IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


පරෙස්සමට දුන් මැණික් කළුගල් වෙලා

 රුවන්වැල්ල - විමලරත්න සමරක්කොඩි 


කඳු මුදුනක ගල් පර්වතයක තිබී ගොඩගත් නිධානයක තිබූ මැණික් ගල් කීපයක් ඊට සම්බන්ධ පුද්ගලයෙකුගේ නිවසක පරෙස්සමට තැබීමෙන් පසු කළුගල් කැබැලි බවට පත්වීමේ පුදුම පුවතක් අඟු‍රුවැල්ල නගරයට නුදුරින් පිහිටි ගම්මානයකින් අසන්නට ලැබිණි.
නිධානය ගැනීමට තීරණය කළ ගම්වැසි තරුණයෝ පිරිසක් හිතවතෙකුගේ මාර්ගයෙන් මාතර ප්‍රදේශයේ යකැදුරෙකු ද මෙකී කාර්යයට සම්බන්ධ කර ගත්හ. අනතුරුව කතිකා කරගත් පරිදි රාත්‍රී කාලයේ කඳු මුදුනට ගොස් අවශ්‍ය පුදපූජා කිරීමෙන් පසු නිධානය ගොඩගෙන තිබේ. 
එහිදී එහි තිබූ පාත්‍රයක මැණික් ගල් කීපයක් තිබී ඇති අතර යකැදුරා පවසා ඇත්තේ තවදුරටත් පුදපූජා කීපයක් පැවැත්වීමට ඇති බැවින් පිරිසේ කෙනෙකු එම ගල් සති තුනක් පමණ යනතුරු සඟවා පරෙස්සම් කළ යුතුව ඇති බවය. එහිදී එයින් බියට පත්වූ කීප දෙනෙකු ඊට අකමැත්ත පළකළ නමුත් එක් තරුණයෙක් වගකීම භාරගත්තේය.


අනතුරුව අදාළ බාරහාර සිදුකිරීමෙන් පසු සති තුනක් ඉක්මවීමෙන්  යකැදුරා යළි පැමිණ නිධානය ගැනීමට සහභාගි වූ පිරිස හමුවී තොරතුරු විමසා මැණික් ගල් පරෙස්සමට තැබූ තරුණයා සොයාගෙන ගොස් ඇත .
එවිට තරුණයාද වෙනසක් නොපෙන්වා බෑගයක් යකැදුරා අත තබා එහි ඇත්තේ මැණික් ගල් බව පවසා ඇත. යකැදුරා බෑගය පරීක්ෂා කර බැලූවිට එහි මැණික් ගල් වෙනුවට කළුගල් කැබැලි කීපයක් තිබූ නිසා පුදුමයට පත්වී කරුණු විමසා ඇත. එහිදී තරුණයා පවසා ඇත්තේ බෑගය පරෙස්සම් කළා මිසක් ඉන්පසු සිදුවී ඇත්තේ කුමක්ද කියා තමන් නොදන්නා බවය.
හොර රහසේ සිදුකළ බැවින් මේ පිළිබඳව පොලිසියට ද පැමිණිලි කළ නොහැකි නිසා පිරිස තරුණයාට නොසෑහෙන ලෙස බැනවදිමින් නික්ම ගොස් තිබේ. මෙකී සිද්ධියෙන් දින කීපයකට පසු තරුණයා ගමෙන් පිටවී අතුරුදන්ව ආගිය අතක් දැනගැනීමට නොහැකි වී ඇති බැව් මෙහිදී මේ පිළිබඳව අදහස් දැක්වූ ගම්වාසීහු පැවසූහ.

 



අදහස් (0)

පරෙස්සමට දුන් මැණික් කළුගල් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 205 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 457 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1004 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 876 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2315 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 804 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 205 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1127 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site