හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
මිතුරකුගේ නිවෙසේ පැවැත්වෙන පින්කමක් සඳහා සහභාගිවීමට යන බව පවසා අනියම් බිරියගේ නිවෙසට ගොස් පෙම්සුව විඳිමින් සිටියදී යතුරුපැදිය ගංවතුරේ ගසාගෙන යාම නිසා අකරතැබ්යකට මුහුණ දුන් පුද්ගලයකු පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
ව්‍යාපාරිකයකු සිය බිරිය සමග නගරයේ නිවෙසක ජීවත්ව සිට ඇති අතර බිරිය රජයේ රැකියාවක නිරත වන ප්‍රියමනාප තැනැත්තියක් වූවාය. එහෙත් සැමියා නිතර කෙළිලොල් ජීවිතයකට ප්‍රිය කළ දඩබ්බරයෙක් විය. දෙදෙනා ඉතා සතුටින් සමාදානයෙන් ජීවත් වූ අතර බිරියට හොරා සැමියා කාන්තාවක සමග අනියම් ඇසුරක් පැවැත්වීය.
ඇතැම් දිනවල රාත්‍රි කාලයේ බිරියට කුමක් හෝ කරුණක් පවසා අනියම් ඇසුර සොයා යාමට ඔහු පුරුදුව සිටියහ. මිතුරකුගේ නිවෙසේ පැවැත්වෙන පින්කමක් සඳහා සහභාගි වීමට යන බව බිරියට පවසා පසුගිය දිනක රාත්‍රි අටට පමණ යතුරුපැදියේ නැගී සැමියා පිටත්ව ගොස් තිබේ. සැමියා පිළිබඳව කිසිම දිනක සැකයක් නොසිතූවේ වෙනදාටත් එවැනි ගමන් යන ඔහු පෙරළා නිවෙසට එන්නේ පසුදා උදෑසන වන නිසාය.
යතුරුපැදියේ නැගුණු සැමියා සිය අනියම් පෙම්වතියගේ නිවෙසට ගොඩවදින විට සිහින් වැස්සක්ද ඇද හැලෙන්නට විය. පහත්බිමක හුදෙකලා ස්ථානයක පිහිටි දෙමහල් නිවෙසේ පසුපස කොටසේ යතුරුපැදිය නතර කර නිවසේ උඩු මහලට යන විට සිය පෙම්වතිය ඔහු පිළිගැනීම සඳහා සූදානමින් සිටියාය.
දෙදෙනාම සිත් සේ පෙම් සුව විඳිමින් පැය කිහිපයක් ගතවෙද්දී සිහින් පොද වැස්ස ගිගුරුම් සහිත මහා වැස්සක් බවට පරිවර්තනය වුවද ඔවුනට එය දැනුනේ නැත. ධාරානිපාත වැස්ස මහා ජල ගැලීමක් දක්වා වර්ධනය වී නිවෙස අසල ඇත් ඔය දෙගොඩ තලා යමින් පිටාර ගලන්නට විය.
අලුයම් කාලයේ අසල්වැසි නිවෙසකින් කාන්තාවට ලැබුණු දුරකතන ඇමතුමෙන් පැවසුනේ ගංවතුර ගලන බවය. ප්‍රදේශයේම විදුලිය විසන්ධි වී තිබුණු අතර විදුලි පන්දම් ආලෝකයෙන් පහත මාලය දෙස බලන විට එය අඩි පහක පමණ ජලකඳකින් යටවී තිබුණු දුටු දෙදෙනාගේ ඉහමොළ රත්විය.
යතුරුපැදිය පෙනෙන්නට නොතිබූ අතර එය ජලයෙන් යටවී ඇතැයි සිතූ දෙදෙනා පහත මාලයේ තිබූ බඩු බාහිරාදිය ඉහත මාලයට ගෙනැවිත් දමන්නට උත්සාහ කළද එයද නිෂ්ඵල විය. පසුදිනට පහන්වුවද ගංවතුර සැලකියයුතු ප්‍රමාණයක් බැසගොස් නොතිබූ අතර පහළට බැස බලන විට යතුරුපැදිය නැති බව දුටු මුදලාලිට දෙවියන් සිහිවූයේය. යතුරුපැදිය ජලයේ ගසාගෙන ගොස් ඇත. ගංවතුර තත්ත්වය පිළිබඳව විපරම් කිරීමට පැමිණි ප්‍රදේශවාසීන්ට කාන්තාවගේ නිවෙසේ සිටි මුදලාලිව අඳුනා ගැනීමට වැඩි වේලාවක් ගත නොවීය.
එකිනෙකා අතර පැතිර ගිය කසුකුසුව වැඩි වේලාවක් යන්නට පෙර මුදලාලිගේ බිරියගේ කනට වැටුනේ මිතුරියක මාර්ගයෙනි. බිරිය දරු දෙදෙනා සමග පැමිණ මුදලාලිට කන් අගුළුවැටෙන සේ දේශනාවක් දුන්නාය. මුදලාලි නිවෙසට යන විට බිරිඳ දරු දෙදෙනා සමග මහගෙදර ගොස් සිටියාය. දින කිහියක් ගතවෙද්දී යතුරුපැදිය කුඹුරු යායක තිබී හමුවූ අතර යතුරුපැදිය කුඩා ලොරි රථයක පටවාගෙන කඩේට රැගෙන ආවේය. මුදලාලි මුහුණ දුන් අකරතැබ්බය ප්‍රදේශය පුරා පැතිර ගොස් තිබූ නිසා වෙළෙඳ සල වසා දමා මුදලාලි නිවෙසට වී සිටින බව පැවසේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
පින්කමට යනවා කියා තහනම් ගහට නැග්ග මුදලාලිට ඇබැද්දියක්