මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි.
පියා ආයතනයක සේවය කරන්නෙකි. ඔහු පිටස්තර පෙදෙසක සේවයේ නිරතව සිටී.
විවාහක බිරිය හා දරුවෝ නිවෙසේ පසු වෙති.
එක් දරුවකු රෝහල්ගතව සිටි අවස්ථාවල දී පවා ආයතනයේ සේවක පිරිස් රෝගියාගේ සුව දුක් බැලීමට ගොස් උදව් උපකාර කරපු අවස්ථා එමටය. එලෙස සිටි පුත්‍රයකු හදිසියේම මිය ගියේය.
ඔහුගේ සිරුර නිවෙසේ තැන්පත් කර තිබුණි. අවසන් කටයුතු සිදු කරන දිනයේ ආයතනයේ නිලධාරීහු හා සියලු සේවකයෝ ඒ අවස්ථාවට සහභාගි වූහ.
ආයතනයෙන් ගෙනෙන ලද ශෝක ප්‍රකාශ බැනර් ගේට්ටුව අසල පාරේ දැමිය යුතුය.
එහෙත් ඒ සඳහා ලී කපන්නට පිහියක් වුවමනාය.
කපන ලද ලී පොළවේ හිටුවීමට පොළව හිල් කරන්නට අලවංගුවක් ද අවැසිය. තම පුතා මිය ගොස් සිටින නිසා ශෝකයට පත් පියාගෙන් ඒ ගැන විමසීමට තම සේවක පිරිස කටයුතු නොකළහ. ඔවුන් කිසිවකුටත් නොකියා නිවසේ පිටුපස ඇති ගබඩාවට ළඟා වූහ. ඒ පිහියක් හා අලවංගුවක් සොයා ගැනීමටය. එහි තිබුණු උදැල්ලක් සේවක පිරිසකගේ නෙත ගැටුණි.
එය ආයතනයට අයත් එකකි. ඒ සමඟම එහි තිබී පිහියක් සොයා ගත්ත ද එය ද ආයතනය සතු භාණ්ඩයකි.
ඉන් අනතුරුව සොයා ගත් අලවංගුවත් ආයතනයේ ගබඩාවේ ආරක්ෂිතව තිබූ එකකි. තවත් තාච්චි හා ආයතනය සතු ඒවා කිහිපයක්ම එහි තිබී සොයා ගැනීමට සේවක පිරිසට හැකි වී තිබේ.
දැනගත් රහස සේවකයෝ නිවැසියාට නොදැනෙන්නට ආයතනයේ ප්‍රධානියා ද ගබඩාවටම ගෙනැවිත් පෙන් වූහ.
ඒවා එතැනම තබා පිහිය හා අලවංගුව ඉවතට ගෙන අවැසි ලී කපා ඒවා සිටුවන විට මිය ගිය පුතාගේ පියා බැනර් සවි කරන තැනට පැමිණියේය.
ආයතන ප්‍රධානියා ඒ අවස්ථාවේ දී සේවක පිරිස ඉදිරියේ තබාගෙන “මම හිතුවේ ආයතනය තියෙන්නේ අපේ වැඩපොළේ විතරයි කියලානේ. බැලුවාම එහි උප ඩිපෝවක් දඹදෙණියේත් තියෙනවානේ” යනුවෙන් උපහැරණයක් කීවේය.
එසේ කීවේ ඇයි දැයි විපරම් කළ සේවකයාට දැන ගන්නට ලැබුණේ ඔවුන් ගබඩාවට රිංගා ඇති බවයි.
ඔවුන් අත තිබෙන පිහිය හා අලවංගුව දුටු ඔහුට දෙලොව රත් විය. පුතුගේ අවසන් කටයුතු හා දානය නිම වී ඇතත් ආයතනයට යන්නේ කෙසේදැයි කියා සිතමින් ඔහු තවමත් නිවෙසේ පසු වෙන්නේ ආරක්ෂිතව වසා තිබූ ගබඩාව විවෘත කරපු නිවෙසේ උදවියටම දොස් නගමින්ලු.
මොරගොල්ලාගම
සිසිර කැලේගම
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පුතුගේ අවමඟුලදා තාත්තාගේ කාඩ් කුඩු