අය ඔහු කියන්නේ බොරු බව ද දනිති. මෙය ඔහුගේ මිතුරන්ට ද මහා වදයකි. ඒ සම්බන්ධයෙන් ඔහු කොතරම් සමච්චලයට ලක් කළත් හැදුනේ මේ පුතා නම් නොවේ.
හේ මිතුරු සමීපයට එන්නේ බොරුවක් ඇද බාගෙනය. එය කවුරු ඇසුවත් නොඇසුවත් නොනවත්වාම කියනුයේ පුරුද්දට මෙනි. වැයික්කියේ පොලිසියේ පොඩි අය නොව ලොකු ලොක්කන් තමන් සමඟ ආශ්‍රය කරන බව පෙන්වීමට ඔහු දැරූ උත්සාහය දන්නේ සමීපතම මිතුරන් සහ උඩ ඉන්නා දෙවියන් පමණි. පොලිස් පොඩ්ඩන් ඔහුට වහකදුරු මෙනි. කතා කළොත් කතා කරන්නේ පොලිස් ලොක්කන් ගැන පමණි.


ගමේ පොලිසියේ එක් නිලධාරිහු කිහිපදෙනෙක් මොහු සමඟ කිට්ටු ඇසුරක් නැතත් ඔහු විසින් බලෙන් ඇති කරගත් ඇසුරක් නිසා ඇසුරු කරති. ඒ ගමේ වෙනදේවල් පොලිසියට දැන ගැනීමේ අටියෙනි. ගමේ උද්ඝෝෂණයක් අකටයුත්තක් පිළිබඳව ඔහුගෙන් දැන ගැනීම ද එහි තවත් අරමුණකි. මෙය පල්ලමක් කරගත් ඔහු මිතුරන් ඉදිරියේ දී එම නිලධාරීන්ට සිය ජංගම දුරකතනයෙන් කතා කරනුයේ ස්පීකර් දමාගෙනය. වටේටම ඇසෙනා පරිදි ය.
එදා උදේ ඔහු මිතුරු සමීපයට පැමිණියේ. ඊයේ බිව්වා බිවිල්ලක් කියලා වැඩක් නැහැ. මෙය ඇසූ කටකාර මිතුරෙකු කීවේ කියලා වැඩක් නැත්නම් නොකිය ඉන්නා ලෙසය. ඒ කියන්නේ බොරුවක් බව දන්නා නිසාය. ඒක නෙමෙයි මචං ලා මම ඊයේ පොලීසියේ අසවල් නිලධාරියා එක්ක සෙට් වුණා. මෙය කියූ සැනින් එක් අයෙක් එතනින් නැගිට ටිකක් ඈතට ගොස් යළි එතනට පැමිණියේ ය.
අසවල් එක්කෙනා මචං. එයා සාමාන්‍යයෙන් කවුරුත් එක්කවත් සෙට්වෙන්නේ නැහැ. මාත් එක්ක සෙට්වුණා. මටත් හරි පුදුමයි. ටවුන් එකේදී අහම්බෙන් හම්බවුණේ. ඇහැව්වා මොනවා හරි කරමුද කියලා. කලාතුරකින් හම්බවෙන එකක් නිසා මාත් කැමති වුණා. නගරයේ සුපිරි පොට් එකකට ගියා. මිනිහගෙන් සේරම වියදම. මට තිබුණේ බොන්න විතරයි. බයිට් එකට වලා (වල් ඌරා) හරකා, කුකුළා ඔය මෙකී නොකී සේරම සත්තුන්ගේ මස් තිබුණා. බ්‍රෑන්ඩ් එකත් හොඳ එකක්. ගඳත් නැහැ. දෙක තුන ගහන කොට වැදෙනවා. මිනිහා බටා එක අරගෙන. තනියම යන්න බැරි නිසා වෙලාවට මමත් සෙට් වුණා. සුපිරි පොර මචං. හොඳ හාදයා. බිව්වට ගාණක් නැහැ. මිනිහා බිල ගෙව්වා. මාව ත්‍රීවිල් එකක දාලා ගෙදරට එව්වා. අන්න මිනිස්සු අපිට සලකන හැටි. අපි ගණන් ගත්තේ නැති වුණාට වැදගත් මහත්වරු අපි ගණන් ගන්නවා යයි කියමින් ඔහු දොඩවමින් සිටියේය.
ඒ අතර සිටි එක් මිතුරෙක් මචං මෙන්න උඹත් එක්ක රෑ බිව්ව පොලීසියේ මහත්තයා කතා කරනවා යයි ජංගම දුරකතනයේ ස්පීකර් දමා දුන්නේය හා සර් ඔහු කී විට මිනිහෝ කවදද මම තමුසෙත් එක්ක සෙට්වුණේ. අනෙක මම කටේවත් තියන්නේ නැති මිනිහෙක්. මම දැන් තමුසේ කියූ ගජ බින්න ටික අහගෙන හිටියේ. අනෙක මම මේ දවස්වල නිවාඩු ඇවිල්ලා ඉන්නේ. අයියෝ තමුසේ වගේ කෙනෙක් ආශ්‍රය කරොත් මගේ පටි රෝල්. අදින් පස්සේ මාත් එක්ක කතා කරන්න එපා යයි කීවේ මිතුරු තෙමේලාට ඇසෙන සේය.
 මිනිහා ගල් ගැහුනේය. තොලකට වේලු‍ණේය. එතනින් මාරුවුණා නොව ඉගිලු‍නාසේය. මචං අර නිලධාරියත් එක්ක ආයෙත් සෙට්වුණේ නැද්දයි ඇසුවහොත් ඔහු එතනින් යන්නේ පස්ස නොබලාය. 



