මොරගොල්ලාගම සිසිර කැලේගම.
බිරියගේ අතට හිතවතකු ගෙන දුන් පතුරම් පාර්සලයක් පොලීසියට අසු නොවන්නට බිරිය කඩේ වසා දමා සැමියාට ආරක්ෂාව ‘සපයන්නට‘ ඇය එතැනින් නික්ම ගිය පුවතක් බඩගමුව අවට ගමකින් අසන්නට ලැබුණි.
බඩගමුව රක්ෂිතය අවට කඩ කාමර පෙළකි. දිවා කාලයට වඩා රාත්‍රි කාලයේ මෙහි වෙළඳාම්වල නියැලෙන පිරිස් වැඩිය.
මෙහි වෙළඳාම් කරන මුවාවෙන් සිදුවෙන ජාවාරම්ද එමටය.
එය ප්‍රසිද්ධ රහසකි. මේ නිසා එය කණවැකුණු පොලිස් අංශ පැමිණ කඩ කාමර පරීක්ෂා කිරීම් කරන අවස්ථාද තිබේ.
මේ තත්ත්වය හමුවේ වැරදි කරන අය මෙන්ම වැරදි නොකරන යාබද කඩ කාමරවල අය පසුවන්නේද දෙගිඩියාවෙනි.
නානා පිරිස් පැමිණෙති. වැලි ටිපර් රථ ඇතුළු දුර ගමන් යන වාහන මෙහි නතර වුණි. මෙහි විඩා හරිමින් බඩ ඉරිඟු කරලක හා රොටියක රස පහස ලබන්නේ ඔවුන් ඒ අතරවාරයේය.
සෙනඟ තදබදය අතරේ කඩ කාමරයක තනිවම සේවය කිරීම බිරියකට අසීරු කරුණකි. එය එසේ වුවත් දිරිය බිරියක එහි රාත්‍රි තනිවම සේවය කළාය. ආදායම හොඳ වුවත් සැමියාගෙන් කිසිදු සහනයක් නැත.ඒ ඔහු පදම ඉක්මවා සිටින බැවිනි.
ඒ අතරේ සැමියා සොයා හිතවතෙක් කඩේට ගොඩ වැදුණේය.
“අක්කේ අයියා පතුරම් වගයක් ගේන්න කිව්වා. මේක දෙන්න.” ඔහු ගෙනා පාර්සලය ඇයට දුන්නාය. ඔහු එතැනින් නික්ම ගියේය.
ඒ සැණින් පොලිස් ජීප් රථයක් පාරේ නැවතුණි.
ගෙනා පතුරම් අල්ලන්න පොලීසිය ආව බවට සැකය උපදවාගෙන ඇය විදුලි පහන් නිව්වාය. කඩේ වසන බව කීවාය. ආදායමක් උපයන්නට අවස්ථාව ඇතත් ඇතුළත සිටි පිරිස පවා පිටතට දමා ඇය එතැනින් නික්ම සැමියා සොයා ගියාය.
“තමුසේ අරකට මොකටද, පතුරම් ගේන්න කිව්වේ. ගෙනැත් දෙන කොටම පොලිසියත් එතැනට ආවා. මෝඩ වැඩ කරන්න එපා. මගේ ඥානාන්විතභාවය හමුවේ තමුසේ අද බේරුණා කියලා හිතනවා.” ඇය පුරසාරම් දෙඩුවාය.
“බය වෙන්න එපා. අපි හොර ජඩ වැඩ කරන්නේ නැහැනේ. පොලිසිය නෙමෙයි කවුරු හිටියත් ඔයා කඩේ අරින්න. ඒවා පතුරම් නෙමෙයි. ඔයා යන්න.” ඔහු කීවේය.
ඒ අනුව ආපසු කඩේට ගිය ඇය එය විවෘත කොට ගෙනා පතුරම් පාර්සලය ලෙහා බැලීමේදී දැක ගන්නට ලැබුණේ ප්‍රදේශයේ බොහොමයක් “පතුරම්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නේ බීඩී වර්ගයක්ලු.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
“පතුරම්’’ බීඩියට බය වී කඩෙත් වසා ගිහින්