මොරගොල්ලාගම සිසිර කැලේගම
අනියම් කතකගේ පෙම් සුවය ලබන්නට ගිය විවාහකයකුට ඇය රැගෙන දේවාලයකට යාමට සිදු වූ පුවතක් වයඹ පළාතේ ගමකින් අසන්නට ලැබුණි.
ඔහු විවාහකයෙකි. ඔහු හා බිරිය මෙන්ම දරුවෝද රාජ්‍ය සේවයේ නියැලෙති.
අනියම් කතද විවාහක ගෘහනියකි. දරුවෝ අධ්‍යාපනය ලබන වයසේ පසුවෙති. සැමියා කුලී වැඩ කරමින් දිවි පෙවතට උර දෙන අයෙකි.
ඔහු හා ඇය ප්‍රදේශ දෙකක පදිංචිව සිටිති. ඔහු සේවය කරන්නේ ඇතුගල්පුර අවටය. රාජකාරිය සඳහා යන එන අතරවාරයේ දී ඔහුගේ සිත ඇදී ගියේ හැඩකාර ලස්සන කතක දෙසටය.
නිතර යන එන ගමනේ කෙසේ හෝ ඇයගේ ජංගම දුරකථන අංකය ඉල්ලා ගැනීමට ඔහු සමත් විය.
කලක් තිස්සේ නිවෙස්වලට හොරා දුරකථනයෙන් කතා කළ නමුත් සමීපව හමුවීමට නොහැකි විය.
ඔහුගේ ඇරයුමට අවනත වූ ඇය දිනක් නිවැසියන්ට බොරු කියා කුරුණෑගල නගරයට පැමිණියාය.
ඇය එන තුරා මග බලා සිටි ඔහු වහ වහා කුලී රථයක් ගෙන ඇය කැටුව හෝටලයකට පිය නැගුවේය.
ඇය සමඟ එහි කතා කරමින් ආ ගිය තොරතුරු විමසන අතරේ ඇයගේ ගෙල බැදි පාට පාට නූලක් ඔහුගේ නෙත ගැටුණි.
“අනේ කාන්තාවක මාල පලදින්න ඕනෑ සමාජයක ඇයි ඔයාලා මේ තවමත් ගතානුගතික ක්‍රමවලට ඇබ්බැහි වන්නේ” යැයි කියා ඔහු එම නූල කඩා දැම්මේ ය.
ගත වූවේ නිමේෂයකි. කතා කළ ඇය වෙනස් වූවාය. ඇස් ලොකු කරගෙන අසිහියෙන් කෑ ගසන්නට වූවාය.
කිසිදාක මෙවැනි සිදුවීමක් දැක නැති ඔහු හෝටල් කාමරය තුළ අසරණ විය.
හෝටල් කළමනාකරුට කතා කළේය. කට්ටිය එහි පැමිණියහ. ඇය යක්ෂ ආරූඪව එක එක දේ කියයි. එම භාෂාව කිසිවකුටත් නොතේරෙයි.
නගරයට කතා කොට කුලී රථයක් ගෙන ආවේය.
හෝටල් ගාස්තුව ගෙවා හැඳුනුම්පත් දෙකත් ගත් ඔහු සියලුදෙනාගේ සහයෝගය ඇතිව ඇය කුලි රථයට නංවා ගත්තේය.
එදින කෙම්මුර දිනයකි. මේ නිසා නගරය අවට ප්‍රසිද්ධියක් උසුලන දේවාලයකට කුලී රථ රියැදුරුගේ අනු දැනුම මත ඇයව රැගෙන ගියේය.
අසිහියෙන් සිටින ඇයගෙන් එම දෙවාලේ කපුවා කරුණු විමසීය.
ඇයට ප්‍රේත බැල්මක් තිබූ හෙයින් එය ඉවත් කරන්නට පෙර ඇයට ඇප නූලක් ගමේ දේවාලයක කපුවකු දමා ඇත්තේ තාවකාලික විසඳුමක් ලෙසටය.
ඒ ගැන නොදත් ඇය කැටුව හෝටලයට පැමිණි තැනැත්තා බෙල්ලේ තිබූ පාට නූල කැඩීමෙන් මේ අලකලංචිය සිදු වී ඇති බව හෙළි වූ අතර නැවත ඇයට ඇප නූලක් දමා සිහිකර ඇයව ගෙදර යාමට බස් රථයකට නංවා නින්දාවෙන් බේරුණු ඔහුට ඒ වනවිට හෝටල් ගාස්තු, කුලී රථ ගාස්තු හා ඇයට සන්තෝෂම් දීමනා ගෙවීමට අමතරව දේවාලයට පමණක් රුපියල් විසිපන් දහසකට වැඩි මුදලක් ගෙවීමට සිදු වූ බවත් පෙම් සුව විදින්නට යකින්නක කැටුව ගිය බවත් පවසන ඔහු තවමත් බියෙන් හා තැති ගැන්මෙන් යුතුව පසුවෙනවාලු.
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
දකුණු ලක අග නගරයට සමීප ප‍්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන
මෙය සබරගමුව පළාතේ බලංගොඩට නොදුරු එක්තරා ගම්මානයක සිදුවූ අපූරු සිදුවීමකි. හෙතෙම මේ එදිනෙදා කුලී රැකියාවේ සිටි අයෙකි. විවාහකව සිටි අතර දරුවෝ කිහිප දෙනෙ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ‍්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ‍්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
පෙම්සුව විඳින්න ගිහින් ඇප නූල කැඩී යකා වැහිලා