අදහස් (0)

පච ඇදබාන්න ගිහින් පටි රෝල් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

මාමණ්ඩිට කසිප්පු විකුණා මඟු‍ලත් කැඩිලා
2025 අප්‍රේල් මස 01 271 0

සිය පෙම්වතියගේ පියාට කසිප්පු අලෙවි කිරීමට ගොස් ප්‍රේමය අහිමි කර ගත් තරුණයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.


පදමට ගහලා බසයත් මිස්වෙලා
2025 මාර්තු මස 31 521 0

සයනයක සුව පහසු මෙට්ටයකට වඩා සිය සැමියා මහ මග හිටගෙන නිදි දෙව් දුවගේ පහස විදීම හමුවේ රාත්‍රී සේවාව සඳහා යාමට සූදානමින් සිටි විවාහක බිරිය දැඩි අසරණතාවයක


පාඩමක් උගන්වන්න ගිහින් ආපස්සට කැරකිලා
2025 මාර්තු මස 29 313 0

පතලේ බාසුන්නැහැට දෙන්න ගිය දඬුවම ගෝලයාටම පත්තු වූ පුවතක් රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා ගමක පතලකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.


හැටහතර මායමෙන් දඩ නොකා බේරිලා
2025 මාර්තු මස 28 1758 3

බිරියට දැවැද්දට දුන් කාරය සැමියා රියදුරු බලපත්‍රයක් නොමැතිව පදවා ගෙන යද්දී බිරියගේ හැටහතර මායමෙන් දඩයක් නොගෙවා බේරී ගිය පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් ව


චාන්ස් එකෙන් අනූනවයෙන් බේරිලා
2025 මාර්තු මස 27 1248 3

ඇය රජරට අග නගරයෙන් ඊශාන දෙසට පිහිටි ගොවි ගම්මානයක ජීවත් වූ ගෙවිලියකි. මැදිවියෙහි පසුවන ඇය සෝබමාන පෙනුමින් පසුවන්නියකි.


ලෝබකමෙන් මඟුලත් කැඩිලා
2025 මාර්තු මස 26 966 2

තැනට සුදුසු නුවණ භාවිත නොකිරීම සහ අධික ලෝබය නිසා වෙන්නට සිටි සහකාරියක තරුණයකුට අහිමි වූ සිදුවීමක් කුණ්ඩසාල ප‍්‍රදේශයේ කුඩා නගරයකින් අසන්නට ලැබුණි.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 117 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 719 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 761 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site