මොරගොල්ලාගම සිසිර කැලේගම
තමාගේ විවාහක සැමියා අනියම් සම්බන්ධතාවයක් පැවැත් වූ බවට ඔප්පු කරන්නට ගිය අවට වැසියන්ට එම සැමියාගේ බිරිය දුන් උත්තරයෙන් රැස්ව සිටි පිරිසේ දත කට පූට්ටු වු පුවතක් ගැන යාපහු පුරවරයෙන් අසන්නට ලැබුණි.
විවාහක අඹු සැමියන් දෙදෙනා තරුණ වියේ සිට පෙම්වතුන් ලෙසට වසර ගණනාවක් ඇසුරු කොට ඔවුන් කවුද යන්න හඳුනාගෙන විවාහ වූ දෙපලකි.
දෙදෙනාම රාජ්‍ය සේවාවේ නියැලෙන අතර ඔවුනගේ දියණියෝ දෙදෙනා ද රාජ්‍ය අංශවල සේවය කරති.
මවුපිය දෙදෙනාගේ සමීපතාවය ගැන දරුවෝද කතා කරති. අන් අයට මේ දෙදෙනාගේ ඇසුර ආදර්ශයකි.
එහෙත් සමගිය දෙදරවන වැඩක් කරන්නට පිරිසක් වෙර දරමින් සිටියහ.
දිනක් නිවසේ සැමියා රැඳී සිටියේ තනියමය. ඒ ඔහු එදින නිවාඩුවක් අරගෙන සිටි නිසාය.
අවට අය ඔහු පමණක් ගෙදර සිටින බවත් බිරිය හා දරුවන් රැකියා සඳහා පිටවී ගොස් ඇති බවත් දැන සිටියහ.
එදින නිවසට ගමේ කාන්තාවක ගොඩ වැදුණාය. ඇය සෑහෙන වේලාවක් නිවසේ රැඳී සිටියාය. අවට අය ඇස් කන් අයාගෙන ඒ දෙස විපරම් කළහ.
බොහෝ වේලාවකට පසුව පැමිණි කාන්තාව පා ගමනින් පිටවී ගියාය. ඒ සමගම එහි නිවෙස් හිමිකරුවා ද යතුරුපැදියෙන් නිවසෙන් පාරට ගොඩ වුවා පමණි.
අවට රැස්ව සිටි අය ඔහු වටකර ගත්තේය “අද නම් වැඬේ අහුවුණා. හිටපන් අද ගෑනිට කියනවා. අද තමයි නිවසේ සාමය කුඩු පට්ටම් කරන දවස” යැයි හඩ නැගුහ.
පා ගමනින් යන කත කිසිවක් නොදැන ඉදිරියටම ගියාය.
ඔහු එහි පිරිස ඇමැතුවේය.
“මට පුළුවන් දෙයක් මං කරනවා. අපි දෙන්නා කැමැති නම් උඹලාට මොකද?
පාර දෙසින් ඇසෙන්නේ ශබ්දයකි. එය බලන්නට මෙන් නිවසේ දොර ඇරියාය. කතක් එතැනට ගියාය.
ඇය එනු දුටු පිරිස ”අන්න අක්කා එනවා. ඇයි අයියේ අද අක්කා වැඩට ගියේ නැද්ද? “කියා අසමින් එතැනින් පැන යන්නට හැදූහ.
දුවන්නට නොදී ඔවුන් නවතා ගත් සැමියා වෙච්ච දේ එතැනට ආ තම බිරියට කීවේය.
“ඒ නංගි ආවේ මං හමු වෙන්න. අමු කැලෑ ගිනි අවුලන එවුන්ට ඔවුන්ගේ වැඩක් බලාගෙන ඉන්න කියන්න. මං මේ හති දාගෙන දුවගෙන ආවේ ඔයාට කරදරයක් ද කියලා බලන්න. පරක්කු වෙන්නේ නැතිව යන ගමන ඔයා යන්න” කියා ඇය ආපසු ගෙට ගියාය.
එවිට “ඇද්ද අහ ගත්තා” පැවසු සැමියාත් ගමන යන්නට යතුරු පැදිය පණ ගැන්වුවාලු.
අලෙවි කිරීමට තිබූ බෝංචි කරලක් කාපු නිසා තරුණයන් දෙදෙනකුට රුපියල් විස්සක් වෙළෙන්දාට දීමට සිදු වූ පුවතක් හාලිඇළ නගරයෙන් වාර්තා වේ. සිද්ධිය මෙසේය.
තමාගේ විවාහක සැමියා අනියම් සම්බන්ධතාවයක් පැවැත් වූ බවට ඔප්පු කරන්නට ගිය අවට වැසියන්ට එම සැමියාගේ බිරිය දුන් උත්තරයෙන් රැස්ව සිටි පිරිසේ දත කට පූට්ටු
වැලැන්ටයින් දා මල් කලඹක් දී අනියම් පෙම්වතිය හමුවී පෙම් සුව විදින්නට ගිය විදුහල්පතිවරයකුට ගම්වාසීන් එක්ව පහර දුන් බවට තොරතුරක් වයඹ පළාතෙන් වාර්තා වෙය
පියාගේ පාදයක අසනීපයකට බඳින්නට සාදන ලද බෙහෙත් මැල්ලුම සහ නිවසේ අාහාරයට පිසින ලද පළා මැල්ලුම මාරුවී අනුභව කිරීමෙන් අපුරු අකරතැබ්බකට මුහුණ පෑමට ලක්වු
අඩු මුදලට බිත්තර ආප්ප කන්නට ගිය තරුණ පිරිසක් පිළිබඳ පුවතකි.සිද්ධිය මෙසේ ය. එය අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටි තේ වෙළෙඳ සලකි.
මී හරක් පට්ටියකට හිමිකම් කියූ කිරි ගොවියකුට ‘‘අමුඩය” අමතක වීම නිසා තම එකම පුතු අලුත විවාහ කර ගත් ලේලිය අමනාප වී නිවසින් පිටව ගිය අපූරු පුවතක් වැව් බැඳ
නව කිලෝ ග්‍රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
පවුල් කඩන්න ගිහින් රෙදි ගලෝගෙන