IMG-LOGO

2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා


පොලිස් ලොක්කාගේ සපත්තු වාෂ්ප වෙලා

විහාරස්ථානයක පැවැති ආගමික උත්සවයකට සහභාගි වී එළියට එන අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයකුගේ  සපත්තු යුගල ගලවා තිබූ තැනින් එර්දිවී  තිබීමේ පුවතක්  ඉකුත් දා වාර්තා විය.
විහාරස්ථානයක ධාතු ප්‍රදර්ශනයකට සමගාමීව පැවැති උත්සවයකි. ප්‍රදේශයේ පොලිසිය මගින් අවශ්‍ය සියලු‍ ආරක්ෂක රැකවල් යොදා තිබිණි. පොලිස් ස්ථානාධිපතිවරයාද මෙහි කටයුතුවලට පුද්ගලිකවම සහභාගී වී කටයුතු කරන ලද්දේ හොඳ බොදුනුවකු වශයෙනි .
සර්වඥ ධාතු ප්‍රදර්ශනය ආරම්භ වූ අවස්ථා වේ ඊට වන්දනා මාන කිරීම සඳහා මෙම ස්ථානාධිපතිවරයාද ගියේ බැති සිතිණි. ඔහු විහාර භූමියට ඇතුළු වූයේ නිල ඇඳුමේ කොටසක් වූ සපත්තු යුගල දොරකඩ ගලවා තබාය. 
වන්දනාවේ යෙදුණු ඔහු ටික වේලාවකින් එළියට පැමිණ සපත්තු යුගල පැලඳ ගැනීමට සොයා බලද්දී ඒ දක්නට තිබුණේ නැත. සහායක නිලධාරින් ඒ බව දැන ගත් පසු අවට පිරික්සා බැලු‍වත් සොයා ගැනීමට හැකි වූයේද නැත. විහාරස්ථානයට පැමිණි කිසිවකු ස්ථානාධිපතිවරයාගේ සපත්තු යුගල සොරාගෙන ගොස් ඇති බවට සැක පහළ වුණේ ඉන් අනතුරුවය.
බොහෝ වේලාවක් විහාරස්ථානයේ රැඳී සිටීමේ බලාපොරොත්තුවෙන් පැමිණ සිටි ස්ථානාධිපතිවරයා කර කියාගත දෙයක් නොහැකිව නිල රියට ගොඩවී පොලිස් ස්ථානය කරා ගියේ වෙනත් සපත්තු යුගලක් පැලඳ ආපසු විහාරස්ථානයට එන අදහස ඇතිවය.

 මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි



අදහස් (0)

පොලිස් ලොක්කාගේ සපත්තු වාෂ්ප වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

මාමණ්ඩිට කසිප්පු විකුණා මඟු‍ලත් කැඩිලා
2025 අප්‍රේල් මස 01 269 0

සිය පෙම්වතියගේ පියාට කසිප්පු අලෙවි කිරීමට ගොස් ප්‍රේමය අහිමි කර ගත් තරුණයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.


පදමට ගහලා බසයත් මිස්වෙලා
2025 මාර්තු මස 31 520 0

සයනයක සුව පහසු මෙට්ටයකට වඩා සිය සැමියා මහ මග හිටගෙන නිදි දෙව් දුවගේ පහස විදීම හමුවේ රාත්‍රී සේවාව සඳහා යාමට සූදානමින් සිටි විවාහක බිරිය දැඩි අසරණතාවයක


පාඩමක් උගන්වන්න ගිහින් ආපස්සට කැරකිලා
2025 මාර්තු මස 29 312 0

පතලේ බාසුන්නැහැට දෙන්න ගිය දඬුවම ගෝලයාටම පත්තු වූ පුවතක් රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා ගමක පතලකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.


හැටහතර මායමෙන් දඩ නොකා බේරිලා
2025 මාර්තු මස 28 1758 3

බිරියට දැවැද්දට දුන් කාරය සැමියා රියදුරු බලපත්‍රයක් නොමැතිව පදවා ගෙන යද්දී බිරියගේ හැටහතර මායමෙන් දඩයක් නොගෙවා බේරී ගිය පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් ව


චාන්ස් එකෙන් අනූනවයෙන් බේරිලා
2025 මාර්තු මස 27 1248 3

ඇය රජරට අග නගරයෙන් ඊශාන දෙසට පිහිටි ගොවි ගම්මානයක ජීවත් වූ ගෙවිලියකි. මැදිවියෙහි පසුවන ඇය සෝබමාන පෙනුමින් පසුවන්නියකි.


ලෝබකමෙන් මඟුලත් කැඩිලා
2025 මාර්තු මස 26 965 2

තැනට සුදුසු නුවණ භාවිත නොකිරීම සහ අධික ලෝබය නිසා වෙන්නට සිටි සහකාරියක තරුණයකුට අහිමි වූ සිදුවීමක් කුණ්ඩසාල ප‍්‍රදේශයේ කුඩා නගරයකින් අසන්නට ලැබුණි.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 117 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 719 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 761 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site