මංගල උත්සවය සඳහා සූදානම් වීමට දියණියගේ බැංකු ගිණුමේ මුදල් ගැනීමට යාමේදී මවුපියන් මුහුණ දුන් අපහසුතාවක් ගැන දකුණේ ගම්මානයකින් අසන්නට ලැබේ. සිද්ධිය මෙසේය.
මවුපියන්ට ඉතාමත් පියකරු ලස්සන දියණියක් සිටියාය. පවුලේ එකම දරුවා වූ ඇයට මවුපියන් දැඩි ආදරයක් දැක්වූ අතර, මවුපියෝ ගොවිතැනින් උපයා ගන්නා මුදල් දියණියගේ බැංකු ගිණුමක තැන්පත් කිරීමට කටයුතු කළහ.
ඇය පාසල් යන වයසේදී ඇති කරගත් ඇසුරක් මත ගොඩ නගාගත් ආදර සබඳතාවයක් පවත්වාගෙන ගිය තරුණයකු, තමා විවාහයට තෝරාගෙන ඇති බව තරුණිය මවුපියන්ට පැවැසුවාය. මවුපියන් තරුණයාගේ වතගොත විපරම් කර බැලීමේදී, අසල ගමක වත්පෝසත් කම් අතින් අඩු, පවුල් පසු බිමට නොගැළපෙන අයකු බැවින් එම තරුණයා සමග විවාහ වීම සුදුසු නැති බව මවුපියෝ දියණියට කීහ. ඔවුහු ඊට විරුද්ධත්වය පළ කළහ.
තරුණිය මේ ගැන තරුණයාට දැනුම් දීමෙන් පසු තරුණයා යෝජනා කළේ “මවුපියන්ට හොරා විවාහ වෙමු” කියාය. ඒ සඳහා දිනයක්ද නියම කෙරිණි. එම අදහසට එකඟ වූ තරුණිය, වියදමට මුදල් තම බැංකු ගිණුමෙන් ලබා ගැනීමටද තීරණය කළාය.
එක් දිනක් නගරයේ බැංකුව වෙත ගිය තරුණිය සහ තරුණයා තරුණියගේ බැංකු ගිණුමෙන් විශාල මුදලක් ලබා ගත්හ. මුදල් ගත් ඔවුන් රෙදි පිළි කඩයකට ගොස් තරුණියට අවශ්‍ය සාරි, ගවුම් රෙදි ආදි අවශ්‍ය දේ මිලට ගැනීමෙන් පසුව, ඉතිරි මුදල් ටික තරුණයාට දී ඇයට අවශ්‍ය රත්රන් බඩු මිලට ගන්නා ලෙස ඉල්ලා සිටියාය.
නියම කරගත් දිනයට විවාහ වීමේ අපේක්ෂාවෙන් පසු වූ තරුණියට, තම පෙම්වතා කලින් මෙන් ඇමැතුම් නොදී, හමු වීම මග හරිමින් කාලය ගෙවී යන අතරතුර නියම කරගත් විවාහ වීමේ දිනයද පසුවී ගියේය. ඉතාම වේදනාවට පත්ව සිටින ඇයගේ නමට තැපෑලෙන්, ලියුමක් ලැබුණි. එය තම පෙම්වතාගෙන් බව දැනගත් ඇය ලිපිය විවෘත කර බැලීය.“ආදර......., මම ඔයා සමග විවාහ වෙනවට දෙමාපියන් කැමැති නැහැනේ. මොකටද දෙමාපියන්ගෙ හිත රිද්දවන්නෙ. අර සල්ලි වලින් මම මගේ ඥාති නැගණියක විවාහ කරගන්නට කටයුතු කළා. මම ඇය සමග දැන් ජීවත් වෙනවා. ඔයාගෙ සල්ලි පුළුවන් දවසක මම ආපසු දෙන්නම්. කළ උදව්වට බොහොම ස්තුතියි ! මීට - ආදරෙන් සිටි ....... මම වෙමි.
ලිපිය කියවීමෙන් පසු මළානිකව ගිය තරුණිය තම කාමරයේ ඇඳට ගොස් සිදුව ඇති අවාසනාවන්ත තත්වය ගැන කඳුළු සලන්නට විය. මවුපිය විරෝධයෙන් පෙම්වතාත්, මුදලුත් අහිමිවීම ගැන ඇය දුක් වූවාය.
මාවරල ජී.එස්. මද්දුමගේ
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පෙම්වතියගෙන් ඇද්ද සල්ලිවලින් පෙම්වතා වෙන දීගයක් කරගෙන